Cloud සේවා සපයන්නන් අතර ජයග්‍රහණය කාටද?

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Cloud සේවා සපයන්නන් අතර ජයග්‍රහණය කාටද?

    cloud_and_business.jpg


    Cloud පහසුකම ලබා දෙන සේවාවන් කිහිපයක් පවතින බව අපි දනිමු. කුමන සේවාව තෝරා ගත යුතු දැයි ඔබට ගැටලුවක් පවතින්නට පිළිවන. එහෙත් මතක
    ධාරිතාව අතින් එක් සේවාවක් ඉදිරියෙන් සිටින කල, පහසුකම් අතින් වෙනත් සේවාවක් ඉදිරියෙන් සිටී. මේ නිසා ඔබ තෝරා ගත යුතු සේවාව තීරණය වන්නේ ඔබේ
    අවශ්‍යතාව මතය.

    Microsoft සමාගම, ඔවුන් ගේ SkyDrive පහසුකම OneDrive ලෙස නව මුහුණුවරකින් හඳුන්වා දීමත් සමග එයින් සැලසෙන සේවාවන් පුළුල් වී ඇති බව දැක ගත හැකි ය. Cloud පහසුකම ලබා දෙන Dropbox, Microsoft OneDrive, Google Drive, Apple iCloud
    සහ Amazon Cloud Drive වැනි සෙසු සේවාවන් ද සංසන්දනාත්මක ව විමසා බැලීම මෙම සටහනේ අරමුණයි.

    Dropbox-Cloud-Storage-Service.jpeg


    sbk_skydrive_flash.jpg


    apple-icloud-logo.png


    Sony-Ericsson-50GB-Box-Cloud-Offer-for-Xperia-Phones-Goes-Live-2.png


    amazon_cloud_drive.jpg


    original.png


    SugarSync200x200.jpg



    ඉහත සේවාවන් යටතේ, Windows සහ Mac පරිගණකවල දී Cloud වෙත files upload කිරීමට අවස්ථාව ලබා දීම සිදු කෙරෙන නමුත්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් iCloud app එකක් නිකුත් වී නැත. Windows Phone සඳහා මේ වන විටත් OneDrive app පහසුකම ලබා දීමට Microsoft සමාගම සමත් වී තිබේ. iOS සහ Android යනු බොහෝ දෙනා ගේ අවධානයට ලක් වන මෙහෙයුම් පද්ධති දෙකක් වන නමුත්,
    වර්තමානය වන විට වඩාත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බවට Windows Phone පත් ව ඇත. OneDrive පහසුකම ප්‍රචලිත
    කිරීමට මෙය ඉවහල්වේ.

    නොමිලේ ලබා දෙන මතක ධාරිතාව පිළිබඳ ව සලකා බලන කල, Google Drive ඉදිරියෙන් සිටී. Google ගිණුමකට ලියාපදිංචි වීමේ දී ලබා දෙන
    මතක ධාරිතාව 15 GB අගයක් ගන්නා අතර, දෙවැනි ස්ථානය ලබා ගන්නා OneDrive ලබා දෙන්නේ 7 GB මතක ධාරිතාවකි. මෙය පළමු ප්‍රමාණයෙන්
    අඩකටත් අඩු බව ඔබට අවබෝධ වනු ඇත.

    120503_GoogleDrive2.jpg
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    machanla
    එතකොට අපිට private file එකක් upload කරලා දිර්ඝ කාලයක් tතියාගන්න oනෙනම් මොකක්ද හොදම විසඳුම මෙතනින් ???