වාමාංශික කෙප්ප ජාතකය සහ අධ්‍යාපනය

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    ඕන් අපේ අති බහුතරයක් කියනවනෙ DS කිව්වා කියල කන්නන්ගරට නිදහස් අධ්‍යාපනය දුන්නොත් පොල් කඩන්නත් මිනිස්සු නැති වේවි කියලා....
    ඕක පට්ට පට්ටම කෙප්පයක්නෙ
    ඔය බණ්ඩාරනායක කියපු කතාව අමුවෙන් DS ට පෑටවීම දශක 6 ක් තිස්සෙ අර්ධ වාමාංශික ශ්‍රී ලංකා කාරයො සහ වාමාංශිකයො ගොබෙල්ස් තියරියට ඔළු වල පැල කරවපු බොරු කන්දරාවෙන් තව එකක්
    කවුරු හරි යාන්තම් මොලේ කලදක් තියෙන මිනිහෙක් හිතනවද අගමැති රට ගියාම අගමැතිට හොරෙන් අඩු වයස් වල සිටි අගමැති පුතා ඩඩ්ලියි ජේ ආරුයි පෙරමුණ අරන් පනතක් සම්මත කලා කියලා....
    එහෙම හිතනව නම් ඒක ඉන්න ඕන අඹේවෙල පට්ටිපොල පැත්තෙ
    සාමන්‍යයෙන් ප්‍රතික්ශේප කරන්න බැරි ඉහල මට්ටමේ කෙනෙක් බලකරනකොට බොහෝ නායකයින් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියා මාර්ගයක් තමා එවලෙ ඩී එස් කරන්නෙ ..
    මම යන්නම් උබලා කොරපල්ලා ... (ඕකම තමා යුද්ධයේ අවසන් මොහොතේ මහින්ද ඉරානෙට ගිහින් කලේ... )
    බණ්ඩාරනායකගෙ විරෝධය නිසා කරන්න බැරි දේ DS ගියාට පස්සෙ ඩඩ්ලිලා ජේ ආර් ලා ඒ රත්නාකලා කන්නන්ගර එක්ක කලේ
    ( නිදහස් අධ්‍යාපනය ඒ රත්නායක ගෙ යෝජනාවක් - හෑබැයි එයාගෙ මිනිබිරී තමා යුද්දෙන් පස්සෙ රාජපක්ශලට PhD බෙදුවෙ - සැට් එකම පාවිච්චි කලේ නම් නෑ
    😀
    )
    කොහොම හරි බණ්ඩා ගේම අතෑරියද..... නෑ බණ්ඩ කියන්නෙ එහෙම අතාරින පොරක් නෙමේ...
    පොර කන්නන්ගරව පරද්දන්න මතුගමට දානවා විල්මට් ඒ පෙරේරව... විල්මට් ඒ පෙරේරා කියන්නෙ ලංකාවෙ හිටි විශාලම වෑවිලි කරුවෙක්... Rubber King කියන්නෙ එයාට...
    ඔහුගෙ වියදමින් ශාන්ති නිකේතනය අනුව යමින් හදපු පාසල තමා හොරණ ශ්‍රී පාලි ය.... ඔහුත් පාරම්ප්රික දානපති ධනපති පවුලක පුරුකක්....
    බණ්ඩා කණ්නන්ගරව පරද්දන්න දාන්නෙ තමන්ගේ වියදමෙන් ඉස්කෝල හදල නඩත්තු කරපු විල්මට් ඒ පෙරේරව....
    දැන් වාමාංශිකයො කන්නන්ගරට උදව් කරන්න ඇති නේද....
    😀
    😀
    😀
    කොච්චර උදව් කලාද කිව්වොත් ලංකාවෙ සෑම ආසනයකටම අපේක්ශකයො දාපු ප්‍රධාන විපක්ශය වූ සම සමාජය කන්නන්ගරව පරදවන්න මතුගමට අපේක්ශකයෙකු නොදා විල්මට් ඒ පෙරේරට සහය දෙනවා..
    සූරියමල් ව්‍යාපාරයෙ ඉඳලම සම සමාජකාරයෙක් උනාට ඔහු ඉල්ලන්නෙ ස්වාදීන අපේක්ශකයෙක් ලෙස...
    එවර විල්මට් ඒ පෙරේරට පරදින කන්නන්ගර ගෙදර යනවා
