Clash of Clans Help

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්ලා, අපෙ ගෙදරට එන පොඩි එකෙක්ගෙ ෆොන් එකක තිබිලා ඌගෙ ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් ඇප් එක මගෙ අතින් ඩිලිට් උනා.
    ඒකෙ ටවුන් හෝල් 6ද මොකේදලු තිබ්බෙ. දැන් මගෙ ඔලුව කන්ට හදනවා ඒක ආයෙම අරන්ද්ෙන්ට කියලා.
    අඩේ ඌගෙ කන්දොස්කිරියාවෙන් බේරෙන්ට බෑ බං ගෙදර ආවම වැඩ ඇරිලා මේකා ගෙදර එනවා.
    ඒක හැක් කරලා හරි කමක් නෑ ඌගෙ හිත හැදෙන්ට මොකක් හරි මඟුලක් කරන විදියක් කියපල්ලකො දන්න එකෙක්.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඇත්තම කිව්වොත් මම ඩිලිට් කරා බං ඌව අවුස්සන්ට
    දැන් ඒකාගෙන් හෙන වාතයක් වෙලා තියෙන්නෙ මටම
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,116
    113
    th6 කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි ඒත් ඌට මාස ගානක් යන්න ඇති ඒක හදන්න. පොඩ්ඩක් හිතල බලපන් උඹ ආසාවෙන් ලොකු කාලයක් වෙන් කරලා කරන දෙයක් වෙන එකෙක් තත්පරෙන් විනාස කරොත් උඹව අවුස්සන්න? එක මොන තරම් කැත වැඩක් ද? ගේම් එකක් ගහන එකා දන්නවා ඒක ට ඌ කොච්චර ආදරේද කියල. අපේ භාෂාවෙන් ඕවට තමයි බලු වැඩ කියන්නේ.
    ඌ මහන්සියෙන් ලූට් කරලා මොනවා හරි අප්ග්‍රේඩ් වෙන්න දාල අමාරුවෙන් කරගෙන ආපු එක, එක නැහැදිච්ච මිනිහෙක් තමන්ගේ මොහොතක විකෘති සතුට වෙනුවෙන් නැති කරන එක හරිම කැත වැඩක්.
    සතුටු වෙන්න පුරුදු වෙයන් අනුන්ට හිංසාවක් නැතුව. සතුටු වෙන එකෙන් තව කෙනෙකුට හිංසාවක් වෙනවා නම් ඒක මනුස්ස කමට වඩා ගොඩක් පහල තත්වයක්.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්. මූ ආයෙම වෙනම අකවුන්ට් එකක් හදලා බන්ස්ලා. ඒකත් අවුලක්. දැන් ඒකෙන් ආයෙම රන් වෙන්නෙ.
    අන්න ඒකයි අවුල උනේ.
    හැමෝටම රෙප්. !
     
    • Like
    Reactions: Mawathagama

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    th6 කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි ඒත් ඌට මාස ගානක් යන්න ඇති ඒක හදන්න. පොඩ්ඩක් හිතල බලපන් උඹ ආසාවෙන් ලොකු කාලයක් වෙන් කරලා කරන දෙයක් වෙන එකෙක් තත්පරෙන් විනාස කරොත් උඹව අවුස්සන්න? එක මොන තරම් කැත වැඩක් ද? ගේම් එකක් ගහන එකා දන්නවා ඒක ට ඌ කොච්චර ආදරේද කියල. අපේ භාෂාවෙන් ඕවට තමයි බලු වැඩ කියන්නේ.
    ඌ මහන්සියෙන් ලූට් කරලා මොනවා හරි අප්ග්‍රේඩ් වෙන්න දාල අමාරුවෙන් කරගෙන ආපු එක, එක නැහැදිච්ච මිනිහෙක් තමන්ගේ මොහොතක විකෘති සතුට වෙනුවෙන් නැති කරන එක හරිම කැත වැඩක්.
    සතුටු වෙන්න පුරුදු වෙයන් අනුන්ට හිංසාවක් නැතුව. සතුටු වෙන එකෙන් තව කෙනෙකුට හිංසාවක් වෙනවා නම් ඒක මනුස්ස කමට වඩා ගොඩක් පහල තත්වයක්.

