CKC or KASL Register කරන්නෙ කොහොමද?
මචංලා මම රොට්වයලර් බලු පැටියෙක් ගත්තා. හැබැයි ඌ register එකෙක් නෙමෙයි. ඒක වුණේ මෙහෙමයි.
මම තොරණ හන්දියේ තියෙන pet shop එකට ගියාම උන් කිව්වා රොට්වයලර් පැටව් ඉවරයි තව ටිකකින් ගේනවා කියලා. කොහෙන්ද ගේන්නෙ කියලා ඇහුවම කිව්වෙ කඩවතින් කියලා. ඉතින් මම කිව්වා මමත් කඩවත, එහෙනම් මම ආයෙ මෙහේ එන්න ඕනි නැහැනෙ, මට කඩවතින්ම ඌව අරන් දෙන්න කියලා. පස්සෙ මම බුවාලත් එක්ක කඩවත ගියාම උන් මාව මඟ නවත්තලා ගෙදරකට ගිහින් රොට්වයලර් පැටව් දෙන්නෙක් ගෙනාවා. එක්කෙනෙක් 25,000/ යි.
මාව ඒ ගෙදරට එක්කගෙන නොගියේ උන්ට ගාන කපාගන්න බැරි නිසා. උන් අතරමැදියො ජාතියක් නෙ. කොහොමින් කොහොම හරි කමක් නැහැ. පැටව් දෙන්නා බෝල ගෙඩි 2 වගේ හොඳ ලස්සනට ඉන්නවා. දැක්කම ආසාවෙ බෑ. කිසිම අවුලක් නෑ. පාරෙ අයිනෙ ඉඳගෙනම මම එක්කෙනෙක් ගත්තා. හැබැයි එයා CKC or KASL register කරලා නෑ. මම උන්ට ඒක කිව්වම උන් කියනවා, register කරලා දෙන්නම් එතකොට බලු පැටියෙකුට 32,000ක් ඕනිලු. මම එපා කිව්වා.
මට උන් මේ පැටව් දෙන්නා ගෙනාපු ගෙදර හොයා ගන්න එක ගොඩාක් අමාරු වෙන එකක් නෑ. මොකද උන් ඒ ගෙදරට යද්දි මාව ඒ කිට්ටුවෙන්ම නවත්තලයි ගියේ.
දැන් මචංලා මට ඕනි මේ පැටියාව CKC or KASL register කරන්න. ඒක කරගන්නෙ කොහොමද කියලා දන්න කියන එවුන් මට support එකක් දීයල්ලා. මම දන්න විදියට නම්,
පැටියාගෙ අම්මයි තාත්තයි ඒ දෙන්නගේ අම්මලා තාතතලායි ඔන්න ඔහොම පට්ට පෙඩිග්රී බලලා තමයි ඕක register certificate issue කරන්නෙ. ඒත් මගේ ළඟ ඒ විස්තර මොකුත් නැති නිසා මට මෙයාව CKC or KASL register කරගන්න විදියක් කියපල්ලා යාලුවනේ.