The Mall at One Galle Face 2019 දී_විවෘත_වේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    The Mall at One Galle Face 2019 දී_විවෘත_වේ

    කොළඹ නගරයේ සාප්පු සවාරියේ පෙරළියක් ඇතිකරන The Mall at One Galle Face

    4_Shopping-Mall-Atrium.jpg



    සුඛෝපභෝගී නිවාස, රැකියා ස්ථාන සහ විනෝදාශ්වාදය සමගින්, ජාත්‍යන්තර තලයේ භාණ්ඩ හා සේවා රැසක් එක්තැන් කරන සුවිශේෂී ව්‍යාපෘතියක සමාරම්භය

    3_Mall-Facade.jpg


    ශ‍්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ සුඛෝපභෝගී සුපිරි සාප්පු සංකීර්ණයක් ලෙස විවෘත වීමට නියමිත The Mall at One Galle Face සඳහා එහි ප‍්‍රධාන පාර්ශ්වකරුවන් සමග බදු ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා පැවති විශේෂ උත්සවයකදී සිදුකෙරිණි.

    මෙම ප‍්‍රධාන පාර්ශ්වකරුවන් වන ඔඩෙල් පීඑල්සී, කීල්ස් සුපර්, ෆුඞ් ස්ටුඩියෝ සහ පී.වී.ආර්. සිනමාස් යන සමාගම් මෙන්ම ෂැංග‍්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සමාගමේ නියෝජිතයන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ජනමාධ්‍ය නියෝජිතයන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම අවස්ථාව සංකේතවත් කරමින් The Mall හි ප‍්‍රධාන බදු ගිවිසුම් අත්සන් කළ සමාගම් වෙත රන්වන් ගඩොලක් බැගින් ප‍්‍රදානය කරන ලදි.

    The Mall යනු, මෙරට ප‍්‍රථම වරට ජාත්‍යන්තර සමාගමක් විසින් ඉදිකරනු ලබන සහ එම සමාගම මගින් කළමනාකරණය කරනු ලබන මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන One Galle Face හි කොටසකි. ෂැංග‍්‍රි-ලා සමාගම මගින් පාලනය වන එම ව්‍යාපෘතිය 2019 වසරේ දෙවැනි කාර්තුවේදී අවසන් කර විවෘත කිරීමට සැලසුම් කර ඇත. වෙරළ තීරයට නුදුරින්, ඉහළම ප‍්‍රමිතියකින් යුතුව ඉදිවන මෙය කොළඹ නගරයේ අභිමානය වනු නොඅනුමාන ය.

    මෙම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියට මහල් නිවාස කුලූනු දෙකක්, කාර්යාල කුලූනක්, සාප්පු සංකීර්ණයක් සහ හෝටලයක් ඇතුළත් වේ. කොළඹ නගරයේ සුන්දරත්වය මනාව විඳගත හැකි ආකාරයට, ඉහළම තලයේ පහසුකම් සහිතව ඉදිවන The Residences at One Galle Face එහි නිවැසියන්ට වෙන්වූ විශේෂ සමාජයකින්ද යුක්තය. වර්ග අඩි 600,000 ක ඉඩකඩකින් හා ලොව විශිෂ්ටතම කාර්යාලයීය පහසුකම් වලින් යුක්තව The Offices at One Galle Face ඉදිවේ. ලොව හෝටල් ක්ෂේත‍්‍රයේ ඉහළින්ම වැජඹෙන ෂැංග‍්‍රි-ලා හෝටලය සිය සුපුරුදු සත්කාරය නොඅඩුව අමුත්තන් වෙත ලබාදෙයි. දැනටමත් The Residences හි නිවාස 70% කට වැඩියෙන් අලෙවි වී ඇති අතර The Mall හි සාප්පු අතරින් අඩකටත් වඩා බදු පදනම යටතේ ලබා දී ඇත. තවද The Offices හි කාර්යාල කල්බදු පදනම යටතේ ලබාගැනීමේ අවස්ථාව දැන් විවෘත වී තිබේ.

    5_Shopping-Mall-Rooftop-A.jpg

    he Mall at One Galle Face යනු කොයිකාටත් ගැළපෙන සියලූ දේ එකම තැනකින් හමුවන සුවිශේෂී ස්ථානයකි. දේශීය හා ජාත්‍යන්තර තලයේ ඉහළම සන්නාම යටතේ එන නිෂ්පාදන මෙන්ම එළිමහන් අවන්හල් ආදිය ඇතුළුව ආහාරපාන අලෙවිසල් 40 කට වැඩි සංඛ්‍යාවක්, ස්ටී‍්‍රට් මාකට් බසාර් වර්ගයේ අලෙවිසැල් පෙළක්, දරුවන් සඳහා විශාල අභ්‍යන්තර ක‍්‍රීඩාපිටියක් සහ වර්ග අඩි 480,000 කට වැඩි වපසරියක විසිරුණු අලෙවිසල් 250 කට අධික සංඛ්‍යාවක් මීට ඇතුළත් වනු ඇත.

