Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    Cookie

    ඔය ගොල්ලෝ හුග දෙනෙක් දන්න දෙයක් තමා Cookie කියන්නෙ. නමුත් සමහර අය මේක ගැන අහල තිබුනට හරියට දන්නේ නෑ. ඉතින් මම හිතුවා ඒ කට්ටියට Cookie ගැන කියලා දෙන්න.


    මොකක්ද මේ Cookie එකක් කියන්නේ

    Cookie එකක් කියන්නේ පොඩි TXT file එකක්. ඒකේ අතුලේ server side useful data තියෙන්නේ. Cookie එකක් txt file එකක් නිසා පොඩි ඉඩක් තමා වෙන්නේ. එක හදන්නේ server side එකෙන්, client side computer එකේ. ඒ කියන්නේ ඔයා web page එකක් request කලාම ඒ request එකට ආදාල web page එක client computer එකට sever එකෙන් send කරනවා. එතකොට තමා මේ cookie කියන එක හැදෙන්නේ.

    cookie එකෙන් මොකක්ද වෙන්නේ

    Cookie එක read කලාම client ගැන server එකට දැනගන්න පුලුවන්.
    Example:
    ඔයා Ebay site එකෙන් Computer පොතක් buy කලා කියමු. එතකොට server එකෙන් ඔයාගේ computer එකේ ගත්ත පොත ගැන විස්තර දාලා cookie එකක් හදනවා. එතකොට ඔයා next time Ebay site එකට ගියාම, sever එක ඔයාගේ computer එකේ හදපු cookie එක read කරලා දැන ගන්නවා ඔයා computer book එකක් කලින් buy කරලා කියලා. දැන් ඒ ගොල්ලන්ට පුලුවන් ඔයාට අලුතින් ඒ ගොල්ලො sell කරන computer books ගැන ඔයාට කියන්න. ඒ වගේම පුලුවන් computer books වල offers තියනවානම් ඒවත් කියන්න.

    මෙහි ඇති මුලික වාසි නම්,

    1. special offers පෙන්වීමට ඇති server එකට එන සියලුම usersලාගේ අදාල විස්තර sever එකේ save කර තිබුනා නම් ඒ සදහා server එකේ වෙනම capacity එකක් වෙන් කිරිමට සිදුවිම.නමුත් cookie එක client side එකේ නිසා capacity එක ඉතුරු වෙනවා.
    2. Server එකේ data තිබුනා නම් register usersලාට පමනක් special offers පෙන්වීමට හැකි වීම. නමුත් cookie එකක් මගින් ඔනම user(register or unregistered) කෙනෙකුට ඔහුගේ interest එක අනුව හැකියාව.

    කොහොමද මේ cookie එකක් හදන්නේ

    cookie එක අපි create කරන්නෙ php(computer language) වලින්.....php වල 'setcookie()'function එක තමා අපි use කරන්නේ cookie එකක් හදන්න. Notepad එකක පහත සදහන් code ලියන්න. code එක Save කරන විට "නම.php"කියල දෙන්න. file extension එක '.php' විය යුතුමයි.
    <?php
    setcookie("නම","අන්තර්ගතය",කාලය);
    ?>
    <html>
    <body>
    <h3>Cookie created</h3>
    </body>
    </html>


    පැහැදිලි කිරිම

    • නම - සෑම cookie එකකටම නමක් දිය යුතුය. දෙන නම තමන් කමැති නමක් දිය හැක.
    • න්තර්ගතය - එක අතූලේ තිබිය යුතු විස්තර(content of the cookie).
    • කාලය - සෑම cookie එකක්ම පවතින්නේ කිසියම් කාල සිමාවක් තුල පමනි. එය තිරනය කරනු ලබන්නේ ඔබ(creater) විසිනි. කාලයක් නුදුන්නහොත් cookie එක web browser එක open කල විට create වි web browser එක close කල විට expire වේ.
    කාලය දෙන ආකාර

    time()+සිටිය යුතු කාලය විනාඩි වලින්

    පැහැදිලි කිරිම.
    time() යන්නේන් සිදු වන්නේ, cookie එක හදන වෙලාවේ client computer එකේ කාලය[time] එක ලබා ගැන්මයි.

    example


    • cookie හදන වෙලාවේ සිට 1hour වලින් expire වන එකක් සෑදිමට නම්
    time()+3600

    • cookie හදන වෙලාවේ සිට 1day වලින් expire වන එකක් සෑදිමට නම්
    time()+3600*24

    • cookie හදන වෙලාවේ සිට 30days වලින් expire වන එකක් සෑදිමට නම්
    time()+3600*24*30

    කොහොමද මේ cookie එකක් කියවන්නේ

    php වල '$_COOKIE[]'function එක තමා අපි use කරන්නේ cookie එකක් කියවන්න. Notepad එකක පහත සදහන් code ලියන්න.code එක Save කරන විට "නම.php"කියල දෙන්න.
    <html>
    <body>
    <h3>cookie content</h3>
    <br/>
    <hr/>
    <?php
    $val=$_COOKIE["cookie න"];
    echo "content is $val";
    ?>
    </body>
    </html>
    මෙහිදි නමට අදාල cookie එකේ content එක display වේ.

    වැදගත්

    අපගේ web browser වලට කියවිය හැක්කේ html පමනි. නමුත් server එකක් language ගොඩකින්(php,asp,DBMS) වැඩ කරනවා. එහිදි අපි server එකෙන් page එකක් request කල විට වෙන lanuage වලින් ඒ page එක තිබේ නම්,එම page එක html වලට convert කර අපට send කරයි. ඉහත codes සදහා මම php use කර තිබේ. එම නිසා එය අපගේ පරිගනක වල ක්‍රියා නොකරයි. තාවකාලික ලෙස අපගේ පරිගනකය sever එකක් බවට පත් කිරිමට ඔබට software එකක් බාවිතා කල හැක.

    Example: WAMP sever
    http://www.wampserver.com/
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    cookies edit karanna kramayak thiyenawada? :)

    cookie ekak expire wena ekak nisa edit karanne na... but oyata mehema karanna puluwan...
    api hitamu oya cookie ekak haduwa kiyala content eke "This is my cookie" kiyala. dan oyata eaka edit karanna ooone "created" kiyana kotasa daala. itin ayeth cookie eka liyanawa content eakata This is my cookie created" kiyala. eathakota hari...