    ඒ විල්මට් ඒ පෙරේරට කලගුණ සලකන්න බණ්ඩා 1956 දි චීනයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපති ලෙස යවනවා...
    අමුවෙන් බණ්ඩගෙ මිනිහෙක් දාල කෙලවපු බව පෙනි පෙනීත් අපේ ගොන් හරක් ටිකව වම්මු මේ වෙනකම්ම අන්දනවා...
    .---------------------------------------/-
    1970 දි වාමාංශික හවුලක් ගහන සිරිමා වතු ජනසතු කරනවා... වතු වලින් නොනැවතී ගෙවලුත් ජනසතු කරනවා ... බේකරිත් ගන්නව - පුරවුම් හලුත් ගන්නව
    ධර්මපාල රටට කරපු එකම හොද දේ වෙන සිංහලයා ආර්ථික අතින් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙන් නැගිටපු සියල්ලෝ සිරිමා බිමට සමතලා කරනවා...
    ඒ ජනසතු කිරීමට විල්මට් ඒ පෙරේරලගෙ අක්කර දස දාස් ගානක් යනවා... එයින් නොනවතින එම රජය ඔහුගේ නිවස ස්වර්ණගිරියත් පවරාගෙන ශ්‍රී සුමංගල බාලිකාවට දෙනවා... ඒ සියල්ල වෙද්දි ඔහුගෙ පරන සම සමාජයේ දේශපාලන සඟයෝ ඒ කැබිනට් එකේම බකන් නිලාගෙන ඉන්නවා විතරක් නොවේ, ඔහුගේ ශ්‍රී පාලියේම උගත් සේන ගුණසේකරත් (අර්ජුනගෙ ලොකු මාමා) මුදල් ඇමති ඈන් ඇම් ගෙ ලේකම් විදිහට ඉන්නවා...
    ------------------------/----/
    ලංකාවෙ අධ්‍යාපනය ගත්තොත්
    නිදහස් අධ්‍යාපනය 1938 - රත්නායක/ කන්නන්ගර (සේනානායක රජය)
    ආහාර ( 65-70) - ඩඩ්ලි සේනානායක රජය
    නොමිලේ පෙල පොත් 1980 - ජේ ආර් ජයවර්ධන රජය
    මහපොල - ලලිත් ඇතුලත්මුදලි (ජයවර්ධන රජය)
    පාසල් නිල ඇදුම් සහ දිවා ආහාරය 1988 - රණසිංහ ප්‍රේමදාස
    ----------------///////----------
    ඉතින් බණ්ඩල මොකෝ කලේ අධ්‍යාපනයට
    නිදහස් අධ්‍යාපනය නවත්වන්න බැරි බව දැක්කම - උන් ඉංග්‍රීසි අධ්‍යාපනය නැවත්තුවා
    තොපි කොච්චර ඉගෙන ගත්තත් අපි තමා බොස්ලා...
    ලංකාවෙ නගරවල විතරක් නොවේ ගම්වල පවා තිබ්බ ඉංග්‍රීසි මාධ්‍ය පාසල් නැති උනේ ඔහොමයි
    ඒ උනාට බලන බලන අත් බ්ණ්ඩාරනායක විඳුහල්
    ඉඩමක් වත් දීල නෙමේ
    බෝඩ් අටවලා



    😍

    නිදහස් අධ්‍යාපනය 1938 - රත්නායක/ කන්නන්ගර (සේනානායක රජය) - UNP
    ආහාර ( 65-70) - ඩඩ්ලි සේනානායක රජය- UNP
    නොමිලේ පෙල පොත් 1980 - ජේ ආර් ජයවර්ධන රජය- UNP
    මහපොල - ලලිත් ඇතුලත්මුදලි (ජයවර්ධන රජය)- UNP
    පාසල් නිල ඇදුම් සහ දිවා ආහාරය 1988 - රණසිංහ ප්‍රේමදාස - UNP

    + නොමිලේ සුරක්ෂා රක්ෂණය, තෝරාගත් සිසුන්ට නොමිලේ සපත්තු - 2015 රනිල් - UNP
    ප්‍රාථමික සිසුන්ට නොම්ලේ අහාර 2024 - රනිල් - UNP