උඹ මචං මම දාපු සම්පූර්ණ පොස්ට් එක කියවපන් . මම කිව්වේ මොකක්ද කියලා නියමෙට වැටහෙයි සහ හරි උත්තරේ හම්බ වෙයි![]()
තව තව පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි විය යුතුයි..රජයෙ uni යන ගොඩයන්ට තමුන්ට උගන්නන එකා phd ගත්තෙත් සල්ලි ගෙවලා පිටරට ප්‍රයිවට් uni වලින් කියන එක හුගක් වෙලාවට අමතක වෙනවා..

ඔතන ඇවිත් කෑ ගහන්නේ තමන්ගේ අනාගතේ වෙනුවෙන් නෙමේ මචන් ...ඉප දෙන්න ඉන්න දරුවන් ගේ අද්යාපනය වෙනුවෙන් කන්නන්ගර මහත්තයා නිදහස් අද්යපනේ පිහිටෙන් අපිනම් ගොඩ ගියා ....අපිටත් පුළුවන් ඇස කන පියාගෙන ඉන්න මොකද අපි ගොඩනේ ...එහෙම හිතලා අපිට කලින් හිටිය අයත් එහෙම හිතුවනම්
අද්යාපන දවල පත්‍රිකාවෙන් අපේ නිදහස් අයිතිය හමාර වෙලා...තාරා හැරල්ඩ් වාර්තා එන්න දෙයක් නැහැ.....සන්තෝසයි තාරා හැරල්ඩ් වාර්තාව ගෙන එනකොට එකට විරුධව අපිටත් යම් දායකත්වයක් දෙන්න පුළුවන් උන එක.....අද මේ උගුර ලේ රහ වෙන කල් මහපාරේ දුක් විදින්නේ හෙට බිහිවෙන දරුවන් නිසා ම නෙමේද?..මෙතන කිසිම ආත්මාර්ථ ගතියක් නැහැ....අනිවාර්යයෙන්ම පාසල් පද්දතියට වගේම ( එකින් එක වැහිලා යනවා පේනවා ඇතිනේ)...අනාගතේ විස්වාවිද්යාලත් පත් වෙන එක වැලක් වන්න ...මේ විදිහට ඉන්න මිනිස්සු එක්ක කවදාවත් බැහැ ......අනාගතේ අපිට අවුලක් නැහැ ....මොකද අපේ දරුවන්ට අපිට වියදම් කරන්න පුළුවන්....එත් .....................ඉතුරු ටික හිතා ගනිල්ලා.....තව මද්යම පන්තියක් වගේම නිර්දන පන්තියකුත් මේ රටේ ඉන්නවා කියලා
ඇයි අර මම යෝජනා කරපු ක්‍රමයට එකග වෙන්න බැරි.....එක හරිම සාදාරන කරමයක්නේ ...විරුධව මත පල කරන්නෙත් නැහැ...බොරුවට ජෙප්ප ජෙප්ප කියලා කෑ ගහන එක විතරයි කරන්නේ


මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බන් රජයේ විශ්වවිද්‍යාල වලට යන උන්ගෙවත් ප්‍රයිවට් වලට යන උන්ගෙවත් නෙමේ .මොකද ? මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා එක දෙයක් .ඒක මම ආයෙත් කියන්නම් .ඒතමා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "බඩගින්නේ ඉන්න මිනිහට කන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලීපිතක් දෙන්න කියලා . "
…ඒකෙන් කියන්නේ මාළුවෙක් දුන්නොත් ඒ මිනිහා ඒ මාළුවා කාලා ඉවර කරනවා .පස්සෙ ආයෙත් බඩගිනි උනෝත් ආයෙත් මාළු දි දි ඉන්න වෙනවා .ඒත් බිලී පිත්තක් දුන්නොත් ඒ මනුස්සයා මාළු තනියම අල්ලගන්නවා වගේම වැඩි වුනොත් වෙලඳාමක් හරි කරලා දියුණු වෙයි .
