(cocker Spaniels) යනු දාහතරවන ශත වර්ෂයේ දී පමණ ලොවට හඳුන්වාදුන් ස්‌පාඤ්ඤය (Spain) ජන්ම භූමිය කරගත් අලංකාර සුනඛ වර්ගයකි. මූලික වශයෙන් මෙම පවුලේ සුනඛයන් කොටස් දෙකකට බෙදෙන අතර
* Water Spaniel group
* Land Spaniel group
* Land Spaniel group
මෙලෙස පළමු කාණ්‌ඩයට අයිති සතුන් සාපේක්‍ෂව විශාල දේහ ප්‍රමාණයක් හිමි සතුන් වන අතර ලෝම කැරලි (Curly) හැඩයකට පිහිටයි. මෙම ලක්‍ෂණවලට අයත් නොවන මෙම පවුලේ අනෙකුත් සුනඛයන් දෙවැනි කාණ්‌ඩය යටතට ගැනේ. නමුත් පසු කාලීනව මොවුන් අනුකාණ්‌ඩ ගණනාවකට බෙදා වෙන්කර ඇත.
මොවුන්ගේ ශරීර ප්‍රමාණය සාපේක්‍ෂව කුඩාවන අතර හොඳින් වැඩුනු පිරිමි සතකු අඟල් 15 ක පමණ උසකින් යුක්‌ත වී බර 12 kg පමණ යුක්‌ත වේ. හොඳින් වැඩුනු ගැහැනු සතකු අඟල් 14 පමණ උසකින් සහ බර 10 kg පමණ වේ.
මෙම සුනඛ වර්ගය කීකරු ගති ගුණ ඇති අතර පවුලේ සැම දෙනාට ආදරය කරමින් වාසය කරයි. ක්‍රියාශීලී, හොඳ ඉවක් ඇති මොවුන් දඩයමට ඉතා දක්‍ෂය. මොවුන් ඉතා සංවේදී සුනඛ වර්ගයක් වන අතර ඉතා මෘදු මානසික මට්‌ටමක් ඇත. එම නිසා සුළු වේදනාවකට වුවද පුළුල් ප්‍රතිචාර දක්‌වයි.
මොවුන්ගේ සෞඛ්‍ය මට්‌ටම සැලකූ විට එය ඉතා යහපත් වන අතර අනෙකුත් සුනඛ වර්ග මෙන්ම මොවුන්ද ඇතැම් රෝග වැළඳීමට දක්‌වන ප්‍රවන තාවය වැඩිය.
උදා:-
* ඇසේ ආබාධ (Cataract Glaucoma)
* Auto immune Hemolytic anemia
* Hypothyroidism
* සමේ ඇතිවන රෝග (Primary Seborrhea)
* ඇසේ ආබාධ (Cataract Glaucoma)
* Auto immune Hemolytic anemia
* Hypothyroidism
* සමේ ඇතිවන රෝග (Primary Seborrhea)
මෙම සතුන් නිවස ඇතුළත ඇති කිරීමට ඉතා සුදුසු වන බැවින් මොවුන් සඳහා වෙනමම ඉඩ කඩ වෙන් කිරීමක් අවශ්‍ය නොවේ. දෛනිකව මිනිත්තු 30 පමණ ව්‍යායාම කටයුතුවලට යොදා ගැනීම ප්‍රමාණවත් වේ.
මොවුන්ගේ ආහාර රටාව සැලකූ විට පෙනී යන්නේ මොවුන්ට ආහාර සැපයීම ඉතා ක්‍රමානුකූලව කළ යුතු බවයි. දිනකට ගන්නා ආහාර ප්‍රමාණය මොවුන්ගේ දේහ ප්‍රමාණය, වයස, ක්‍රියාශීලී බව යන සාධක මත යෑපෙන අතර තත්ත්වයෙන් උසස් වෙළෙඳපොළ ඇති පිළියෙල කරන ලද ආහාර කෝප්ප එක හමාරක්/ දෙක හමාරක් අතර ප්‍රමාණයක් දිනකට සැපයීම ප්‍රමාණවත් වේ.
මෙම සුනඛ වර්ගය ඉතා දැකුම් කලු ලෝම වලින් පිරි සමක් ඇති සතුන් වන අතර හිසෙහි සහ බෙල්ල ප්‍රදේශයේ ඇති ලෝම දිගින් අඩුවේ. කන, පපුව, උදරය සහ පාද වල ඇති ලෝම සාපේක්‍ෂව දිගින් වැඩිය. ලෝම වල වර්ණය කලු සහ දුඹුරු හෝ වෙනත් වර්ණවලින් යුක්‌ත විය හැක. කෙසේ වෙතත් මොවුන්ගේ මෙම සුන්දර පෙනුම රැක ගැනීමට නම් සුරතලා දිනපතා පීරිම සහ නියමිත කාල පරාසවලදී සිරුරේ අක්‍රමවත් ලෝම ඉවත් කළ යුතුවේ. මීට අමතරව ඇස් සහ කන් පිළිබඳව වැඩි අවධානයක් දැක්‌වීම නියපොතු කැපීම සහ නිරන්තරව පාද පරීක්‍ෂා කිරීම දත් මැදීම සහ නෑවීම යන කරුණු ගැන සැලකිලිමත් වීම යහපත් වේ.
මෙම සුරතලුන්ගේ පැටවුන් බෝ කිරීම සහ එම ප්‍රජනන ක්‍රියාවලිය ගැන සලකන්නේ නම් නියමිත කාල වකවානුවලදී මොවුන් අභිජනනය කිරීම ඉතා වැදගත් වේ. එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්න පැටවුන් ලබාගත හැකි අතර ගර්භනී සමයේදී සුදුසු පෝෂ්‍ය පදාර්ථ ලබාදීමෙන් මවට ඇතිවිය හැකි අතුරු ආබාධ වලක්‌වා ගත හැකිවේ.
මීට අමතරව මෙම සතුන් මනාව පුහුණු කළ හැකි සුනඛ වර්ගයක් බැවින් කුඩා අවධියේ සිට පුහුණු කිරීම ආරම්භ කිරීමෙන් ඔබට ඉතා ප්‍රයෝජනවත් කීකරු සුරතලෙක් ඇති දැඩි කරගත හැක.