    අලූතින් හඳුන්වා දෙන ලද සන්නාම කිහිපයක්ද The Mall තුළදී පාරිභෝගිකයන්ට හමුවනු ඇත. Tex-Mex-style ආහාරපාන මිලදීගත හැකි, ඇමරිකානු ආපනශාලා ව්‍යාපාරයකට අයත් Chili’s ආපනශාලාවක්, ඕස්ටේ‍්‍රලියානු ග‍්‍රිල්ඞ් චිකන් ආපනශාලාවක් වන Oporto, ඩුබායි හි සුප‍්‍රකට සෙල්ලම් බඩු අලෙවිසැලක් වන The Toy Store මෙන්ම සුප‍්‍රකට ඇඟලූම් හා විලාසිතා සන්නාම වන Diesel, Michael Kors, Armani Exchange සහ Emporio Armani අලෙවිසැල්ද මෙහි විවෘත වේ. තවද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දරුවන් සඳහාම වෙන්වූ සිනමා ශාලාවක් ඇතුළුව සිනමාහල් 9 කින් සමන්විත සිනමා සංකීර්ණයක්ද ඉදිවන අතර ලොව විනෝදාත්මක සේවා ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන PVR Cinemas සමාගම විසින් මෙය කළමනාකරණය කරනු ලැබේ.

    1_One-Galle-Face.jpg

    The Mall හි ප‍්‍රධාන පාර්ශ්වකරුවන් වන්නේ එම ක්ෂේත‍්‍රයන්හි ඉදිරියෙන්ම සිටින සමාගම් ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ලැයිස්තුගත පාරිභෝගික වෙළඳ සමාගම වන ඔඩෙල් පීඑල්සී මෙරට ප‍්‍රථම ‘ඩිපාට්මන්ට් ස්ටෝර්’ වර්ගයේ අලෙවිසැලද වේ. මේ වනවිට නිෂ්පාදන වර්ග 1,500 කට අධික සංඛ්‍යාවක් එහි අලෙවිය සඳහා තබා ඇති අතර ඉන් බහුතරයක් දේශීයව සපයාගත් නිෂ්පාදන ය.

    කීල්ස් සුපර් යනු මෙරට ප‍්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාල අතරින් එකකි. එම සමාගම තම ප‍්‍රථම gourmet වර්ගයේ අලෙවිසැල The Mall at One Galle Face හි විවෘත කිරීමට නියමිත අතර එය ශ‍්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.

    2_One-Galle-Face-Surroundin.jpg

    ෆුඞ් ස්ටුඩියෝ යනු සුවිශේෂී ජාත්‍යන්තර ‘ෆුඞ් කෝට්’ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක වන අපනශාලාවකි. ඉහළම වර්ගයේ ආහාරවල සිට ස්ටී‍්‍රට් ෆුඞ් වර්ගයේ ආහාර දක්වා පුළුල් පරාසයක පැතිරුණු ආහාරපාන මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙනු ඇත.

    පී.වී.ආර්. සමාගම ඉන්දියාවේ විශාලතම සහ ප‍්‍රමුඛතම චිත‍්‍රපට ප‍්‍රදර්ශන සමාගමක් වන අතර එය ශ‍්‍රී ලංකාවට පිවිසෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි. එම සමාගම විසින් The Mall තුළ සිනමා ශාලා 9 කින් යුත් සිනමා සංකීර්ණයක් විවෘත කරනු ඇති අතර එය මෙරට විශාලතම හා නවීනතම සිනමා සංකීර්ණය වනු ඇත.

    සුඛෝපභෝගී සාප්පු සවාරි අත්දැකීම් සමගින්, ජාත්‍යන්තර තලයේ භාණ්ඩ හා සේවාවන් රැසක් එක්තැන් කරන The Mall at One Galle Face ශ‍්‍රී ලාංකිකයන්ට නැවුම් හා ආනන්දනීය අත්දැකීමක් ගෙනදෙනු නොඅනුමාන ය.

    One Galle Face යනු ෂැංග‍්‍රි-ලා සමූහයේ සාඩම්බර ව්‍යාපෘතියකි.​


     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,332
    113
    හඳට කිට්ටුව
    The Mall at One Galle Face ශ‍්‍රී ලාංකිකයන්ට නැවුම් හා ආනන්දනීය අත්දැකීමක් ගෙනදෙනු නොඅනුමාන ය -
    Ow, salli thiye nam...
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    I heard there is a similar concept opening up in Colombo City center in this year June, where a shopping mall, international food court run by food studio and 6 Cinema hall run by PVR cinema's