දැනට තියෙන දුම්රිය දෙපාර්තුමේන්තුව දියුණු කරන්න ක්‍රමයක් සැලැස්මක් නැහැ. ඒ වෙනුවට අලුත් දුම්රිය ගේනවා.
දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුත් විශ්ව විද්‍යාල ගේනවා.
දැනට තියෙන විදුලි බල මන්ඩලය දියුණු කරන්න වැඩපිලිවෙලක් නැහැ.ඒ වෙනුවට අලුතෙන් බලාගාර හදනවා.
දැනට තියෙන පාරවල්ටික හදන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් හයිවේ හදනවා.
තියෙන ගුවන්තොටුපල දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ රට වටේ අලුතෙන් ගුවන්තුටුපොලවල් හදන් ඉන්නවා.
තියෙන වරාය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ අලුතෙන් වරායවල් හදනවා.
දැනට තියෙන ගුවන් සේවය දියුණු කරන්න කිසිම සැලැස්මක් නැහැ.අලුතෙන් ගුවන් සේවයක් පටන් ගත්තා.
මේ කරන කිසිම දෙයකින් මේ රටට කිසිම ප්‍රයෝජනයක් අදවෙනකම් වෙලා නැහැ.
වෙලා තියෙනවනම් එකම දෙයයි වෙලා තියෙන්නේ. ඔය අලුත් Project වලින් කොමිස් හොඳට හම්බවෙලා තියෙනවා.
ඔය දැනට තියෙන දේවල් හොඳ නැත්නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකක් එලවලා අලුතෙන් කන්ඩායමක් පත්කරොත් හොඳයි,
සිංහලයා මෝඩ වෙන තරමට මොවුන්ට කොමිස් හම්බවෙනවා.
ඒ හින්දා මොවුන් තමන්ගේ ජනතාවා කවදත් දියුණු වෙන්න දෙන්නේ නැහැ.හැමදාම මෝඩ කරන් රවට්ටන් ඉන්නවා.