Corona එන්නත චිනේ එක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    දන්නා විදිහට පාලනය කරලා නං අව්ලක් නෑ ඒ කියන්නේ දැනට ප්‍ර්ෂර් නෑ සීනි ගොඩක් වැඩි නැතිනම් විදිනවා අපේ පැත්තේ moh නං කියල තිබ්බේ එහෙම අය දොස්තර කෙනෙක්ගෙන් අහල බලන්න කියල. ඇලජික් තියෙනව නං විදින්නේ නෑ ලු මොන වගේ ඇලජික් ද කියල දන්නේ නෑ

    හෙට විදිනෝ නං අද හරියට බෙහෙත් බොන්න කියහන්
    විද්දට පස්සෙත් හරියට වෙලාවට බෙහෙත් ටික ගන්න ඕන
     
    • Love
    Reactions: rock pora

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    eye vaccine eka gaha gaththa. (synopharm) .eka gahanna kalin ahanawa beheth walata allergy tiyanwada kiyala. echcharai ahanne. baya wenna epa ban. vaccine ekak ganne nathuwa enna eka thamai bayanaka.
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දන්නා විදිහට පාලනය කරලා නං අව්ලක් නෑ ඒ කියන්නේ දැනට ප්‍ර්ෂර් නෑ සීනි ගොඩක් වැඩි නැතිනම් විදිනවා අපේ පැත්තේ moh නං කියල තිබ්බේ එහෙම අය දොස්තර කෙනෙක්ගෙන් අහල බලන්න කියල. ඇලජික් තියෙනව නං විදින්නේ නෑ ලු මොන වගේ ඇලජික් ද කියල දන්නේ නෑ

    හෙට විදිනෝ නං අද හරියට බෙහෙත් බොන්න කියහන්
    විද්දට පස්සෙත් හරියට වෙලාවට බෙහෙත් ටික ගන්න ඕන
    me davas valanm awlk na. eth hitapu gaman sugar vadi venava. evata beth bondava. ethakota ithin adu venava. ada bethnm bivva bn.
    ela machan. thanks machan info valata :)
    eye vaccine eka gaha gaththa. (synopharm) .eka gahanna kalin ahanawa beheth walata allergy tiyanwada kiyala. echcharai ahanne. baya wenna epa ban. vaccine ekak ganne nathuwa enna eka thamai bayanaka.
    hmm heta balanava machan ekkan gihin. thanks machan info valata :)
     
    • Like
    Reactions: san**

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ⦿ Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

    ⦿ ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

    ⦿ වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

    ⦿ Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

    ⦿ Sinopharm සාර්ථක එන්නතක් ද?

    --- Sinopharm එන්නත පිළිබඳව බහුලව නැගෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ---

    1. Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

    Sinopharm එන්නතෙහි අඩංගු වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දමන ලද වෛරසයක්. මේ නිසා ශරීරය තුළදී කිසිම ලෙසකින් ක්‍රියා කිරීමට හෝ ගුණනය වීමට මෙයට හැකියාවක් නෑ. ඒ නිසා මෙමගින් රෝගය වැළඳීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.

    2. Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

    මෙයට හේතුව ගැබිනි මාතාවන් අතරෙහි මේ එන්නත භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. කෙසේ වුවත් එන්නතෙහි ස්වභාවය හා සංඝටක සලකා බලන විට, ගර්භනී මව්වරුන් අතරෙහි ද එහි ක්‍රියාකාරිත්වය හා ආරක්ෂාකාරී බව නොවෙනස්ව පවතිනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා.

    ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ටත් ලබා දෙනවාද, ලබා දෙන්නේ කුමන අවස්ථාවලදීද, යන කරුණු, එන්නත සම්බන්ධයෙන් යාවත්කාලින වන නවතම දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති.