…ඒත් අපේ රටේ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන්නේ .ඒත් ඒක හොඳයි .ඒකේ කිසි වැරැද්දක් නැහැ .මොකද අපි උනත් ඒ නිකන් ලැබුන අධ්‍යාපනයේ පන්නරය නිස තමා මෙහෙම වචනයක් හරි කොටා ගන්නේ .හැබැයි එ නිදහස් අධ්‍යාපනය තුල ළමයාට සෑම විටකම උගන්වන්නේ හැම දේම නිකන් ඉල්ලගෙන ජීවත් වෙන්න මිසක් තනියෙන් ගොඩ නැඟෙන්නේ කොහොමද කියන එක නෙමේ .උදාහරන ලෙස .දැන් බලන්න 1 වසරෙන් ඉස්කොලේට ඇතුලත් වෙනකොටම ළමයාව 5 වසරේ ශිෂ්‍යත්වෙට මරවනවා .මොකටද ? ඉන්න ඉස්කොලේට වඩා හොඳ පහසුකම් ඇති ඉස්කෝලයක් නිකන් ලබා ගන්න .පස්සේ 6 වසරේ ඉඳන් O/L වෙනකම් ටියුෂන් පන්ති යව යව මරවනවා .මොකටද ? දැනුම වර්ධනයටද ? නිර්මාණ ශිලී කුසලතා වර්ධනයටද ? නැහැ .එකේන් කරන්නේ නිකන් තියෙන උසස්පෙළ කරන්න පිරිසක් තෝරාගන්නත් උසස්පෙළ කරන්න ඉස්කොලේට වඩා වැඩි පහසුකම් තියෙන ඉස්කොලේයක් නිකන් ලබා ගන්නත් .
…මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා .
…දැන් මම එන්නම් අඉක් කාරණාවට .අපි බලමු ඇයි මේ පෞද්ගලික අධ්‍යාපනය ඇති වුනේ ? සරලම උත්තරේ තමා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැහැ හැම ළමයටම අ උසස් ධ්‍යාපනය දෙන්න .එතකොට කවුරු කියයි "ඉතිං රජයේ කැම්පස් වල පහසුකම් වැඩි කරලා හදලා ගත්තනම් හරිනේ .එතකොට ඔය ප්‍රශ්නේ නැහැ නේ ." ඔව් ඒක තමා අරිම උත්තරේ .එත්කොට කවුද මේ පහසු කම් වැඩි කරන්න ඕනේ කියලා ඇහැව්වොත් කවුරු උනත් දෙන උත්තරේ තමා ආණ්ඩුව කියලා . ඒත් මම නම් ඒකට පොඩ්ඩක් එකඟයි .ඒත් සම්පූර්ණයෙන් එකඟ නැහැ .ඒ මොකද දන්නවද ? ලංකාවේ මොන පක්ෂෙක මොන ආණ්ඩු තිබ්බත් ඔය විද්යට වියදම් කරන්න බැහැ .මේ දැන් තියෙන තුප්පහි ආණ්ඩුවට නම් කොහොමත් බැහැ .ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් සීමාවන් තියෙනවා .එත කොට කවුරු හරි අහයි .එහෙනම් යකෝ කවුද මෙව්වා හදලා දෙන්නේ ? කියලා
එව්වා කරන්න ඕනේ පරිත්‍යාග වලින් .ඒ කියන්නේ රටේ ඉන්න ධනවතුන්ගේයි ,සහ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන ඉහලට ගියා කියන අයගේයි පරිත්‍යාග වලින් .උදාහරණ කියනවානම් .හාර්වර්ඩ් උනිවර් සිටි එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 32.7 යි .ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික දල ජාතිඅ නිෂ්පාදිත අගයෙන් භාගෙක අගය .ස්ටෑන්ෆර්ඩ් යුනිවර්සිටිඑකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 17.04 යි. MIT එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන11 යි.
