මෙහේ මාකට් එකේ නැති අමුතුම අයිටම් එකක් ගේනවා නම් ඊට අදාළ රාජ්‍ය ආයතනයෙන් විශේෂ අවසරයක් ගන්න වෙනවා. උදාහරණයකට, ලංකාවේ දැනට නැති අළුත් මොඩල් එකක් ෆෝන් වර්ගයක් ගේනවා නම්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) Type Approval එක ගන්න ඕනේ. Type Approval එක ගන්නවා කියන්නේ ලේසි වැඩක් නම් නෙවෙයි. ඒකට නිශ්පාදන සමාගමට හිමිව ඇති ජාත්‍යන්තර ප්‍රමිති සහතික පිටපත් ගෙන්න ගන්න ඕනේ, තව ගොඩාක් වැඩ තියෙනවා.