හරි දැන් තියෙන්නෙ බඩු ගන්න එක.
අපි නම් දැනට ලොකුවටම කරන්නෙ පාවිච්චි කරපු කම්පියුටර්ස්.මොකද මේ පැත්තෙ (රත්නපුර පලාතෙ ) අලුතෙන්ම කම්පියුටර් ගන්න අය අඩුඉ.ගොඩක් අඩු ආදායම් ලබන අය තමා ඉන්නෙ.ඉතින් අලුත් එකක් ගන්න ගාන වගේ කීප ගුනයක් අඩු වෙන පරන එකක් ගන්න පුලුවන් නිසා හැමෝම ඒව තමා ගොඩක් ගන්නෙ.ඒවම කරන මේ පැත්තෙ කඩ්යක් තියේ කොයි වෙලේ ගියත් එකේ කට්ටිය.දැන් දාල අවුරුදු 3-4ක් වෙනව ඒක නම් (මම දාල මාසයක් වගේ වෙන්නෙ තාම ) පට්ට අලි එකෙන් ඉන්නෙ ඒකෙ කොල්ල නම්.හික්z.
පාවිච්චි කරපු කම්පියුටර්ස් කියන්නෙ කොරියාවෙ පාවිච්චි කරපු ඒවට.
ඒව ලොකුවටම හෝල්සේල් කරන අය දෙන්නෙක් ඉන්නව.ලොකුම තැන තමා නියෝවීව්. (මෙන්න එයාල කන්ටැක්ට් කරගන්න තොරතුරු , 95,නුවර පාර,යක්කල/ TEL 0332 232 232, ගම්පහයි නිට්ටම්බුවෙයි ශාකා තියේ ) ගානත් අවුලක් නෑ.මාසෙ හෝ මාස 6යේ වොරන්ටි ගන්න පුලුවන්.6යේ එක ගනන් අනික ගනන් අඩුයි.හැබැයි ඉතින් බඩු වලින් 10% අනිවා වැඩ කරන්නෙ නෑ.එයාල එවෙලෙ කම්පියුටර් නම් චෙක් කරනව.රැම් හාඩ් හෙම අපි ගෙඩර ඇවිත් කරගන්න ඕනි.ගෙඩර ආපු ගමන් කරනන් තියෙන්නෙ යාලුවො ටිකක් අල්ලගෙන ඔක්කොම ටික චෙක් කරන එක.
අනික තමා යනව නම් උඩේම යන්න.මොකද ඕවට බිල් දාල වැඩ ටික කරන්න පැය 4-5ක් යනව.තියෙන්නෙ යක්කල හරියට කෑම කන්න තැනක් ලඟ පාත නෑ.එකක් තියේ නිකන් ක්ලබ් එකක් වගේ එකක් කෑම පට්ට ගනන්.අනිත් තැන් එපා වෙනව.
අනිත් තැන තමා එස්.සී.ටී. (203/2, හොරන පාර,කොට්ටාව 011 2844228) බඩු අතෙන්ට වඩා පොඩ්ඩක් කොලිටි එකෙන් අඩුයි.ගාන ටිකක් වැඩ්යි.හැබැයි බඩු ඕනි තැනට වෑන් එකකින් ගෙනත් දානව කෝල් එකක් දුන්නම කිසි කරදරයක් නෑ.ඒත් අපි නම් බඩු වල පොඩි පොඩි කේස් නිසාම යක්කලින් තමා බඩු ගන්නෙ.යක්කල මොනව හරි ජාතියකින් බඩු 5කට වඩා ගන්නව නම් හෝල්සේල් ප්‍රයිස් තමා දාන්නෙ.
ආ.අනික තමා ඔය මවුස් කීබෝඩ් ස්පීකර්ස් වෙබ්කැම් වගේ ව නම් බ්‍රෑන්ඩ්නිව බඩු යක්කල නෑ.ඒව එස්.සී.ටී එකට කිව්වම ටක් ගාල ගෙනත් දානව අව්ලක් නෑ.ඒත් ඉතින් එකම බඩු ටිකක් තමා එන්නෙ.ඒ නිසා අපි කරන්නෙ පිටකොටුවෙන් ඒව ටික ගන්න එක.පිටකොටුවෙ 'පලවෙනි හරස් වීදියෙ' තමා කම්පියුටර් බඩු තියෙන්නෙ.බ්‍රෑන්ඩ්නිව් බඩු.ඕකේ තියේ ස්පෙන්සර් හවුස් කියල එකක්.නිකන් පිටකොටුවෙ යුනිටි ප්ලාස වගේ තැනක්.ඒකෙ යටම තට්ටුවෙ තියේ ඇට්කම්පියුටර්ස් කියල තැනක්.අන්න එතන ගොඩක් බඩු වල ගාන අඩුඉ.අනික තමා ඕනිවෙලාවක ගියාම බඩු මාරු කරල දෙනව.අවුරුදු2ක් විතර වොරන්ටි ඒ කියන්නෙ.තව එතනම උඩ තට්ටුවෙ කඩවල කීබොර්ඩ් වල හෙම ගාන අඩුඉ.කොයිකටත් ඔය පලවෙනි හරස් වීදියෙ ඇවිදල බලන්න තව වෙන හොඳ ශොප්ස් තියේද දන්නෙ නෑ.අපි ඉතින් වැඩේට අලුත්නෙ.
ඔන්න ඉතින් ඕනිම කරන ටික ලිව්ව.