අපේ ගොඩක් දෙනා දැන් ගූගල් ක්‍රෝම් පාවිච්චි කරන නිසා ක්‍රෝම් වල හැංගිලා තියන වැඩ ටිකක් නොදන්න අයට දැනගන්න දාන්න හිතුන.
මම මේ කියන දේ කරන්න ගොඩක් පරණ ක්‍රෝම් සංස්කරණ වල නම් බැහැ...
බලන්න New Tab එකක් විවෘත කළාම ( Mac : ⌘+T, Windows : Ctrl+T ) ලැබෙන්නෙ මීට සමාන කවුළුවක් ද?
ඊට වඩා නවීන පන්නයේ New Tab එකක් සහ තවත් ගොඩක් පහසුකම් ලබාගන්න කැමති නම් කියවන්න...
මුලින්ම ක්‍රෝම් කවුළුවක් විවෘත කරල about:flags කියන ලිපිනය ඇතුල් කරන්න. එතකොට මේ වගේ පිටුවක් ලැබෙයි...
එහි තියන ලැයිස්තුව කියවලා මෙන්න මේ "Experimental new tab page" කියන තීරුව හොයාගෙන නිල් පාට්න් දක්වා ඇති "Enable" යොමුව මත ක්ලික් කරන්න
ඊට අමතරව තවත් ගොඩක් ප්‍රයෝජනවත් විශේෂාංග මේ ලැයිස්තුවේ තියනවා. අවශ්‍ය විශේෂාංග "Enable" කරලා මතක ඇතුව පිටුවේ පහලින්ම ඇති "Relaunch Now" බොත්තම ක්ලික් කරන්න...
දැන් ලැබෙන ක්‍රෝම් කවුලුවෙන් New Tab පිටුවක් විවෘත කරල බැලුවොත් මෙන්න මේ වගේ කවුලුවක් ලැබෙයි...
මේකෙ මූලිකම විශේෂත්වය තමයි කලින් තිබුනට වඩා පිලිවෙලකට වෙබ් පිටු සහ "Apps" වෙන වෙනම ටැබ් වලට දාල තියන එක. අවශ්‍ය ටැබ් අතර මාරු වීම ඔය නිල් රවුමෙන් දක්වා ඇති යොමු මත ක්ලික් කිරීමෙන් කරන්න පුළුවන්.
අර ලැයිස්තුවේ තිබුණු අනෙක් බොහොම ප්‍රයෝජනවත් විශේෂාංග ක්‍රියාත්මක කරල බලන්න අමතක කරන්න එපා...! ඒ බොහොමයක් එව්වා ක්‍රෝම් වල ඉදිරි සංස්කරණ වලදි විවෘතවම දැකගන්න ලැබේවි.
පහලින් දක්වා ඇත්තෙ මම පාවිච්චි කරන ක්‍රෝම් 13.0.772.0 dev සංස්කරණයේ තියන මේ විශේෂාංග. මේව සංස්කරණයෙන් සංස්කරණයට වෙනස්. සමහර සංස්කරණ වල මේ එකක් වත් නැති වෙන්නත් පුළුවන්

Tab Overview
Swipe down with three fingers on your trackpad to see an overview of all your tabs. Click on a thumbnail to select it. Works great in fullscreen mode.
Remoting
Enable the Remoting client plugin. Warning: This is currently for developer testing only. Unless you are on the dev team and whitelisted, nothing in the enabled UI will work.
CRX-less Web Apps
Enables support for installing Chrome apps that are deployed using a manifest file on a webpage, rather than by packaging the manifest and icons into a crx file.
Override software rendering list
Overrides the built-in software rendering list and enables GPU-acceleration on unsupported system configurations.
GPU compositing on all pages
Uses GPU accelerated compositing on all pages, not just those that include GPU-accelerated layers.
Composited render layer borders
Renders a border around composited Render Layers to help debug and study layer compositing.
FPS counter
Shows a page's actual frame rate, in frames per second, when hardware acceleration is active.
Native Client
Enable support for Native Client.
Experimental Extension APIs
Enables experimental extension APIs. Note that the extension gallery doesn't allow you to upload extensions that use experimental APIs.
Click to play
Enables a "click to play" option in the plug-in content settings.
Disable hyperlink auditing
Disable sending hyperlink auditing pings.
Experimental location features
Enables experimental extensions to the geolocation feature. Includes using operating system location APIs (where available), and sending additional local network configuration data to the Google location service to provide higher accuracy positioning.
Block all third-party cookies
When the option to block third-party cookies from being set is enabled, also block third-party cookies from being read.
Disable HTML5 interactive form validation
Disable showing validation messages and preventing form submission.
Web Audio
Enables the Web Audio API.
P2P API
Enables P2P Pepper API and P2P JavaScript API. The API is under development, and doesn't work yet.
Focus existing tab on open
Typing a URL of an existing tab into the omnibox results in refocusing the tab instead of loading in the current tab.
Experimental new tab page
Enables an in-development redesign of the new tab page.
Run PPAPI Flash in the renderer process
If the PPAPI version of Flash is in use, run it in each renderer process rather than in a dedicated plugin process.
Multiple Profiles
Associates every browser window with a profile, and adds a profile switcher in the upper right corner. Every profile has its own bookmarks, extensions, apps, etc.
Restrict Instant To Search
Restrict Instant to loading only search pages.
ක්‍රෝම් වල හැංගිලා තියන තවත් කවුලු, පහසුකම් හොයන්න කැමති නම් about:about යොමුවට පිවිසිලා බලන්න...!
