Coca Cola ප්‍රධාන විධායක නිළධාරියෙකි දේශනයකි.

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Coca Cola ප්‍රධාන විධායක නිළධාරියෙකි දේශනයකි.

    බ්‍රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියෙකි(CEO). මේ ඔහු විසින් තත්පර 30කදී කරන ලද කෙටි දේශනයකි.

    හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි.


    ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා .

    නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින්,ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කල නොහැකි ආකාරයෙන් පලුදු වේවි.යලිත් කිසිම දිනක ඒවා පෙර පරිදි නොවේවි.
    එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබා ගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි.

    කාර්යාල වේලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන ලෙස කාර්යක්‍ෂමව සේවය කරන්න . නියමිත වේලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න . ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබා දී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    අපි අපේ ජිවිත හදා ගන්න ඕනි අපිට ඕනි විදියට
    එහෙම නැතුව දර්ෂිනකයෝ කියන විදියට නෙමෙයි..මට දැන් ඇති වෙලා තියෙන්න office 1kaදී එක එකා කිව්ව ගොන් දර්ෂිනක කතා අහලා
    මම ගැන හොදටම දන්නේ මම කියන තියරිය පාවිච්චි කරන්න බලන්න
     
    Last edited: