Chords හදාගන්නේ කොහොමද? (Music Lesson)

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Chords හදාගන්නේ කොහොමද? (Music Lesson)

    ගිටාරයක් අතැතිව stage එකක audience එකක් ඉස්සරහා perform කරන්න පුලුවන්නම්!

    steve%20vaif.jpg


    අපි කවුරු වුනත් ගොඩක් ආස කරන දෙයක් තමයි තමන්ගේ යාලුවන්, නෑදැයින් ඉස්සරහා මේ වගේ හැකියාවන් ඉදිරිපත් කරන එක. සමහරු කැමති lead play කරන්න.සමහරු rhythm වලට කැමතියි.සමහර අය guitar එක play කරන ගමන් සින්දු කියන්නත් කැමතියි. ඒක නිසා තමයි බොහෝ ආධුනිකයන් ගිටාරය තමන්නේ කුලුදුල් වාදන භාණ්ඩය විදියට තෝර ගන්නේ. මොකද guitar එකක් play කරද්දි ඒකේ අමුතු ගතියක් තියෙන නිසා.
    සමහර වාදකයන් ගිටාරය play කරන ආකාරය දකින කොට අපිට හිතෙනවා මේක බොහොම පහසු වැඩක්නෙ කියලා.නමුත් ගිටාරයක් අත‍ට ගත්තම තමයි හිතෙන්නේ ඒක පෙනෙන තරම් පහසු නැහැ කියලා. සමහර අයට ඇගිලි හුරු නැහැ. එහෙම නැත්නම් ටික වෙලාවක් play කරන කොට අත රිදෙනවා.එහෙමත් නැත්නම් theory දන්නෙ නැහැ.නොයෙකුත් බාධක.
    හුගක් අය කැමතියි rhythm play කරන්න. මොකද rhythm play කරන ගමන් සිංදුවක් කියන්න වුනත් පුලුවන්නෙ. ඒක නිසා අද අපි rhythm වාදනයට අදාල theory පොඩ්ඩක් බලල ඉමු. ඒක නිසා දිගටම කියවගෙන යන්න.
    හරි..අපි මුලින්ම බලමු Rhythm guitarist කෙනෙක් කියන්නෙ කවුද කියලා. Rhythm play කරන අය නම් දන්නවා ඇති, Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Key board (organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගිටාර් එකකින් rhythm play කිරීම වඩාත් උචිත වෙන්නෙ acoustic play කරද්දි.ඒ කිව්වේ electronic instruments නැතුව play කරන අවස්ථා වලදි.නමුත් එහෙම සීමා කිරීමක් නම් නැහැ.

    මම කිව්වනෙ rhythm වලදි chords වාදනය කිරීමක් වෙන්නේ කියලා. කොහොමද මේ chords play කරන්නෙ.මොනවද දැනගත යුත්තේ?
    මූලික දේ තමයි සිංදුවට අදාල chords ටික දැනගන්න එක. ‍බොහෝ වෙලාවට බහුතරයක් සිංදු වල major chords, minor chords, 7th chords වැනි විවිධ ආකාර වලින් chords එකතු වෙලා තමයි මුලු සිංදුවටම අදාල chords ටික හැදෙන්නේ. නමුත් ආධුනිකයෙක්ට major සහ minor chords ටික දැනගත්තම බොහෝ ගීත (සිංහල) වලට rhythm play කරන්න හැකියාව ලැබෙන බව මම අත්දැකීමෙන් දන්නවා. ඒක නිසා ආරම්භයක් විදියට අද අපි major chords වලින්ම පටන් ගමු.

    මොනවද major chords කියන්නේ. ඒ ගැන ඉගෙන ගන්න කලින් පල්ලෙහා image එක බලන්න.

    Capture3.PNG


    මේ තියෙන්නේ octave එකක්. Music කරල තියෙන අය දන්නව ඇති. Piano එකක හරි Key board එකක හරි මේ වගේ කොටස් කිහිපයක් තියෙනවා දැකල ඇතිනෙ. එහෙනම් අපි octave එකක‍ට අදාල notes ටික බලල ඉමු. මොකද major chords ඉගෙන ගන්න ඒක ගොඩක් වැදගත් වෙන නිසා.පල්ලෙහා image එක බලන්න.

