පසුගිය උසස් පෙළ විභාගයේ z-score අහෝසියි-ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්June 25, 2012 10:39 am
පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.
ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-score ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම z-score ලකුණු සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදී.
පැරණි හා නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ට මේවන විට ප්‍රකාශයට පත් කර ඇති z-score ලකුණු ක්‍රමවේදයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අධිකරණයේ පිළිගැනීම විය.
එසේම පෙත්සම්කරුවන් විසින් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලය මුළුමනින්ම අහෝසි කරන ලෙස ඉල්ලා තිබුණත්,එකී ඉල්ලීම පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය z-score ලකුණු ක්‍රමවේදයේ ගණනය කිරීම් පමණක් අහෝසි කරන ලෙස තීන්දු කරන ලදී.