Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටලය අද විවෘත වේ..😎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    vyLU2K1.jpeg


    Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටලය අද (15) විවෘත කිරීමට නියමිතයි.

    ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද මෙය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ආයෝජනය ලෙසයි වාර්තා වන්නේ.

    මෙහිදී හෝටල් පහසුකම, ව්‍යාපාර, විවේකය, මෙන්ම විනෝදාස්වාදය ලැබිය හැකි අතර, දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂීම සංචාරක ගමනාන්තයක් ලෙස මෙරට සංචාරක කර්මාන්තයට නවමු අරුතක් එක් කරනවා.

    කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ ශාලා පහසුකම් සහිතයි.එහි අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට සේවාවන් සලසා ගැනීමේ හැකියාව පැවතීම විශේෂත්වයක්.

    නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ස්ථානයක් වනවා.

    Cinnamon Life වෙත පැමිණෙන අමුත්තන්ට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික කණ්ඩායමක් කටයුතු කරනවා.මෙහිදී ප්‍රංශ බිස්ට්‍රෝ සිට අමෙරිකානු ග්‍රිල් දක්වා වූ විවිධ ආහාර රසයන් භුක්ති විඳීමට හැකියි.

    එමෙන්ම විවිධ වයින් වර්ග ඇතුළු ෂැම්පේන් හා කොක්ටේල්වලින් සමන්විත සුවිශේෂී වයින් බාර් එකක් ස්ථාපිතව තිබෙනවා.

    මේ අතර ඉදිරියේදී හෝටලය වෙත එන අමුත්තන්ට වෙනත් ප්‍රණීත සූප ශාස්ත්‍ර අත්දැකීම් රැසක් ලබා දීමටද Cinnamon Life සූදානමින් සිටිනවා.

    හෝටල් පරිශ්‍රය තුල ඇති සිත් ඇද ගන්නා අවකාශයන් හි සුන්දරත්වය හා අලංකාර සැකසුම මංගල උත්සව හා වෙනත් විශේෂ උත්සව සඳහා සුවිශේෂී විවිධත්වයක් මෙන්ම විචිත්‍රත්වයක් එක්කරනු ලබනවා.

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ගිය සිකුරාදා ලක්ශ 2ක කොටස් ගත්තා කීල්ස් උන්ගේ අද 0.70ක් තියාන දුන්නා 8000ක් වගෙ ප්‍රොෆිට්😂