1. A Serbian Film (2010)
Srđan Spasojevic විසින් අධ්‍යක්ෂණය කරන ලද සර්බියන් ෆිල්ම් කියන්නෙ මෑත ඉතිහාසයේ වඩාත්ම ආන්දෝලනයකට ලක්වූ චිත්‍රපයක්. හිටපු කාම චිත්‍රපට (pornographic film) රංගන ශිල්පියෙක් හට රඟපෑමට ලැබෙන අමුතු චිත්‍රපටයක් ගැන කියවෙන මේ චිත්‍රපටය තුල විවිධාකාර ලිංගික ක්‍රියාකාරකම් සහිත දර්ශන බොහොමයක් ඇතුලත් වෙලා තියනවා. සමලිංගිකත්වය, ව්‍යභිචාරය (Incest), ශවකාමය (Necrophilia) පමණක් නොව අලුත උපන් බිළිඳෙක් සම්බන්ධ ලිංගික දර්ශනයක් නිසාද මේ විත්‍රපටය ප්‍රේක්ෂකයාව කම්පනයට පත් කරන්න සමත් උනා.
සර්බියානු චිත්‍රපටි බොහොමයක්ම උඩින් පෙන්වන සිදුවීමට යටින් දිවෙන දේශපාලනික අර්ථයන්ගෙන සමන්විත චිත්‍රපට හැටියට ප්‍රසිද්ධයි. සර්බියන් ෆිල්ම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාත් උත්සාහ ගෙන ඇත්තේ ලිංගික තේමාවක් යටතේ එවැනි මතයක් හුවාදැක්වීමට වුවත් ලිංගිකත්වය යොදාගෙන ඇති ප්‍රචණ්ඩකාරී ස්වභාවය නිසාම ඒ යටි අදහස ප්‍රේක්ෂකයාගෙන් ගිලිහී ගොස් ඇති බව තමයි අපිට හිතෙන්නෙ.
රටවල් 50ක පමණ තහනමට ලක්වී තිබෙන සර්බියානු චිත්‍රපටය අනෙකුත් රටවලද ප්‍රදර්ශනයට අනුමත වී ඇත්තේ දැඩි වාරණයකට ලක්වීමෙන් අනතුරුවයි.
2. Cannibal holocaust (1980)
කැනිබල් හෝලකෝස්ට් චිත්‍රපටය ගැනත් ඔබ අහල නැතිවෙන්න විදිහක් නෑ. ඇමසොන් වනාන්තරයේ මිනීමස් කන ගෝත්‍රිකයන් පිරිසකගේ බිහිසුණු ක්‍රියාකාරකම් රැගත් මේ චිත්‍රපටය අදටත් නරඹන්නන්ට අපහසුතාවයක් ඇති කරන්න සමත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ සැබෑවටම වධදී සතුන් මරා දමන දර්ශන කිහිපයක්ම ඇති අතර ඒවා නැරඹීමට ඉතාම අසීරු බව කියන්න ඕනෙ. ඒ වගේම 1980 ගණන් වල පෙන්වූ මේ චිත්‍රපටයේ මිනීමැරුම් සම්බන්ධ දර්ශනත් ඉතාම ස්වභාවික අන්දමින් රූගත කොට තිබෙනවා. මේ නිසාම චිත්‍රපටය එළිදක්වා දින කිහිපයක් ඇතුලත මෙහි අධ්‍යක්ෂවරයා වන Ruggero Deodato ව අත්අඩංගුවටද පත්වී තිබෙනවා. මෙහි රඟපාන නලු නිළියන්ව සැබෑවටම මරා දමා ඇති වගට ඔහුට එල්ලවෙන චෝදනාවෙන් මිදීමට ඒ නලු නිළියන්ව උසාවියට ඉදිරිපත් කිරීමටද, මිනීමැරුම් ජවනිකා රූගත කල ආකාරය පැහැදිලි කිරීමටද අධ්‍යක්ෂකවරයාට සිදුවී තිබෙනවා.
3. Aladdin (1992)
ඇලඩින් සහ පහනේ භූතයා සම්බන්ධ කතාව අපි හැමෝම දන්න එකක්. ඒ මදිවට 1992 තිරගතකල ඇලඩින් චිත්‍රපටය ඩිස්නි කාටූන් චිත්‍රපටයක්. මොකක්ද මේක සම්බන්ධව ඇති වෙන්න පුලුවන් මතභේදය කියල ඔයාල කල්පනා කරනව ඇති නේද?
