Containers hitawelalu ne ban

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    උබ කුරුනෑගල කෑගල්ල සයිඩ් එකේ එකෙක්ද .කන්ටේනර් හිටවලා කියල කියල තියෙන්නෙ.ඒ පැත්තෙ උන් තමා වාහන නවත්තන්නෙ නැතුව හිටවන්නෙ මිදුලේ ගරාජ් එකේ එහෙම
     
    • Haha
    Reactions: shenat and ruwper

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,680
    113
    උබ කුරුනෑගල කෑගල්ල සයිඩ් එකේ එකෙක්ද .කන්ටේනර් හිටවලා කියල කියල තියෙන්නෙ.ඒ පැත්තෙ උන් තමා වාහන නවත්තන්නෙ නැතුව හිටවන්නෙ මිදුලේ ගරාජ් එකේ එහෙම
    Horowpathana
     
    • Haha
    Reactions: windows_ubuntu

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,740
    28,654
    113

    ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ඇණැවුම් නවතී.. කන්ටේනර 1000ක් වරායේ හිරවේ…


    අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මෙරට වාණිජ බැංකු මගින් ඩොලර් ලබානොදීම හේතුවෙන් දැනටත් වරායට පැමිණ තිබෙන භාණ්ඩ ගොඩබෑම නතරවී තිබේ.

    ඒ හේතුවෙන් ජූලි මාසයේ සිට භාණ්ඩ ඇණවුම් නතර වී ඇතැයිද වාර්තා වෙයි.

    මෙම තත්වය මත රටේ ඉදිරි කාලයේ දී ආහාර ද්‍රව්‍ය හිගයත් ඇතිවීම වළක්වා ගැනිම සඳහා වහා මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් අත්‍යවශ්‍ය ආහාර හා වෙළඳ භාණ්ඩ ආනයන කරුවන්ගේ වෙළෙඳ සංගමය ඉල්ලා සිටියි.

    සංගමය සඳහන් කරන්නේ ජූලි මාසයේදී ඇනැවුම් කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර දහසකට ආසන්න ප්‍රමාණයක් වූ වරායේ හිරවී ඇති බවයි.

    ඒවා නිදහස් කර ගැනීම සඳහා ඇනවුම් කරුවන්ට ගෙවීම් කළ යුතු වුවද ඊට අවශ්‍ය ඩොලර් වාණිජ බැංකු වලින් නිකුත් නොකිරීමෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔවුන් පෙන්වාදෙයි.

    මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය වන අල, ලූණු, පරිප්පු, සීනි, මිරිස්, සුදුළුනු ආදිය ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 80ක් පමණ වැයවෙයි.

    lankacnews.com
    lankacnews eke eka elakiri balela news danne...erozan da manda :rofl: