CHIMPANZEE ~ චිම්පන්සි භාෂාව හඳුනා ගනී

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    CHIMPANZEE ~ චිම්පන්සි භාෂාව හඳුනා ගනී

    චිම්පන්සි භාෂාව හඳුනා ගනී

    140704093107_chimpanzee_624x351_afp.jpg


    චිම්පන්සීන් ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා යොදා ගන්නා හස්ත මුද්‍රා සහ ඉරියව් හඳුනා ගත් බව ස්කොට්ලන්ත විද්‍යාඥයෝ පවසති.

    උගන්ඩාවේ චිම්පන්සීන් නිරීක්ෂණය කළ මෙම විද්‍යාඥයින් විශ්වාස කරන්නේ නිශ්චිත අදහසක් කියා පාන ඉරියව්, හස්ත මුද්‍රා සහ ක්‍රියා හැට හයක් පමණ හඳුනා ගත් බවයි.

    140704102908_chimpanze_familia_624x351_getty.jpg


    සහකරුවෙකු හෝ සහකාරියක ආකර්ෂණය කර ගැනීමට ශාක පත් ඉරු ලෑටි ගෑම සහ තම අකමැත්ත ප්‍රකාශ කිරීමට රැහේ වෙනත් සාමාජිකයෙකුට තඩි බෑම වැනි දෑ මෙම විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අතර වෙයි.

    140704110108__76043811_b5f1b0dd-18ee-46d7-948b-3d9a2d20a6d8.jpg


    හිතා මතා කරන අදහස් හුවමාරුව ප්‍රගුණ කළ එකම සත්ව වර්ගයා මිනිසා පමණක් නොවන බව මෙම සමීක්ෂණයෙන් ඔප්පු වන බවයි ඉහත කී විද්‍යාඥයන් පවසන්නේ.


    140704034111_chimpanzees_624x351_afp.jpg


    මෙම නිගමනවලට පැමිණීම සඳහා උගන්ඩාවේ චිම්පන්සින් රූ ගත කරමින් සිදුවීම් පන්දහසක් පමණ පරීක්ෂාවට ලක් කර තිබේ.​


    BBC HERE