අනූවේ දශකයේ මුල මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි උසස් අධ්‍යාපනය ලබද්දී චීන ජාතිකයෙකුත් එහි ඉගෙන ගත්තා. ඔහු සරණාගතයෙක්, එහෙම නැතිනම් රිෆියුජී කෙනෙක්. සරණාගත වීමට හේතුව, ඔහු 70හෝ 80 දශකයේ චීනයේ ජීවත් වෙද්දී "ඉංග්‍රීසි'' ඉගෙන ගන්නවා රජයට අසු වීමයි. එකල තිබුන නීතිය අනුව රජයේ අනුදැනුමක් නැතුව ඉංග්‍රීසි (විදේශ භාෂා) ඉගෙන ගැනීම බරපතල වරදක්. ඒ වගේම රජයේ අනුදැනුම මත විදේශ භාෂා ඉගෙන ගැනීමට අවසර දී තිබුනේ විදේශ සේවයට හෝ රජයේ පරිවර්තන කටයුතු වැනි අවශ්‍යතා සඳහා ඉතාම සුළු පිරිසකට පමණක් බවයි ඔහු කිව්වේ. කෙසේ හෝ රජයේ ඔත්තු සේවයට අසු නොවී පන බේරාගෙන තායිලන්තයට පැන ගොස් එතනින් ඔස්ට්‍රේලියාවට ඒමට ඔහුට හැකියාව ලැබුනත් ඔහුගේ පවුලේ සියල්ලන්ම "අතුරුදහන්" වී තිබුනා. එහෙම තත්වයක හිටපු චීන්නු මේ තරමටවත් ඉංග්‍රීසි කතා කරනවා හොඳටම ඇති.