ඩිස්නිලගෙ ඇලඩින් චිත්‍රපටයේ මතභේදයට හේතුවුණු කරුණ තමයි ඒ චිත්‍රපටය ආරම්භයේ ගායනා කරනු ලබන ගීතයක් නිසා එරට අරාබි සම්භවයක් සහිත අමෙරිකානුවන්ගේ දැඩි විරෝධතාවයක් ඇතිවීම. මෙහි මුල් ගීතයේ වචන තිබිල තියෙන්නෙ මේ විදිහටයි.
“Oh, I come from a land from a faraway place Where the caravan camels roam
Where they cut off your ear If they don’t like your face It’s barbaric, but hey, it’s home.”
මෙහි එන “Where they cut off your ear If they don’t like your face” කියන පේළියෙන් තමන්ට පහරක් එල්ලකොට ඇති බවට අරාබි-අමෙරිකානු ප්‍රජාවගෙන් නැගුණු විරෝධතාවය නිසා පසුව එම ගීතයේ වචන වෙනස් කිරීමටකට ලක් කිරීමට ඩිස්නි සමාගමට සිදුවී තිබෙනවා. පහත වීඩියෝව නැරඹීමෙන් සහ ගීතයට සවන්දීමෙන් ඒ වෙනස පැහැදිළිවම ඔබට අවබෝධකරගත හැකි වෙයි.
4. In the Realm of senses (1976)
ජපන් සිනමා අධ්‍යක්ෂක නගිසා ඔෂිමාගේ ඉන් ද රෙල්ම් ඔෆ් සෙන්සස් චිත්‍රපටය ජපානයේ පමණක් නොව ලොව පුරාම ආන්දෝලනයට ලක් වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ 1930 ගණන්වලදී ජපානයේ සිදුවූ සැබෑ සිදුවීමක් පාදක කොටගෙන වීමද විශේෂයි.
හෝටල් හිමියෙක් සහ ඔහුගේ සේවිකාවක් වන ගණිකා ස්ත්‍රියක් අතර ඇතිවන සබඳතාවක් තමයි චිත්‍රපටය පුරාවටම දිගහැරෙන්නේ. දෙදෙනාගේ ලිංගික ආශාවන් වල විවිධ ස්වරූප නිරූපණය වෙන මෙම චිත්‍රපටය ඉතාම ආන්දෝලනාත්මක අවසානයක් කරා දිවෙන්නක්. ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවලදී එතෙක් ලිංගිකත්වය යොදාගත් ආකාරයට අභියෝග කරමින් සැබෑ ලිංගික දර්ශන වලින් හෙබි මේ චිත්‍රපටය බොහෝ රටවල දැඩි ලෙස සංස්කරණයට සහ වාරණයට ලක්වූ චිත්‍රපටයක්.
5. Irreversible (2002)
ගැස්පාර් නෝයි කියන්නේ වෙනස්ම ආකාරයේ චිත්‍රපට හැදීම නිසාම ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්. ගැස්පාර් නෝයිගේ චිත්‍රපටයක් බලනවා කියන්නෙ එක්තරා ආකාරයක පිස්සු අත්දැකීමක් ලැබීමක්. 2006 ආපු ඔහුගේ ඉරිවර්සිබල් චිත්‍රපටයත් එහෙමයි. සාම්ප්‍රදායික චිත්‍රපට ආඛ්‍යානයෙන් එපිටට පැනල මේ චිත්‍රපටය ඉදිරිපත් කර තියෙන්නේ අවසානයේ සිට ආරම්භය දෙසට ගලාගෙන යන චිත්‍රපටයක් හැටියටයි. මේ චිත්‍රපටයේ කතාවට මූලික වන්නේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ සිදුවීමක්. බලා සිටින්නට අපහසුව දනවන තරම් වේලාවක් තිරයේ දිගහැරෙන ඒ සිදුවීමට අමතරව ඉරිවර්සිබල් චිත්‍රපටය මතභේදයට තුඩු දෙන්න හේතුවන තවත් කාරණා තිබෙනවා.
