Colombo වල අපේ සෙට් එක

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Colombo වල අපේ සෙට් එක

    mainpic.jpg


    කොළඹ අසිරියට සියලු දෙනා පෙළ ගැසෙන්න. ජනපති

    කොළඹ ආශ්චර්යවත් නගරයක් කිරීමට සියලු දෙනාම එකමුතුව කටයුතු කරන්න යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

    ජනාධිපතිතුමා මේ ඉල්ලීම කළේ කොළඹ මහ නගර සභාව වෙනුවෙන් තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් 59 දෙනකු අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමා ඉදිරියේ ඔවුන්ගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ප්‍රතිඥා දීමට එක් වූ අවස්ථාවේ දී ය.

    ඉතිහාසය විසින් කළ නොහැකි යැයි සනාථ කර තිබු බොහෝ දෑ වෙනස් කළ බවත් එහෙයින් මෙවර කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කිරීම අභියෝගයක් නොවන බවත් සඳහන් කළේ ය.

    ජනාධිපතිතුමා එහිදී මෙසේ ද පැවැසීය.

    කොළඹ නගරයේ කසළ ඉවත් කිරීමේ ප්‍රශ්නය විසඳීමට මෙතෙක් පැවැති කිසිදු රජයකට නොහැකි විය. නමුත් අප අද ඒ අභියෝගය ද ජයගෙන තිබේ. කොළඹ නගරය ආශ්චර්යවත් කිරීමේ දී පැල්පත්වාසීන් නගරයෙන් ඉවත් කිරීමට රජය ක්‍රියා කරන බව ඇතැම් අය පැවැසුව ද කිසි ලෙසකින් පැල්පත්වාසීන් කොළඹින් ඉවත් නොකරන බව ජනාධිපතිතුමා පැවැසීය. කොළඹ නගරයේ අලංකාරය වෙනුවෙන් පැල්පත් ඉවත් කරන නමුත්, එම පැල්පත්වාසීන්ට කොළඹ නගරයේම ඒ වෙනුවෙන් වඩා පහසුකම් සහිත නිවාස ඉදිකර දෙන බවත්, දැනටමත් එවැනි ඉදිකිරීම්වල පැල්පත්වාසීන් පදිංචි කොට ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය. පදික වේදිකාවෙන් වෙළෙඳුන් ඉවත් කළ ද, ඔවුන්ගේ රැකියාවට පහසු වන පරිදි වඩා සුදුසු ස්ථානයක් රජය ඔවුන්ට සලස්වා ඇති බැවින් එවැනි ප්‍රචාරවලට කිසිසේත් බිය නොවන ලෙස ජනාධිපතිතුමා කීය.

    මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරිමේ දී කොළඹ නගරය අපවිත්‍ර නොකොට පවතින නීතිමය රාමුව යටතේ ප්‍රචාරණ කටයුතු සිදු කරන ලෙස ද ජනාධිපතිතුමා අපේක්ෂකයින් වෙත දැනුම් දුන්නේ ය.

    එමෙන්ම මැතිවරණ ජයග්‍රහණය සඳහා සියලු අපේක්ෂකයින් ගෙයින් ගෙට ගොස් තම ඡන්දදායකයින් දැනුවත් කරන ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා අපේක්ෂකයන් වෙත උපදෙස් ලබා දුන්නේය.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං ඔය කට්ටියම අරං ගිහින් දෙහිවල ඇල සුද්ද කරපං.