me wage podi lamay gana asamanya asawak thiyenawa neda umbalata?
බලාගෙන ගියාම උබලාගේ පිරිමි විතරක් නෙවෙයි ගෑනුත් එහෙමනේ
@Al Baik
වයස අවුරුදු අටක දැරියකගේ නිරුවත් ඡයාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියකට අදාළව ඇප මත මුදා හැර සිටි සැකකාර කාන්තාවක් අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හා වින්දිතයන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05) බොරැල්ල පොලිසියට
නියෝග කළා.
කොළඹ ප්‍රදේශයේ පදිංචි
ෆාතිමා නුස්රා නමැති සැකකාර කාන්තාවක් එසේ අත්අඩංගුවට ගැනීමට නියම කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින සැකකාර කාන්තාව මෙම සිද්ධියේ පැමිණිලිකාරියට හා වින්දත දැරියට විවිධ බලපෑම් කර ඇති බව පවසමින් ඔවුන් පැමිණිල්ලක් කර ඇති බැවින් එම සැකකාර කාන්තාව නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.
මෙලෙස ඇප මත මුදා හැර සිටින සැකකාරිය සහ ඇයගේ මව ඉකුත් 28 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙම සිද්ධියේ පැමිණිලිකාරියට සහ වින්දිත දැරියට අගතියක් වන ආකාරයෙන් කරුණු වාර්තා කර තිබෙන බවද බොරැල්ල පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.
ඇප මත සිටියදී මෙවැනි ක්‍රියාවක් කිරීම අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව පෙනී යන බැවින් වින්දිතයන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.