Commonwealth Games අපිට හිමි තැන?
මතකයේ පරිදි ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය මුල්ම ජයග්‍රහණයක් හිමිවෙන්නේ 1938 සිඩ්න් තරඟාවලියේදී බොක්සින් තරඟ ඉසව්වෙන් විලියම් හෙන්ඩ්‍රික්ස් ලංකාව නියෝජනය කරමින් ලබාගත් රන් පදක්කම සමිගින්ය.
1950 ඕක්ලන්ඩ් තරඟාවලියේ ඩන්කන් වයිට් කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ලබාගත් රන් පදක්කම සහ එම තරඟාවලියේදීම කේ.එඩ්වින් සහ ඒ.පෙරේරා බොක්සින් තරඟවලින් ලබාගත් රිදී පදක්කමක් දෙකද සුවිශේෂී ජයග්‍රහණයකි.
ඉන් වසර 44කට පසුව ලංකාව ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ජයක් ලබන්නේ 1994 දීය. ඉලක්කයට වෙඩි තැබීම් වායු රයිෆල් ඉසව්වෙන් පුෂ්පමාලි රාමනායක සහ කේ.වික්‍රමසිංහ හිමිකරගත් රන් පදක්කම සහ එම තරඟ ඉසව්වෙන්ම ලබාගත් කේවල සහ යුගල රිදී පදක්කම් දෙක නිසා ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ නම කියවෙන රටක් බවට පත්විය.
1998 මලයාසියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදීද ලංකාව නැවත දස්කම් අතරට එන්නේ කඩුළු පැන දිවීමේ ඉසව්වෙන් ශ්‍රියාණි කුලවංශ හිමිකරගත් රිදී පදක්කම සහ මීටර් 400 දිවීමේ තරඟයෙන් සුගත් තිලකරත්න ලබාගත් ලෝකඩ පදක්කමත් සමග සමස්ත පදක්කම් දෙකක් ජයගනිමින්ය.
2002 ජයග්‍රහණය ඉඩෝරය නිමකරමින් 2006 මෙල්බර්න් පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදී බර එසවීමේ ඉසව්වේ කිලෝ 62 බර පන්තිය යටතේ චින්දන ගීතාල් රන් පදක්කමකින් ලංකාව සරසන ලද මොහොමත නැවතත් ලංකාවේ නම පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් සටහනේ ඉහළින් තැබු අවස්ථාවකි. 2010 ඉන්දියාවේ දිල්ලි පැවති තරගාවලියේදී ලංකාවට කිලෝ 69 බරපතන්තියෙන් චින්තන නැවතත් රිදී පදක්කමක් හිමිකරදීමට සමත්වූ අතර කිලෝ 62 බරපන්තියේ ලෝකඩ පදක්කම ඇන්ටන් කුරුකුලසූරිය විසින් ජයගැනීමට හැකිවිය.
2014 දීත් නැවතත් කිලෝ 62 බරපන්තියෙන් ඇන්ටන් සුදේශ් කුරුකුලසූරිය රිදී පදක්කම දිනාගැනීම හැරෙන්නට වෙනත් සැලකිය යුතු ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට එහිදී හිමි නොවුණි. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හීදී පැවැත්වෙන්නේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියයි. විශේෂත්වය වන්නේ දැනටමත් ලංකාව එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සහිතව පදක්කම් සටහනේ 27 වැනි ස්ථානයේ පසුවේ.
එසේම තවත් පදක්කම් දෙකක් නිසැක වශයෙන්ම ලැබීමට නියමිතය. ඒ නිසා සමස්ත පදක්කම් ගණන 6 ඉක්මවනු ඇත. එසේනම් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය යනු ලංකාවේ සාර්ථකම තරඟාවලිය බවට පත්වනු ඇත. වසර 80ක පොදුරාජ්‍ය මණ්ඩලය තරඟ සහභාගිත්ව ඉතිහාසයේ ලංකාවට යම්තාක් දුරට සැනසුම් සුසුම් හෙලිය හැකි එකම තරඟාවලිය මෙය වනු ඇත. එහෙත් අප අවධානය යොමුකල යුතු කාරණා කීපයක්ම ඇත.
ප්‍රධානම කරුණනම් ලංකාවේ මලල ක්‍රීඩාවට සිදුව ඇත්තේ කුමක්ද යන්නය. දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් බිහිකල ලංකාවේ මලල ක්‍රීඩාව අද අඩුම තරමේ ලෝකඩ පදක්කමක්වත් ජයගත නොහැකි තැනට පත්ව ඇත්තේ කාගේ වරදින්ද, එසේම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ගුවන් ගතවූවද තවමත් ජයග්‍රහණයක සේයාවක් දක්නට නැත. නිලධාරීන්, උපදේශකයන්, සංගම් තොග පිටින් ක්‍රියාත්මක වෙද්දි, කෝටි සංඛ්‍යාත මුදලක් ඒ සඳහා වැයවෙද්දි යන්තම් හෝ ලංකාවේ නම්බුව බේරාදීමට සමත්ව ඇත්තේ බොක්සින් සහ බර එසවීම් ඉසව් දෙක පමණි.
ලංකාවේ ක්‍රීඩා පරිපාලකයන්ට පදක්කම් ගණනින් ඔළුව උදුම්මවාගන්නවාට වඩා සිතාබැලිය යුතු තැන් ගණනාවකි. ලංකාවට ඔලිම්පික් පදක්කමක් වෙත යාමට නොහැක්කේ දක්ෂතාවය ඇතිවුන් නැතිනිසා නොවේය, දක්ෂතාවය නැති පරිපාලකයන් නිසා බව මෙයින් අවබෝධකරගත යුතුය.
උපුටා ගැනීම - www.her.lk