අසත්‍යය තොරතුරු ප්‍රචාරය කළ 23දෙනෙකුට නීතිමය පියවර
කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
ෆේස්බුක්, වට්ස් ඇප් සහ විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදාළ පිරිස ජනතාව නොමග යවන ආකාරයේ සහ අනියත බියක් ඇති වන ආකාරයේ තොරතුරු සමාජ ගතකර ඇති බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.
නිරෝධායන කටයුතු සඳහා සහයෝගය නොදක්වන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා එහිදි පැවසීය.
මේ අතර ඉදිරිසති දෙක තුළ උත්සව ආදී කටයුතු පැවැත්වීමට අවසර ලබානොදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
Adaderana


