channeling saha thawath sewa kihipayaka VAT iwathata

May 25, 2018
43
18
0
ausHOZC.png


ජූලි මස 1 වන දා සිට වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත මෙතෙක් පනවා තිබු සියයට 15 ක් වු වැට් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා පනවා ඇති බදු මුදල්වල කිසිදු වෙනස් වීමක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ඉල්ලීමක් මත
මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර 2020 වන විට රජයේ මුළු අයවැයෙන් සියයට 5ක් සෞඛ්‍ය සඳහා වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.