    Capture2.PNG


    මේ රූපයේ C, D, E, F, G, A, B විදියට නම් කරල තියෙන්නේ tones. ඒවා අතර C#, D#, F#, G#, A# විදියට නම් කරල තියෙන්නේ semi tones.(ඒ වගේම අවබෝධ කරගන්න ඕනෙ semi tones දෙකක් කියන්නේ එක tone එකක් කියලා). එතකොට සම්පූර්ණයෙන් ගත්තම 12 ක් තියෙනවා. ඒ අනුව අපිට දල වශයෙන් අදහසකට එන්න පුලුවන් major chords 12ක් තියෙනවා කියලා. නමුත අපි තාම දන්නේ නැහැ කොහොමද major chords හැදෙන්නෙ කියලා. ඒක ඉගෙන ගන්න කලින් major scale කියන theory කොටස ඉගෙන ගන්න වෙනවා.
    ඒක නිසා අපි major scales හැදෙන හැටි බලමු. මේකේදි මම Tone කියන වචනය නිරූපණය කිරීමට (T) අකුරත් Semitone කියන වචනය නිරූපණය කිරීමට (S) අකුරත් භාවිතා කරනවා.
    Scale එකක් කියන්නේ රටාවකට play කරන notes වල එකතුවකට. උදාහරණයක් විදියට අපි හැමෝම දන්න ස, රි, ග, ම, ප, ධ, නි, ස කියන රටාව ගන්න පුලුවන්. මේක හදුන්වන්නේ C major scale එක කියලා. ‍හේතුව අපි මේ scale එක පටන් ගන්නේ “ස”(C) ස්වරයෙන් වීම නිසයි. ඒ වගේම තමයි major scale එකක් හැදෙන්නේ එකම රටාවකට අනුව.ඒ රටාව පල්ලෙහා තියෙනවා.

    Tone, Tone, Semitone, Tone, Tone, Tone, Semitone (T, T, S, T, T, T, S).

    (මේක මතක තියාගන්න)මේ අනුව අපිට C major scale එක හදාගන්න පුලුවන්.

    tss.PNG


    අභ්‍යාසයක් විදියට G major scale එක ලියල බලන්න. ඊට අදාල පිළිතුර මේ ලිපියේ අන්තිමට තියෙනවා. උත්සහ කරල බලන්න.

    දැන් අපි බලමු Major Chord එකක හදාගන්න විදිය.

    ts.PNG


    මේ තියෙන්නේ C major scale එක. Scale එක ඇසුරෙන් major chord එක හදාගන්නේ 1වෙනි, 3වෙනි සහ 5වෙනි notes එකතු කරලා.එතකොට C major chord එකට අදාල notes 3 වෙන්නේ C, E, G කියන notes තුන. පල්ලෙහා image එක බැලුවම මේක තවත් පැහැදිලි වෙයි.
    Capture.PNG

    මේ රතු පාටින් සලකුණු කරල තියෙන්නේ C major chord එක keyboard/ piano එකෙන් play කරද්දි press කරන keys තුන. බලන්න මේ තුන අපි උඩදි ලබාගත්ත notes වලට ගැලපෙනවා නේද කියලා.

    අභ්‍යාසයක් විදියට මේ ආකාරයටම D major chord එකට අදාල notes තුන ලබාගන්න උත්සහ කරන්න. ඊට අදාල පිළිතුර මේ ලිපියේ අන්තිමට තියෙනවා.


    මං හිතනවා ඔයාලට දැන් Chords පිලිබඳව යන්තම් හරි දැනුමක් එන්න ඇති කියලා.


    අභ්‍යාස වලට පිළිතුරු :-

    1).G major scale
    G A B C D E F# G

    2) D major chord
    D F# and A


    ගොඩ කාලෙකින් දීර්ඝ ලිපියක් ලිව්වෙ.මම හිතුව ඒක මේ section එකෙත් පළ කරන්න.මොකද මගේ ගිටාර් thread එක තියෙන help section එකේ අවදානය අඩු නිසා.හැම post එකක්ම මම මෙහෙම දාන්නෙ නෑ.මේක දිග ලිපියක් නිසයි මෙතන දැම්මේ.ගිටාර් ඉගෙන ගන්න ආස කට්ටිය සහ තමන්ගේ දැනුම බෙදාගන්න කැමති කට්ටිය ගිටාර් thread එකට එන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=950591

    ගිටාර් පංතිය හොඳයි නම් රෙප්+ එකකු යි කමෙන්ට් එකකු යි දාල යන්න.

    :D :D