මේ චිත්‍රපටයේ මුල් විනාඩි 30ක පමණ කාලය විවිධ කැමරා කෝණ වල වෙනස්කම් සහිතව බලා සිටින්නට තරමක් අපහසු ස්වරූපයකින් තමයි ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව ප්‍රේක්ෂකයාව යම් අපහසුතාවයකට පත් කරන ශබ්ද ප්‍රයෝගයන්ද මේ චිත්‍රපටයට යොදාගෙන තිබෙනවා. මේවා නිසා චිත්‍රපටය නරඹන පුද්ගලයන්ට වමනය, කලන්ත ගතිය වැනි තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා.
කෑන්ස් චිත්‍රපට උළෙලේදී මේ චිත්‍රපටය නැරඹු තිදෙනෙක් ක්ලාන්ත වී ඇති අතර බොහෝ පිරිසක් චිත්‍රපටය නැරඹීම අතරමග නවතා පිටව ගොස් තිබෙනවා. මේ දේවල් කොහොම වෙතත් ඉරිවර්සිබල් කියන්නේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් හැටියට අපි නිර්දේශ කරන්න කැමතියි.
6. Lolita (1997)
1997 දී නිපදවූ ලොලිටා චිත්‍රපටය ව්ලැදිමීර් නබුකොව් නම් රුසියානු ගත්කතුවරයාගේ ජනප්‍රියම නවකතාවක් ඇසුරින් නිපදවූ චිත්‍රපටයක්. මෙහි තේමාව වී ඇත්තේ වයස 12ක ළාබාල දැරියක් කෙරෙහි ආකර්ෂණය වන වැඩිමහලු පුරුෂයෙක් ගැන කතා පුවතක් (චිත්‍රපටයේදී මේ වයස 14ක් ලෙසිනුයි සඳහන් වන්නේ). ලොලිටා නවකතාව චිත්‍රපටයක් හැටියට මුලින්ම නිර්මාණය වෙන්නේ 1962 දී ස්ටැන්ලි කුබ්‍රික් නම් සිනමාකරුවා අතින්. කෙසේ වෙතත් ඒ චිත්‍රපටයටත් වඩා ආන්දෝලනයකට ලක් වන්න සමත් වන්නේ 1997 දී ඒඩ්‍රියන් ලයින් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ලොලිටා චිත්‍රපටයයි.
මෙම චිත්‍රපටය බාල වයස්කාර දැරියක් සම්බන්ධ රාගාන්විත ජවනිකා තිබීම නිසා යම් යම් මතභේදකාරී තත්ත්වයන් පැන නැගීම හේතුවෙන් සමහර රටවල චිත්‍රපටයේ ප්‍රදර්ශනය පමාවූ බවත් වාර්තා වනවා.
7. Antichrist (2009)
ලාර්ස් ෆොන් ට්‍රයර්ගේ ඇන්ටික්‍රයිස්ට් චිත්‍රපටය අඳුරු තේමාවකින් යුක්ත, වරක් නැරඹීමෙන් පමණක් තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ සිනමාපටයක්. තම කුඩා දරුවාගේ මරණයෙන් අනතුරුව ඇතිවන මානසික කැළඹුම නිසා වනගත කුටියක තනිවන මවක් සහ පියෙකුගේ කතාපුවතක් තමයි ඇන්ටික්‍රයිස්ට් චිත්‍රපටයේ කතාවට තේමාව වෙලා තිබෙන්නේ. මේ චිත්‍රපටයත් මතභේදයට ලක්වන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ස්වපීඩාකාමුකත්වය වැනි දර්ශන විශාල ප්‍රමාණයක් ඇතුලත්ව තිබීම නිසයි.
2010 කෑන්ස් චිත්‍රපට උළෙලේ මෙය ප්‍රදර්ශනය කලවිට සමහර ප්‍රේක්ෂකයන් අතරමගදී චිත්‍රපටය නැරඹීම නැවැත්වූ වගටත් සමහරුන් ක්ලාන්ත වීමට ලක්වූ වගටත් වාර්තා පලවුණා. කෙසේ නමුත් චිත්‍රපටයේ ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ජවනිකා කතා තේමාවට අදාලව යොදාගත් ඒවා වීම නිසාවෙන් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා වැඩි බාධාවකින් තොරව සුදුසුකම් ලබන්න සමත් වෙනවා.
