කොරොල්ල 141 එකක් ගන්න කියලා බැලුවේ.
මට දැනගන්න ඕනි මේවාට දැන් පාර්ට්ස් තියෙනවද ලේසියෙන් හොයාගන්න පුළුවන්?
අනික ඉක්මන් එකේ බැලුවම තියෙනවා දැක්කා ඩීසල් වාහන වගයකුත්. මේවගේ ඩීසල් ඒව ආවද?
p.s:-
ඔක්කොටොම තැන්ක්ස් රිප්ලයි කරාට. මගේ බජට් එක 40-45 වගේ. උපරිම 47 යතැකි. මං බැලුවේ 141,belta,yaris මේ සෙට් එකම එකම ප්රයිස් රේන්ජ් එකේ වගේ යන්නේ.(පොඩි ගානක් වෙනස් වෙන්නේ) මේ තුනෙන් ගන්නවනම් කෝකද හොදම. එහෙම නැත්නම් වෙන සජෙස් කරන්න පුළුවන් වාහනයක් දන්නවද? තෙල් කරන එක අඩු උනාට අවුලක් නෑ. ලෙඩක් ආවොත් ලේසියෙන් පර්ට්ස් හොයාගන්න පුළුවන් වෙන්න ඕනි.
Corolla 141 Japanese made 1600cc Petrol YOM 2008
කරදර නැති comfortable car එකක්.
Performance හොඳයි. Good stability and control.
Good ground clearance. 5 දෙනෙක් දාගෙන ගියත් යට වදින්නෙ නෑ.
Fuel usage around 10km/l
Spares Toyota Lanka තියෙනවා.
Axio, Premio, corolla 121 වගේ overprice නෑ.
ඔය වාහනේට broker ල නම් කැමති නෑ. Market නෑ කිය කිය මැරෙන්න හදනවා.
ඒ නිසා Corolla 141 එක after market එක ගැන හිතන තෙල් මීටරේ බල බල දුවන කෙනෙක්ට ගැලපෙන්නෙ නම් නෑ.
Comfortability and driving pleasure එක ගැන හිතන කෙනෙක්ට බොක්කෙන්ම recommend කරන වාහනයක් Corolla 141.