CORONA SAHA API

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපේ GMOA සහෝදර වරු මැතිවරණයෙන් පසු තවම රූපවාහිනියක් පැත්ත පලාතට ඇවිත් නැත. ජාසිංහ මහතාගෙන් පසු නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කවුද කියා මමවත් දන්නේ නැත. කොරෝනා තාක්ෂණික කමිටුව ද මංමුලා වී ඇත. අනෙක් රටවල් පාසල් වහන විට අපි සාමාන්‍ය පරිදි අරී. ළමයි මුව වැසුම් පාසලෙන් එළියට එන විටම ගලවති. පාරේ, බස් එකේ, කෝච්චියේ , බොහෝ අයට මුව වැසුම් තිබුණත් කාර්වල යන මහත්වරුන්ට ඒවා නැත. පොලීසිය අල්ලන්නේත් නැත. දුරස්ථ භාවය එක එක තැන් වල එක එක විදිහට ය. සංගීත සැනකෙළි, වෙඩින්, මළ ගෙවල් වල සෞඛ්‍ය නීති බල්ලාට දමා ඇත.සුපර්මාකට් වල ඇතුළට තිස් පහක් ගන්නා බව කීවද දැන් ගණන් කිරීමක් නැත. සල්ලි ලාච්චු දෙස මිස මේවා දෙස බැලීමට කවුරුත් නැත.

    PHI ලාත් වෙඩින් එකක මුව වැසුම් නැතුව අත් කරේ දමාගෙන නටනු මම බලා සිටියෙමි. ඒ මුව වැසුම රාජකාරියට පමණක් අදාල දෙයක් සේ සිතා ගෙන දැයි මම නොදනිමි. ආන්ඩුවේ ලොක්කෝ ද ජනතාවට වැරදි පූර්වාදර්ශ දෙමින් රූපවාහිනී ප්‍රවෘත්ති වලින් බාගයකට ම අරක් ගෙන, ඒ පුරාම රැස්වීම් පෙන්වා මුව වැසුම් නොදා සිටිමින් තම තමන්ගේ වීරත්වය ප්‍රදර්ශනය කරති. එයට ඔවුන් තුළ ඇති පුහු වීරත්වය හැර වෙනත් හේතූවක් මා හට සොයාගත නොහැකි විය. මන්ද; ලෝක සෞඛ්‍ය සංවිධානයවත් කිසිම රටක්වත්, අප රටේ සෞඛ්‍ය බලධාරීන්වත් කිසිම ආකාරයකට වැසුණු තැන්වලදී , ශාලාවල, හා විවෘත තැන්වල මුව වැසුම් නැතුව සිටීමට මෙතෙක් කාටවත් කොළ එළියක් ලබා දී නැති බැවිනි.


    සාමාන්‍ය ජනතාව තුළ සෞඛ්‍ය නීති ගැන තිබූ බිය නැතිකර දැමීමට සෑහෙන්න වගකිව යුත්තේ ඔවුන් සියලු දෙනා ය.


    gaththe kohen unath kathawa aththa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,718
    163,642
    113
    එකමත් එක රටක
    ලංකාවේ කොරෝනා පාලනය ගැන නම් සතුටු වෙන්න ඕනේ මචන්. අල්ලපු රටේ වෙලාතියන දේ එක්ක බලද්දී අපිට උබ ඔය කියලා තියන විදියට කරදරයක් නැතිව ඉන්න පුලුවන් එක ගැන නම් සතුටුයි. හිතපන් වෙඩින් එකක ඔක්කොම උන් mask දාගෙන ඈතින් ඈතින් හිටියම තත්වේ. එහෙම ඉන්න ඕන තත්වයක් නෑ දැන් බැලු බැල්මට. දැන් ගොඩක් උන් mask දන්නේ අනිත් උන් ගලවනකන් :lol:. mask දිගටම දාගෙන හිටියට අවුලක් නෑ පාරේ යද්දී එහෙම. දැන් හෙම්බා වගේ හැදෙන උන් සෑහෙන අඩුයි. කොරෝනා පාලනය කරපු එකේ credit එක නම් ස' ට , සෞඛ්‍ය , ආරක්ෂක අංශ වලට යන්න ඕනේ. :yes:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ගොඩක් රට වල school arala ne tienne. US, Japan dekema arala, E wunata e dekema dawasata cases kochchara hambenawa da.. Ape hambenne tama ratin ena ayane, ekat 90% wtra middle east. Hari nan ehema ewannat ba. Positive nan ehe tiaganna ona WHO rules walata anuwa.
    Math bus eke yanawa wadata hamadama wage. Bus wala minissu mask dan yanne. School lamai tama tkk adu. Samahara conductor la hodai. Mask natuwa awot daganna kyanawa.
    E wunata gdk rata wala mask ehema wat dan na. E athin mehe hodai.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    බිය අඩු උන එකනම් owl තමා..එත් තව අවරුදු 5ක් විතර මේක ගියොත් අපිට සාමාන්‍ය තත්වෙට පත්වෙලා ඉන්නවා ඇරෙන්න වෙන
    කරන්න දෙයකුත් නැහැ
     
    • Like
    Reactions: mrazeez and D_Mad