    හරි. කථාවෙන්ම මට තේරෙනවා උඹට මේ ගේම් එක ගැන ලොකු දෙයක් තේරෙනවා කියන එක. නමුත් මේ වෙලාවෙ මම කිව්ව දේ පිළිඅරගෙන ඔහොම වචන අපතේ යවන්ට එපා. සමහරවිට වෙලා තියෙන්නෙ වෙන හේතුවක් නිසා සිද්ධ වෙච්ච දෙයක් වෙන්ට පුලුවන්. දැන් කියන්ට එපා සාපෙක්ශයි කියලා මේ දේත් ඒක එක්ක. නැහැදිච්ච මිනිහෙක් සහ විකෘති සතුට කියන වචන ගැනයි මට ප්‍රශ්නෙ. මොකද මම උඹව දැකලා නෑ මීට කලින් ත්‍රෙඩ් එකක ලොකුවට. මෙතන මම සපෝර්ට් එක ඉල්ලන්නෙ නෑ මට එහෙම විකෘති මනසක් තිබ්බනම්. මේක ඇඩික්ට් වෙලා ඌ ෆොන් එකෙමයි. දැන් මට මෙතන හේතු කියන්ට අවශ්‍යත් නෑ. ඒ පොඩි එක ගැන හිතලමයි මම මෙහෙම උඹලගෙන් සපොර්ට් එක ඉල්ලුවෙ. ඒකට උත්තරයක් දෙන්ට බැරි නම් හිතෙ කුකුසක් ඇතිවෙනවා නම් නොබලා පැත්තකට වෙන්ට මොකද ඔව්වා වැදි බණ ඔය වගෙ ගේම් එකකට ඇඩ්ක්ට් වෙලා ගෙදර වැඩක් නොකර ඉස්කෝලෙ වැඩක් නොකර ෆෝන් එකක්ම ඔබ ඔබ ඉන්න පොඩි එකෙකුට. මම මේ උත්සහා කරේ ඌ ගැන පව් කියන තැන ඉඳන් මගේ එවුන්ගෙන් මේකෙ සපොර්ට් එකක් ගන්ට. උඹ මඟුලක් කියවනවා මෙතෙන්ට ඇවිත්. මොනා උනත් ස්තූතී බම්ප් එකට. රෙප් දුන්නා උඹටත්!
    ජය
     
    ඉස්සෙල්ලම උඹ වැදි බන කියන්නේ මොකද්ද කියල දන්නවද? තමන් කර කර අනුන්ට කියනවා නම්. මම ජීවිතේට කවදාවත් අනුන්ට හිංසා කරලා සතුටු වෙලා නෑ. හරි ඒක පැත්තකින් තියමුකෝ.
    1. උඹ කියනවා ඒ පොඩි එකා ඇඩික්ට් වෙලා හින්ද කියල. නමුත් උඹ ම උඩින් කියල තියනවා උඹ ඒක කරේ ඌව අවුස්සන්න කියල. එහෙනම් පොඩි එකාට හෙල්ප් එකට ඩිලීට් කරා කිව්වේ දැන් බොරුවට නේද? මොකද්ද ඇත්ත? උඹ එක කරේ හෙල්ප් එකට ද? නැත්නම් අවුස්සන්න ද? කෝකද හරි?
    2. උඹ කියනවා දැන් වාතයක් වෙලා හින්ද බේරෙන්න උදව් කරන්න කියල. එහෙනම් ඌ ගැන පවු කියල උදව් කරන්න හදනවා කියන එක දැන් බොරුවට නේද කියන්නේ? මොකද්ද ඇත්ත? දැන් වාතයක් වෙලා හින්ද බේරෙන්න ද? නැත්නම් උදව් කරන්න ද? කෝකද හරි?
    උඹට මම කියපු එකට රිදුන හින්ද දැන් වෙන බයිලා ගහනවා. නමුත් උඹ ඉස්සෙල්ලම කියපු කතන්දරේ තමයි ඇත්ත. කොහොම උනත් උඹට රිදුන එක ගැන මට සතුටුයි. මොකද මීට පස්සෙවත් ඔහොම දෙකයි පනහේ වැඩ නොකර ඉඳියි කියල හිතනවා. තමන්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙකුට රිද්දන්න එපා.

    උඹ තව දුරටත් මට උත්තර දෙනවා නම් කරන්න පුළුවන් දෙකක් තියනවා.
    1. වැරැද්දක් කරා කියල පිලිගනින් මහත්මයෙක් වගේ. ආයේ එහෙම නොකරන්න හිතා ගනින්.
    2. මට කියන්න උඹ මොකෙද්ද. මට ඕන දේ මම කරන්නේ. පලයන් ඩෝ යන්න කියල කියපං චන්ඩියෙක් වගේ. හැබැයි ඒක මනුස්ස කමට මදි කමක්.
    මේ අන්තිම රිප්ලයි එක මොකද මේකෙනුත් තේරෙන්නේ නැත්නම් ආයේ කියල වැඩක් නෑ. ජය වේවා.
     
    උඹ මරු ඕයි කථාවකට අල්ලගන්ට:D ඇත්ත නැත්ත කෙසේවෙතත් 🙈🙈
    පරස්පර විරෝධී තැන් එක්ක වාග් ප්‍රහාර සංඛ්‍යාත්මක වශයෙන් බ්ලා බ්ලා බ්ලා

    ත්‍රෙඩ් ක්ලෝස්ඩ්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එකවුන්ට් එක ආයේ ගන්න බැරි උනොත් කරන්න තියෙන්නේ සල්ලි වියදම් කරලා ඒ විදිහට ම හදලා දෙන එක. උඹට ගෙවන්න පුලුවන් නම් ඉක්මනින් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්. ඕක ගහන එවුන් සල්ලි ගෙවල ඒක කරන් නැති නිසා මාස ගනන් සති ගනන් යනවා තැනකට විලේජ් එක ගේන්න