computer games ගැන.

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
computer games ගැන.




ආක්‍රමණශීලි හෝ දරුණු ගැටුම් සහිත පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නට පුරුදු වුවන් තුළ
අන් අයට වඩා කිපෙනසුළු හා ආක්‍රමණශීලි ගති වර්ධනය වන බව ඇමරිකාවේ පර්යේෂක පිරිසක් පෙන්වා දී තිබේ.



පරිගණක ක්‍රීඩාවක් ඒ ක්‍රීඩකයාට බලපාන්නේ කොහොමදැයි යන්න ගැන ඇමරිකාවේ කොලොම්බියා මිසෝරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ
උත්සුක වුහ. ඒ ගැන සොයන්නට පර්යේෂණයක් සැලසුම් කළ එම විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ බෲස් බර්තලොව්ගේ කණ්ඩායම අන්තිමේදී සාර්ථකත්වය ලැබීය.
(journal of experimental social psychology)
සඟරාවේ සිය පර්යේෂණ වාර්තාව පළ කළ මේ විද්‍යාඥකණ්ඩායම පෙන්වා දී තිබුණේ
නපුරු පරිගණක ක්‍රීඩා නිසා ඒ ක්‍රීඩාවේ යෙදෙන්නන් නපුරු අය බවට පත් වෙන බවයි.
ආක්‍රමණශීලි පරිගණක ක්‍රීඩා හෝ දාමරික ගති ඇති චරිත සහිත පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩාවල
නිරතවන ක්‍රීඩකයෝ නිරායාසයෙන්ම ඒ චරිත වලට ආරූඩ වෙති. එවිට ඔවුන්ගේ කල්පණාවන්
හැඩගැසෙන්නේ ඒ චරිතයෙන් පෙන්වන දිශාවටය.
අන්තිමේදී මේ ක්‍රීඩකයින් ඒ ආක්‍රමණශීලි ගති නිතර පෙන්වන තැනට පත්වේ.






මේ පැහැදිලි කිරීම විද්‍යාත්මකව තහවුරු කරන්නට පර්යේෂකයෝ විවිධ පුද්ගලයින්ගේ
මොලයේ හැසිරීම ගැන සොයා බැලුහ. යම් රූපයක් දෙස බැලු විට ඒ රූපයේ ඇති දෙය ඇසුරෙන්
මොලය ක්‍රියා කරන හැටි පෙන්වන මොලයේ ක්‍රියාකාරීත්වය , විද්‍යාවේදී හදුන්වන්නේ පී 300 ප්‍රතිචාරය (p300 response) කියාය.

පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයින් තිස්නව දෙනෙකුගේ මොලයේ මේ ප්‍රතිචාරය
ගැන සොයා බැලු පර්යේෂකයන්ට පෙනී ගියේ, ආක්‍රමණශීලි වර්ගයේ පරිගණක ක්‍රීඩාවල
යෙදෙන විට මේ ප්‍රතිචාරය වෙනස් වන බවය. ඒ වෙනස කවරේදැයි පර්යේෂණය මෙහෙයවු
බෲස් බර්තලොව් ජනමාධ්‍යයන්ට කියා සිටියේ, "ආක්‍රමණශීලි හෝ ප්‍රචණ්ඩත්වය පිරි පරිගණක
ක්‍රීඩාවල යෙදෙන්නන් ඒ හැසිරීමට පෙළඹෙන බව මෙහිදී පෙනී ගියා " යනුවෙනි.





ප්‍රචණ්ඩ වර්ගයේ පරිගණක ක්‍රීඩාවල කාලාන්තරයක් තිස්සේම යෙදෙන්නන්
ගැටලු නිරාකරණය කර ගැනීමේ එකම මාර්ගය ලෙස සලකන්නට පුරුදු වෙන්නේ
එක්කෝ තුවාල කිරීමය. නැතහොත් වෙඩි තැබීමය. මේ කිසිවක් සාමාන්‍ය ජීවිතයේදී
කරන්නට බැරි වුවහොත් ඔවුන් අඩුම තරමින් තමන්ට පුළුවන් ආකාරයට බලහත්කාරය
හෝ යොදවන්නට පළඹෙන බව මේ පර්යේෂකයෝ කියා සිටියහ.


මේ පර්යේෂණය මගින් කාටත් දී තිබෙන ආදර්ශය වන්නේ විනෝදාස්වාද කාරණයක් වශයෙන්
පරිගණක ක්‍රීඩාවල යෙදීමෙන් වැලකිය යුතුය යන්න නොවේ යැයි කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ
මනෝවිද්‍යාඥ ජොනතන් ෆ්‍රීඩම් කියන්නේය. " අපි දකින දෙයින් ලබන ආභාශය හැම වේලාවේම ප්‍රායෝගික ජීවිතයේදී
අත්හදා බලනවා කියන අදහස නෙමෙයි මේ කියන්නේ. පුරුද්දක් විධියට ප්‍රචණ්ඩ පරිගණක ක්‍රීඩා වල නොයෙදෙන්න කියන
පණිවුඩය මෙහි තිබෙනවා. පරිගණක ක්‍රීඩා ඕනෑතරම් තියෙන නිසා මෙ ප්‍රචණ්ඩ ක්‍රීඩා වලින් අඩුම තරමින් දරුවන්වත් ඈත් කොට
තබන්නට වැඩි හිටියෝ වැඩ කරනවා නම් හොඳයි"
මනෝ විද්‍යාඥ ජොනතන් ෆ්‍රීඩම් කියයි.

http://widyaprabanda.blogspot.com/p/computer-games.html
 

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
002.jpg