"Coleveri di" ට ප්රමුඛ ස්ථානයක්.
2011 වසරේ ලෝකය පුරා උන්මාදයක් බවට පත්වූ ගීත අතර "Coleveri di" ට ප්රමුඛ ස්ථානයක් හිමිවෙනවා. එහි රචකයා, සංගීත නිර්මාපකයා කවුරුන්ද යන්න නොදන්නා අයෙක් නැතිතරම්.
ඔහු දකුණු ඉන්දීය සිනමා තරුවක් මෙන්ම ගායකයෙකු ද වන ධනූෂ්.නමුත් ගීතය නිසාම අද ඔහු අසරණ වෙලා.ඔහු පවසන්නේ තමන්ට "Coleveri di" ගීතය ගැයුමෙන් කිසිදු ආර්ථික වාසියක් නොලැබෙන බවයි.ගීතය පිළිබඳව සම්පූර්ණ අයිතිය තිබෙන්නේ Sony සමාගමට.
ඒ වෙනුවෙන් ඔහුට ඉතා සුළු මුදලක් පමණක් ලැබී තිබෙනවා.
තත්වය මෙසේ තිබියදී මේ වන විට ඔහුට "Coleveri di" ගීතය හින්දි භාෂාවට ගයන ලෙස ඉල්ලීමක් ද ලැබී තිබෙනවා.එහෙත් සෝනි සමාගමේ අවසරය නොමැතිව තමන්ට වෙනත් බසකින් එම ගීතය ගයන්නට නොහැකි බව ධනුෂ් පවසනවා.එසේ ගායනා කළත් ගීතය ගැයීම වෙනුවෙන් පමණක් ඔවුන් තමාට ගෙවීම් කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
"Coleveri di" මේ තරම් ජන ආකර්ෂණයක් ලබා ගනී යැයි තමා නොසිතූ බවද ඒ ගැන දැන් කණගාටුවන්නේ නැති බවද
ඔහු පවසා තිබෙනවා.
මේ අතර "Coleveri di" ගීතයට වශී වූ ඉන්දීය සුප්රසිද්ධ සංගීතඥයා ඒ. ආර් රහමන් ධනූෂ් ට සුබ පැතුමක් එවන්නටත්
අමතක කරලා නැහැ.
ඒ වගේම මෙම ගීතය "Ghulam" චිත්රපටය වෙනුවෙන් අමීර් ඛාන් විසින් ගැයූ "Ati Kya Kandala" ගීතය හා සම තත්වයේ
පවතින බවත් ඔහු සඳහන් කළා.