Questions Compost bin

HasJay

Active member
  • Dec 7, 2020
    112
    149
    43
    compost-bins.jpg

    me wage compost bin use karana aya innawada? mata dena ganna one meka concrete floor ekaka thiyanna puluwanada kiyala. Panuwo eliyata eida? Smell ekak enawada?Gedara idama loku ne.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    compost bin එකට කිරි වර්ග (යෝගට්, මීකිරි වගේ දේවල් ඇතුළුව), මස් මාළු, සත්ව මලපහ වගේ දේවල් දැම්මොත් තමයි ගද එන්නේ, මැස්සෝ එන්නේ. ඒවා නැතුව අනික් දේවල් දාන්න.

    ඔය bin එකක් නැ.
     
    • Like
    Reactions: kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි ඕක තමයි පාවිච්චි කරන්නෙ. පනුවො එහෙම වැඩිය එළියට එන්නෙ නැහැ. හැබැයි ඇතුලේ ඉන්නවා කෝටි ගානක්. චිරි චිරි ගාලා සද්දෙකුත් එනවා. වටේට පස් ටිකක් දාලා වහන්න ඕන. නැත්තං ගද එනවා. ඒක නිසා කොන්ක්‍රීට් එකක තියෙන එක රෙකමන්ඩ් කරන්න බෑ.

    කුනු ටිකක් පිරුනාම පනුවන්ගෙ බරත් එක්ක යට පියන ඇරෙනවා. ඒක නිසා සති දෙකකට සැරයක්වත් අස් කරන්න ඕන. හැබැයි ඒ වෙද්දි කෑම ඔක්කොම දිරලා ඉවරයි. ඒක නිසා ඒවා එලියෙ තියෙන පාත්තිවලට වගේ දැම්මට අවුලක් නෑ.

    මේ පනුවො කන්න මයිනො, දෙමලිච්චො එනවා. උබට කුරුල්ලො බලන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Identity

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    පොඩ්ඩක් ගෙදරට ඈතින් තියන්න පුළුවන්නම් හොඳයි. අපේ ගෙදර කූඹි වැඩි වුණා ඕක ගෙනවයින් පස්සෙ.