8. Salo, or the 120 Days of Sodom (1975)
පාවුලෝ පැසොලීන්ගේ සාලෝ චිත්‍රපටය අදටත් ලොව පුරා කතාබහට ලක්වෙන, අදටත් සමහර රටවල ප්‍රදර්ශනය තහනම් කර ඇති චිත්‍රපටයක්. සාලෝ නුවර බලවත් පුද්ගලයන් පිරිසක් විසින් තරුණ තරුණියන් පිරිසක් සිරගතකොට විවිධ වධ බන්ධන වලට ලක් කරන සිදුවීම් පෙළක් තමයි චිත්‍රපටයේ මතුපිට කතාවෙන් ප්‍රේක්ෂකයාට පෙන්වන්නේ. බොහෝ අස්වාභාවික, කෘර වධබන්ධන සහ ලිංගික පීඩාවන් ඇතුලත් මේ චිත්‍රපටයේ යටින් දිවෙන්නේ ප්‍රබල දේශපාලනික කතාපුවතක්. මෙහි යම් යම් යටි අරුත් ගැබ් කිරීම සඳහා අශූචි සම්බන්ධ දර්ශනද බෙහෙවින් යොදාගැනීම නිසා නරඹන්නන්ට අප්‍රියජනක අත්දැකීමක් ළඟාකරන්නටත් චිත්‍රපටයේ මතුපිට දර්ශන පෙල සමත්වනවා.
එවක් පැවැති දේශපාලන ක්‍රමයට පහරක් එල්ලකිරීම පිණිස තනන ලද චිත්‍රපටයක් වූ මෙය ප්‍රදර්ශනය කිරීමට පෙර පැසොලීනි අවසනාවන්ත අයුරින් ඝාතනය වී තිබෙනවා.
9. Human centipede (2009)
නෙදර්ලන්ත සිනමා අධ්‍යක්ෂක ටොම් සික්ස්ගේ ද හියුමන් සෙන්ටිපීඩ් චිත්‍රපටය නරඹන ඔබට මෙය නිර්මාණය කර ඇත්තේ සිනමා කරුවෙක්ද? එසේත් නැතිනම් මානසික විකෘතිතාවයකින් යුතු රෝගියෙක්ද කියන පැණය ඇතිවෙන්න පුලුවන්. විකෘති මනසකින් යුතු ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් කාන්තාවන් දෙදෙනෙක් සහ පුරුෂයෙක් පැහැරගෙනවිත් ඔවුන්ගේ මුඛ සහ අධෝමාර්ග එකට සම්බන්ධ කොට (තිදෙනා එකතුවෙන් පත්තෑයෙක් සේ පෙනෙන්නට) කරන පරීක්ෂණයක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ. ඉතාම අප්‍රිය ජනක රූපරාමු පෙළකින් යුතු චිත්‍රපටයක් වුවත් එහි ජනප්‍රියත්වය නිසාම මේ වන විට එහි දෙවැනි සහ තුන්වැනි කොටස් වශයෙනුත් තව චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙනවා.
10. Pink flamingos (1972)
ජෝන් වෝටර්ස් අධ්‍යක්ෂකවරයා සහ Transvestite චරිතයක් වන ඩිවයින් එකතුවෙන් ෆිල්ම් එකක් හැදෙනවා කියන්නේ ලෝකේ තියන අප්‍රසන්නම චිත්‍රපටයක් හැදෙනවා කියන එකයි. මේ දෙදෙනා එකතුවෙන් නිර්මාණය වෙච්ච පින්ක් ෆ්ලැමින්ගෝ චිත්‍රපටයත් මෙවන් විකෘති සහ අප්‍රසන්න දර්ශන රැසකින් හෙබි චිත්‍රපටයක්. මෙහි ඇති අප්‍රසන්න සහ මතභේදකාරී දර්ශන ගැන අපි විස්තර කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඔබේ ආහාර රුචිය සහ මානසික සුවය පහත හෙළිය හැකි මේ චිත්‍රපටය නැරඹීමෙන් නම් වළකින තරමට හොඳයි කියලයි අපි නිර්දේශ කරන්නේ.