Colombo Eye ‌රෝදයක්

jobin

Member
Mar 13, 2009
2
0
0
විනෝදාස්වාදය සඳහා Colombo Eye නමින් හඳුන්වන විශාල ෆෙරිස් රෝදය වෝටර්ස් ඒජ් පරිශ්‍රයට පැමිණෙන බවත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන්නේ ‌කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය නම් ඇවිත් අපේ අමාත්‍යාංශය කර තිබෙන අයුරු ගැන බලන ‌ලෙසත් මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකර සිටියේ වෝටර්ස් ඒජ් ආයතන පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘වෝටර්ස් ඒජ් කලාපයේ දියවන්නා ගඟෙන් දකුණු ඉවුරේ අපි කලක සිට සැලැසුම් කර තිබෙනවා විනෝදාස්වාද නගරයක් ගොඩනගන්න. මොකද මෙයින් වම් ඉවුරේ අනාගත පරිපාලන නගරය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනගාගෙන යනවා. තව වසර තුනකින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ඉවර උනහම කොළඹ නගරයේ දැනට තිබෙන ප‍්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක් එහි එනවා. ඒ වගේම තව අවුරුදු 4 කින් මේ කලාපය හරහා සැහැල්ලූ දුම්රිය සේවය ගමන් අරඹනවා. ඔබට පෙනෙනවා ඇති ඒ සඳහා බිම් මට්ටමේ කෙරෙන පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනවා. එතකොට මේ කලාපය ඉතාම කළබලකාරී ප‍්‍රදේශයක් බවට පත් වෙනවා. එතකොට ඒ ප‍්‍රදේශයේ අයගෙත්, පොදුවේ ශ‍්‍රී ලාංකික මහජනතාවගේත් විනෝදාස්වාදය, මානසික ආතතිය දුරු කිරීම සඳහා මේ කලාපයේ Colombo Eye නමින් හඳුන්වන විශාල ෆෙරිස් රෝදය පැමිණෙනවා පමණක් නෙමෙයි දැනටමත් අප විසින් ක‍්‍රීඩා කටයුතු සඳහා එවැනි අංගෝපාංග කිහිපයක් දියුණු කර තිබෙනවා.