මේ දවස් වල ලංකාවෙ වගේම ලෝකෙ පුරාම කතාවෙන මාතෘකාවක් තමයි Christopher Nolan.
ඒකට හේතුව දවස් කීපයක ඉඳන් Nolan ගෙ The Odyssey ෆිල්ම් එකේ Helen චරිතයට තෝරාගත්තා යැයි සඳහන් වන රංගන ශිල්පිණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන් හරහා ඉදිරිපත් වුණු පරස්පර මත.
ඉතින් මේත් එක්ක ගොඩක් තැන්වල Nolan වර්ණ අන්ධතාවයකින් ඉන්නවද කියලත් posts පලවුණා දකින්න ඇති.
ඒකට උත්තරය 'ඔව්'
Christopher Nolan කියන්නෙ වර්ණ අන්ධතාවයකින් පෙලෙන කෙනෙක්. මේ නිසා ඔහුට රතු සහ කොල වර්ණ හඳුනාගන්න අපහසුයි කියලා සම්මුඛ සාකච්ඡ කීපයක සඳහන් කරලා තිබුණා.
මේ වර්ණ දෙකට අමතරව දම් පැහැය හඳුනගන්නත් ඔහුට අපහසු වෙලා තියනවා. මේ නිසා The Dark Knight ෆිල්ම් එකේ ජෝකර් චරිතයට අදාල ඇඳුම් තෝරද්දි ඒකට දම් වර්ණය යොදා ගැනීමේදි වෙනත් කෙනෙකුගෙ සහය ලබාගන්න පවා සිදුවුණා කියලා BAFTA සම්මාන උළෙලකදි Nolan ප්‍රකාශ කරලා තියනවා.
මෙතන වර්ණ අන්ධතාවය කියන එකෙන් අදහස් වෙන්නෙ Nolan ට කිසිම වර්ණයක් හඳුනාගන්න බැ කියන අර්ථය නෙවෙයි. ඔහුට ප්‍රධාන වශයෙන් කොල, රතු සහ දම් යන වර්ණ වෙනස්ව හඳුනා ගැනීමට ඇති නොහැකියාව පමණයි.
Dunkirk, The Dark Knight, Inception, Interstellar වැනි ඔහුගේ බොහෝ චිත්‍රපට වල , නිල් හා අළු වැනි Warmth පාට වලට නැඹුරු වූ Colour Palette එකක් දැක ගැනීමට ලැබෙන්නෙත් මේකෙ එක ප්‍රතිඵලයක් විදිහට.
________
Homer ගේ සුප්‍රසිද්ධ Odyssey ග්‍රීක මිථ්‍යා කතාව පාදක කරගනිමින් නිපදවූ ඔහුගේ නවතම චිත්‍රපටය වන The Odyssey මේ වසරේ ජූලි මස තිරගතවීමට නියමිතයි.
Sources : BAFTA - Fandome - facts•net | tsml
#ChristopherNolan #TheOdyssey #tsml
උපුටා ගැනීමකි