මේ දිනවල පැතිරෙන ඉතාමත් භයානක වෛරස් මාරයාගෙන් බේරීමට තවත් ටිප්ස් ටිකක්. 
චීනයට පසුව වැඩිම මරන ගණනක් වාර්තා වන ඉතාලියේ මිනිසුන්ගේ නොසැලිකිලිමත් කම නිසා අද සිය ගනන් මිනිසුන් එකම දවසේ මිය ගිහින් 
ඒ නිසා අපි තව ටිකක් පරිස්සම් වෙමු
කඩෙන් ගේන එලවලු පලතුරු ,බිත්තර හැමෝම අල්ලනවා , ඒවා මොන විදියට ප්‍රවාහනය කරනවා ද කියලා අපි දන්නෑ
ඒ නිසා සෝදලා කල් තියාගන්න පුලුවන් හැම එලවලුවක්ම හා පලතුරක්ම ගෙනාපු ගමන් සෝදමු..
හෝදන්න පුලුවන් Vegetables and fruits, eggs ඔක්කොම වතුරෙ දාලා විනාකිරි මූඩියෙන් එකක් හෝ දෙකක් , ලුනු අවශ්‍ය ප්‍රමාණයට දාලා විනඩි 10ක් පෙගෙන්න තියන්න.
ආයෙත් ගලායන වතුරෙන් හොදට හොදලා අරන්
කපු රෙද්දක තෙත මාත්තු වෙන්න තියලා , පිහිදලා ෆ්‍රිජ් එකට දාලා තියාගන්න.
එලවලු පලතුරු නරක් වෙන්නෙ නෑ හොදට වතුර මාත්තු කරහම නැවුම්ව තියෙනවා
මේ සදහා එලවලු පලතුරු සෝදන liquid තියෙනවා super market වල ඒවා භාවිතා කරන්නත් පුලුවන්..
එලවලු ගෙනාපු සිලි කවර හා පත්තර පිටු ඉවත දැමිය හැකි සියලු දේ ඉවත් කරන්න
නැවත නැවත පිරිසිදු කරල භාවිතා කර හැකි එළවළු බෑග් , සහල් බෑග් භාවිතයට ගමු .
( එවිට සිලි කවර හා ප්ලාස්ටික් පරිසරයට එකතු වීම අවම කරයි , අපිරිසිදු සිලි බෑග් මගින් බෝ වීම සිදුවෙයි)
මතක තියාගන්න සලාද වගේ අපි අමුවෙන් කන පලා වර්ග, තක්කාලි , අමුමිරිස් ,සලාද කොල වගේම කරපිංචා රම්පේ මේ විදියට අනිවාර්යම පිරිසිදු කරන්න..
ඒ වගේම අපි ගේන ළූණු , අල වගේ ඒවා සෝදන්න බෑ.
ඒවා අපිට පුලුවන් නම් පැය දෙකක් වත් තද අව්වෙ වේලලා තියාගන්න ඒකත් මේ වෙලාවේ ගොඩක් වටිනවා.
මාලු , මස් පිසින විට හොදින් තම්බලා ආහාරයට ගන්න. Half boiling ක්‍රම භාවිතා කරන්න එපා!
ඒ වගේම අපි නිවසින් පිටතට ගිහින් ආවම මුලුන්ම
නිවසින් පිටතින් කහ, දෙහි කෑලි , අමුකහ කෑලි හෝ කුඩු පොඩ්ඩක් දාලා වතුර බේසමක් තියන්න.
වතුර ගන්න පුලුවන් වෙන්න කප් එකක් හෝ කෝප්පයක් තියන්න.
ගෙට එන්න කලින් මූන අත් පා සෝදගන්න, ගලා යන වතුරෙන් සෝදන්න.
බේසම ඇතුලට මූන අත් පා දාන්න එපා.
සපත්තු සෙරෙප්පු එලියෙන් ගලවා නිවසට ඇතුලු වීම්
රැගෙන ආ බඩු භාහිර , බෑග් එකම ස්තානක තැබීම
කකුල් හා දෑත් සබන් දා සේදීම හෝ නෑම
ගෙන ආ සියලුම බෑග් හා අනෙකුත් දේ sanitize / dettol හෝ විසබීජ නාශකයක් භාවිතා කර ස්පොන්ජ් / ටිෂූ /රෙදි භාවිතා කර පිරිසිදු කර බඩු ඇසුරා ගැනීම - බිස්කට් පැකට් පවා.
එම රෙදි හා ස්පොන්ච් සබන් යොදා පිරිසිදු කිරීම හා අව්වේ වියළා ගැනීම
අනිවාර්යයෙන්ම දුරකතනය විසබීජ නාශක දමා පිරිසිදු කිරීම
නිවසේ ප්‍රධාන දොර යතුරු , අගුලුව , ස්විච් , රිමෝට් sanitizer /alcohol හෝ dettol වලින් පිරිසිදු කිරීම
මුදල් පසුම්බිය හා මුදල් sanitizer කිරීම - අපි පිරිසිදු වූ පසු ඒවා භාවිතා කලයුතු වාර ගනන අවම කර ගැනීම.
මුදල් භාවිතා කිරීමේදී මුහුන ඇස් නාසය ඇල්ලීමෙන් වැලකීම
මුදල් භාවිතයෙන් පසු සැනිටයිසර් හෝ සබන් දා හොඳින් අත් පිරිසිදු කිරීම
නිවසින් බැහැර වීමේ දී භාවිතා කළ ඇඳුම් නැවත නැවත භාවිතා නොකර සෝදා අව්වේ වියළා ගැනීම
පුංචි දරුවන් ඉන්න නිවැස් වල විස බීජ නාශක භාවිතා කර නිතර බිම පිරිසිදු කිරීම
පිරිසිදු නොවී කුඩා දරුවන් ඇල්ලීම වඩා ගැනීම නොකිරීම
කුඩා දරුවන් නිවසින් බැහැරට රැගෙන නොයාම- අත්‍යවශ්‍යම කරුනකට අවම පුද්ගල ගනනක් පිටවීම.
ඔයාලට පුලුවන් spray bottle එකක් අරන් එකට ඩෙටෝල් එක්ක වතුර කලවම් කර හෝ sanitizer දමා බෝතලය ලේසියෙන් ගන්න පුලුවන් තැනකින් තියාගන්න. - ප්‍රදාන දොර ආශ්‍රිතව ( sanitizer නිවසේ සාදාගත හැක)
අනිත් දේ තමයි අපේ ගෙවල් වල ඉන්න චූටි බව්වො පූසෝ,