…මේ තුනේම පරිත්‍යාග මුදල එක්කහු කළොට් අපෙ රටේ දළ්ජාතික නිෂ්පාදිත අගයට සමාන වෙනවා .ඉතිං ඒ විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් නෙමේ ඒ සල්ලි දෙන්නේ .එව්වයේ ඉගෙන ගත්ත මිනිස්සු , එව්වයේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමාපියන් ,අරමුදල් ආයතන ,සහ ධනවතුන් (බිල්ගේට්ස් ,ලොව්රන්ස් එලිසන් ,වොරන් බෆට් වගේ අය ....) .එතකොට ඉන්දියාව් තත්වෙත් එහෙම තමා .ඉතිං අපේ රටේ විශ්ව විද්‍යාලවලින් බිහිවුණා කියන ශ්‍රේෂ්ඨ මිනිස්සු නිකන් ඉගෙන ගන්න ලැබිච්ච තැනට හරි ආකාරව කෙළේගුණේ දැක්වුවා නම් මෙහෙම වෙනවද ? .හැබැයි ඉතිං ඒ මිනිස්සුන්ට බැනලාවැඩකුත් නැහැ එක අතකට .මොකද අපෙ රටේ මේ වයසට යවා අධ්‍යාපන ක්‍රම වේදය නිසා වයස පැන්නාහාම ඕනිම එකෙක් බලන්නේ තමනේ පෞද්ගලික සුඛවිහරණය ගැන විතරයි ,ඉතිං තෙරෙනවා ඇතිනේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ? ඒක නිසා මේක ඇතුලේ පෞද්ගලික රජයේ කියලා බෙදිලා බොරුවට එක එකාගේ ලොකුකම පෙන්න පෙන්න මරා ගත්තට තේරුමක් නැහැ .පුළුවන්නම් මේ ක්‍රමේ වෙනස් කරන්න බලපන් ඒකතු වෙලා .
…




100% agreeරිදිලා
මොනවද බං උබලගෙ මේ පිම්පි වැඩ ?බොරුවට දුප්පත් මිනිහට කිඹුල් කදුලු හල හල ඌගෙම අද්යාපනේටම කෙළවන්නෙ ?
මෙතන අමුඩෙ ගහං කුඹුරෙ ඉන්න එකාගෙ ළමයින්ගෙ අද්යාපනය වෙනුවෙන් කෑ ගහන්නෙ උඹද ? මමද ?
හිටු මම උඹට තේරෙන බාසාවෙන් කියලා දෙන්නම්
අපේ සීයලත් අමුඩේ ගහං තමා හිටියෙ. ඒ උන්දැලගෙ කැමැත්ත. අපේ අයියලට ඕනේ උනේත් කුඹුරක් කොටාගෙන හොද ගොවියෙක් වෙන්න. මට ඕනේ උනේ වෙන දෙයක්. ඒ හින්දා අයියලා කුඹුර කොටාගෙන පාඩුවෙ හිටියා නිදහස් අද්යාපනය තිබ්බ හින්දා අපි කැම්පස් ආවා. ඒ උනත් උඹලා ඔය ආවඩන පෞද්ගලික අද්යාපනය තිබ්බ නම් මට ජීවිතේට කැම්පස් එකකට අඩිය තියන්න වෙන්නෙ නැහැ කොච්චර ආසාව තිබ්බත්. ආණ්ඩුවෙ කැම්පස් මේ ආණ්ඩුව කන විදිහට මට හිතෙයි ආණ්ඩුවෙ එකකට ගිහිං වැඩක් නෑ රස්සාවක් හම්බෙන එකක් නෑ කියලා. මට වෙන කොරන්න දෙයක් නෑ අමුඩෙ ගහං කුඹුරු කොටනවා ඇරෙන්න. ඇයි අපිට සල්ලි නෑ නේ. කෝ බොලගේ ප්‍රයිවට් අද්යාපනයෙන් මට කැමති දෙයක් ඉගෙනගන්න හම්බුනාද ගොබිලෝ ?
කලින් උපාදි විකුණනාවා..
දැන් අධ්‍යාපනය විකුණනාවා..
මෙතන ඉන්න එවුන්ට උසස් පෙල කරන කරලා campus එන්න, සල්ලි ගෙවාගෙන කේසිරි සර්ගේ, දුශ්‍යන්ත සර්ගේ, කලුආරච්චි සර්ගේ පන්ති වලට යද්දි, තව වැඩිපුර group clss එකට යද්දි, තව අම්බානට ගෙදරට ගෙනල්ල private individual කරද්දි හොඳයි...
පොඩ්ඩක් හිතලා බලන්න. ඒ private classes (private education) වලින් තමන්ට ඒ විෂය දැනුම නොලැබුනානම්... අද ඔය ගන්න පුලුවන් result එක අරගෙන ඔතනට එන්න පුලුවන්ද කියලා


