එකම කොම්පැණිය,එකම බර
ඇයි මේ මිලේ වෙනස....
මේ ජිල්මාට් දකිද්දී..
ජීවත් වෙලා හිටියනං අද 52 වැනි උපන් දිනේ සමරන,පුතා ඉස්කෝලෙට යන පළවෙනි දවසෙ එයාගෙ අලුත් ගේ අස්සෙම , වෙඩි තියල අමු අමුවෙ මරාදැම්ම රොෂාන් පී.එච්.අයි. මහත්තය මතක් වුනා...
"පුංචි උන් බලන්න යද්දි පැණිරස ,පිටි ගොඩවල් උස්සං යන්ඩ එපා..පළතුරක් ගෙනියනවනං කොච්චර ශෝක්ද ?
අම්මලා එක්ක ළමයින්ගේ පෝෂණය ගැන කතා කරන්න වෙච්ච වෙලාවක මාතර වැඩමුළුවකදී මං කිව්ව මතකයි..
"ඔහේ නං කියයි මහත්තය..කෝ සල්ලි දීල ගන්ඩවත් හරි පළතුරක්..?..තිබුනත් වහ නාවපු ඒව ..අස්ප ගණන්..."
"මල පැන්න "එක අම්මෙක් කීව මතකයි...
එතකොට මං සෞඛ්‍ය සේවයට ආපු අලුත...
ඒ සිද්ධිය මට මතක් වුනේ අද කඩුවෙල හෝටලේක රෑ තිබ්බ සමන්ගේ හෝම් කමිං එකට ගියාම වල් පල් කියවමින් බයිට් කන ගමන් එක මිත්‍රයෙක් කියපු කතාවක් හින්ද ..
"මචං මේ හෝටලේ ලඟම ගෙදර තියෙන ගෙදරක ඉන්න අපේ නංගි කෙනෙක්ගෙ පුංචි දුවෙක් දැක බලාගෙන ටිකක් කතා කරන්නත් හිතිල...වටේ සුපර් මාර්කට් වල පළතුරු හෙව්වෙ..
..අනික පඩි දවස පහුවෙලා දවස් දහයකින් පස්සෙ රාජ්‍ය සේවකයෙක් හිතන විදිහටත් හිතන්ඩ එපායැ..
ඊලඟ තේරීම චොක්ලට්...
"පැණිරස ගොඩ ගහන්නෙ නැතුව හොඳ චොක්ලට් එකක් සාධාරණ ගානකට ගන්න ඕන..පොඩි එකෙක්ට දෙන හින්ද මොනා දාලද හදල තියෙන්නෙ කියල බලලම ගන්ඩ ඕන.."
ඊලඟට වෙච්ච ඇබැද්දිය වනේ වන හතුරෙක්ටවත් වෙන්ඩ එපා.. ..කවද හරි..ලේබල් බැලුව කෙනෙක්නං..එයාලට මේක වෙලා ඇති..කොහොමත්..පී.එච්.අයි. මහත්තුරු කියන එකට ගරු කරන්න ඕන නිසා චොක්ලට් ගන්න කලින් ලේබල් බැලුව...
ෆුල් හොල්මන් අප්පා ඇත්තටම...
මට ඕන වුනේ චොක්ලට්...
ඒත් චොක්ලට් වගේ තිබුනට නම් හැට හුට හමාරක්...
සමහර ඒව චොකෝ...සමහර ඒව බැකෝද මන්ද ?
ඇයි අප්පා...මෙහෙම කරන්නෙ මේ මොකෝ ?
ඊලඟ එක අමුතු ප්‍රශ්නයක් !
එකම බර..එකක් චොකෝ !
අනික චොක්ලට්....!
දෙකේ ...මිලේ පට්ට වෙනසක්...
චොකෝ...480 වෙද්දි..චොක්ලට් 900 යි..
අහන්නකෝ..
ඊලඟ එක ඊටත් වඩා පැටලිලි..
එකක කොකෝවා බටර් ලු ..ඒ ගණන් එක..
ලාබ එකේ කොකෝවා පිටිලු...
දෙකේම වර්ණක,කල් තියා ගන්න රසායන පුරෝලා...
" චොකෝ කියල පුංචි එකාට වහ හරි ,නොදන්න මගුල් කවන්නෙ මොකෝ අපි තරහ කාරයොද ?"
එහෙම හිතල පෙට්ටි කඩේ අත්තම්ම ලඟින් නං නං ,ලාවුළු,උගුරැස්ස කලවම් පාර්සලයක් අරන් පොඩි එකාට ගිහින් දුන්න...
කතාව අහවර වෙද්දි බයිට් කාලම ඒකාගෙ ඇස් බාගෙට පියවෙන්න ගනිමින් තිබුන....
ඒ නිසා ඒ වෙනස ගැන කියල කතාව අවුස්සගෙන ඒ කොම්පැණි කාරයින්ගෙයි, මෙහෙම ලේබල් වලින් කොලේ වහන්න දෙන සමහර බලධාරීන්ගෙයි අම්ම මතක් කරන්න ඕන වුනේ නෑ..මට...
අනික මේක හොඳටම දිගෑරල කියන්න පුලුවන් පී.එච්.අයි.මහත්තයෙකුට..
ඕව විස්තර කරන්න ගිහින් මරා දමාපු රොෂාන් මහත්තයගෙ උපන් දිනෙත් අද ..
එතුමාට නිවන් සුව ලැබේවා...
කොහොමත් "එකෙක් මරා දමන කොට තව සිය දහසක් උපදිනව කියල "විජේ මහත්තය කිව්වනෙ.
රොෂාන් මැරුවත් ,ඒ පාරෙ යමින් අපේ රටේ මිනිස්සු ආහාර මාෆියාවෙන් ,වස විසෙන් බේරගන්න ඕන කියල හදවතින් ම වැඩ කරන පී.එච්.අයි. මහත්තුරුයි ආහාර ක්ෂේත්රයේ වෙනත් නිලධාරීනුයි ඉන්නව.
ඒ අයට මං කියන්නෙ පුලුවන් නං අර චොකෝ..චොක්ලට්,බැකෝ..මැකෝ..මොකෝ..ලේබල් ජිල්මාට් මගේ යාළුව වගේ අයට කියා දෙන්ඩ කියල ආයුබෝං...
ජානක සුනෙත් බණ්ඩාර
08.03.2025
කඩුවෙලදී..
(මේකෙ නම වහල එක කොම්පැණියක බඩු විතරක් තිබුනට අනික් අයගෙත් ඔය වගේ වංගු වැඩ කෝටියයි)
උපුටා ගැනීමකි.
මුල් සබැඳිය
https://www.facebook.com/share/p/167V7zegaG/