එයාලාට මේ වෛරසය බලපෑමක් නෑ ඒ උනාට ගෙවල් ඇතුලෙම හැදෙන සත්තු නෙවෙයි පොඩ්ඩක් ඇවිදලා රවුමක් දාලා ගෙදර එන අයගේ පිටත ශරීරයේ ලෝම වල ආසාදනය උන කෙනෙක් ගේ කෙල, සොටු , විසබීජ ගැවිලා තියෙන්න පුළුවන්
එයාලා ඇවිත් පුටු, මේස , මෙට්ට වල නිදාගන්නවා වෙන්න පුලුවන් .
ඒ නිසා එයාලා ඇවිදලා ගෙදර ආවම ඩොටෝල් දාපු වතුරෙන් /sanitizer වලින් හොම්බ ,ලෝම , ඇග, නැට්ට ස්පොන්ච් එකකින් / රෙද්දකින් පිහිදාන්න.
නාවන එක සෑම විටම ප්‍රායෝගික නැති නිසා
බව්වො ඇග ලෙව කන්නෙ නෑ පූසෝ වගේ.
පූසො ඇග ලෙව කන නිසා ගොඩක් සැර ඇල්කොහොල් වර්ග භාවිතා කරන්න එපා./ ඩෙටෝල් මිශ්‍ර වතුර කමක් නෑ. - හැකි නම් veterinarian ගෙන් අහන්න.

අපි එයාලට ආදරේ නිසාත් අපි අපිට ආදරේ නිසාත් මේ දේ අමාරුවෙන් හරි කරමු.
පුලුවන් නම් ඇවිදින්න යන එක එයාලටත් සීමා කරගන්න ගෙදරම තියාගමු.
මේ ලැබූ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන අරන් පිරිසිදු වීම් හරියට කරමු.
ඒ වගේම අනිත් අයව දැනුවත් කරන්න.
මෙයට අමතරව රූපවාහිනිය හා අනෙකුත් මාධ්‍යයන් ඔස්සේ ඔබව දැනුවත් කරන පිරිසිදු වීම සහ ආරක්ෂා වීමේ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න

මෙසේ ආරක්ෂා වීම ඔබ මෙන්ම ඔබගේ ආදරණීය පවුලේ දරුවන් වැඩිහිටි අයට ද ඉතාමත් වැදගත් බව මතක තබා ගන්න..

විහිලුවක් නෙමෙයි කොරෝනා වෛරසය මාරන්තිකයි!

ඔයාලගේ ක්‍රම හා ටිප්ස් තියෙනවා නම් කමෙන්ට් කරලා අනිත් අය එක්ක බෙදාගන්න.
( උපුටා ගැනීමකි. )