    3. ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

    එන්නත ලබා දීමට ප්‍රථම ගර්භණී බව පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නැහැ. මේ එන්නත කිසිම ලෙසකින්වත් මදසරුභාවයට හේතු වීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් මෙම එන්නත ලබා ගැනීමට කිසිදු බාධාවක් නෑ. ගර්භනී තත්ත්වය තුළ දී කොවිඩ් රෝගය බලපෑ හැකි ආකාරය සළකා බලද්දි එයට පෙර එන්නතෙන් ආරක්ෂාවක් ලබා ගැනීම ඉතා නුවණැති ක්‍රියාවක් බව පෙනෙනවා.

    4. වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

    මෙම එන්නත පිළිබඳව සිදුකරන ලද සායනික පරීක්ෂණ වලදී මෙම එන්නත කිසිදු වයස් කාණ්ඩයකට ගැටලුවක් ඇති කරන බවක් වාර්තා වී නැහැ. නමුත් ඒ සඳහා යොදාගෙන ඇති නියැදියේ (sample) වයසින් වැඩි පුද්ගලයින් සංඛ්‍යාව අඩුවීම නිසා ලංකාවට මුලින්ම මෙම එන්නත හඳුන්වා දෙන අවස්ථාවේ දී වැඩිහිටි පුද්ගලයින් සඳහා එය අනුමත කළේ නැහැ. නමුත් දත්ත තවදුරටත් සලකා බැලීමේදී සහ ලංකාවේ දැනට රෝගය පැතිරීගෙන යන අවදානම සලකාබලා කිසිදු රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති අවුරුදු 60 ට වැඩි සියල්ලන් සඳහා ද මෙම එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ඉහත කරුණු සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ මහජනතාවට එන්නත් ලබාදීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමෙන් මෙන්ම දේශීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් බව. නවතම දත්ත භාවිතා කරමින් සහ රටේ වසංගත ස්වභාවය අධ්‍යයනය කරමින් එන්නතක් ලබා දීමට තීරණය කරන්නේ ඉන් රෝගයට එරෙහිව ලැබෙන ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගවීමක් සහිතවයි.

    5. Sinopharm සාර්ථක එන්නතක් ද?

    කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා Sinopharm සාර්ථක එන්නතක් බව නවතම පර්යේෂණ දත්ත ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙම එන්නත දැනටත් භාවිතා කර ඇති බහරේන් වැනි රටවල නිරීක්ෂණ දත්ත ආශ්‍රයෙන් මෙම කාරණාව තවදුරටත් තහවුරු වෙනවා.

    රටකට එන්නතකින් පමණක් වසංගත තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ. අනෙකුත් ආරක්ෂාකාරී පියවර ද මනාව අනුගමනය කළ යුතුයි. ඒ කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පිටුදැකීමේ සටනේ දී එන්නත්කරනය අපට ඇති ප්‍රබලම ආයුධයක් වෙනවා. ගෝලීය වශයෙන් විශාල එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේ, රටට එන්නත් ලැබෙන්නේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහටයි.

    එන්නත් කරණය කර ගැනීමට ඔබට යම්කිසි අවස්ථාවක් ලැබුනහොත් ලැබුණ පළමු අවස්ථාවෙන් ම එයට යොමු වීම වැදගත් වන්නේ ඒ නිසයි.
    #COVID19 #COVID19LK #COVID19SL #coronavirus #covidvacccine2021 #Sinopharm
    මේක family health bureau එකෙන් ශෙයා කරපු ආටිකල් එකක්
    ------ Post added on May 15, 2021 at 12:19 AM
     
    • Love
    Reactions: rock pora

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Bala bala inna epa machan... Amma ta vaccine eka ganna kiyanna.
    Oke side effects aththeme nathi tharam. Sinopham eka godak hodai aduma gane oluwe kakkumak wath enne na 99.99999% kata.

    Baya wenna epa. Vaccine eka missed wena eka thamai me wele wenna puluwan narakama de.
     
    • Love
    • Like
    Reactions: KDH and rock pora