Covid-19 Sri Lanka 98න් 45 කට කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    8iuTX4LlGZO.png
    Author
    Covid-19 Sri Lanka


    මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
    පසුගියදා සිදුකළ පීසීආර් පරීක්ෂණ 98 ක් අතරින් මෙම පිරිස හඳුනාගත් බව මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය.
    පසුගියදා අදාළ වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ අනෙක් පිරිස ද පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබේ.
    ඒ අනුව මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේය.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Italy & USA වගේ බඩු හරි තමා.
    බැරිවෙලාවත් hospital clinic එන වයසක අයට බෝ වුනොත් නතර කරනවා බොරු
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    ගුවන්විදුලි නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උත්සව සමයේ හුදෙකලා තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තවමත් කල් වේලා පවතින බවයි.
    කෙසේ වෙතත් ජනතාව සතුව මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද යුද හමුදාපතිවරයා ස`දහන් කලා. එබැවින් බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙසයි යුද හමුදාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ.
    එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනටමත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා. එබැවින් එලෙස වෙන් කර ගෙන ගෙන ඇති හෝටල් හිමිකරුවන් හට ද දැඩි වගකීමක් පැවරෙන බවයි යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කලේ.
    මේ අතර, උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් ඉලක්ක කර අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ඊයේ සිට ආරම්භ වුණා.
     
    • Angry
    Reactions: dxx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විකාරයක් වෙලා නවතින්නේ මේක ලන්කාවේ මගුල.. මෙන්න මේක බලපල්ලා


    I know people are concerned about what's happening in NSW.
    There's no need to panic – but we absolutely can't afford to get complacent. We have to take this seriously.
    We always expected there would be flare ups and outbreaks. Weeks of zero cases are not the same as a vaccine, and we've planned for this very scenario.
    So here's what we're going to do:
    From 11.59pm tonight, we'll be introducing a permit system for everyone entering Victoria from NSW.
    Anyone who has been to the Northern Beaches and other hotspots (red zone) will not be allowed to enter. Any passengers that arrive from these areas after 11.59pm tonight will be transferred to hotel quarantine for 14 days.
    People travelling from Greater Sydney (orange zone) are encouraged to get tested on arrival and self quarantine until they receive a negative result.
    And we're asking anyone coming from regional NSW (green zone) to monitor for symptoms.
    Permits and eligibility will be checked at both ends of flights, and DHHS staff will meet all arriving passengers.
    At the same time Victoria Police will begin roving patrols at the land border, just as they did during our response to the South Australia outbreak.
    DHHS will also be contacting all airline passengers from NSW who arrived in Victoria from 11 December. If you travelled from the Northern Beaches and other NSW exposure sites from 11 December, you'll be required to get tested and self quarantine for 14 days from the date you were last in a red zone.
    If you have family and friends who recently came down, make sure they follow the advice and do the right thing.
    And if people are thinking about chancing it and trying to duck in without the right documentation – please don't. Anyone caught flouting these directions will be required to isolate in hotel quarantine for two weeks.
    We're also strongly advising Victorians not to travel to Sydney. The situation up there is expected to get worse over the coming days and the red zone is likely to grow.
    That means we cannot guarantee you'll be able to come back. People who've been in red zone areas will not be issued a travel permit – and given the way this thing moves, it's almost certain that more exposure sites will be added.
    I know these changes will affect some people's plans for the holidays – and I'm sorry about that.
    In such a hard year, so many of us have been counting down until we get to see those we've missed so much.
    But no family gathering is worth more than someone's life.
    And no Christmas lunch is worth risking everything we've worked so hard for.
    As difficult as it is, there will be other times to see loved ones. But we don't get a second chance to get this right.
    So please – take care. Be kind. And stay safe.

    DanielAndrews
     
    • Like
    Reactions: shenat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    meken berenna puluwan kramayak thiyanava sinhalu, dhammika peniya aran ghilla valakulu asseta dala vesi wassapan

    kali meniyanta peniya hoya ganna puluwan nam oka karanna berida? jay shi Kali, Namo Kali
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තව බයි පැණි ගහමු..මෝඩ හැත්ත
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය පහල තුළ පිහිටි තල්දූව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

    කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    තල්දුව සති පොල ආශ‍්‍රිතව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 72 කින් මෙම ආසාදිතයන් හමුවූ තිබිණි
    .



    මේ පොලේ කොරොනා කිව්ව්ව් දැන් දවස් 10කටත් කලින
    දැන් වහලා මොනව කරන්න ද.

    මේ පාර නම් හිතලම බො කරගන්නකම් ඉන්නව වගේ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කොරෝනා වැඩි උනාම තමයි අපිට ඩොලර් ටිකක් ආදාර ලැබෙන්නෙ. මෙක හිතලම පැතිරෙන්න දුන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    ගුවන්විදුලි නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උත්සව සමයේ හුදෙකලා තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තවමත් කල් වේලා පවතින බවයි.
    කෙසේ වෙතත් ජනතාව සතුව මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද යුද හමුදාපතිවරයා ස`දහන් කලා. එබැවින් බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙසයි යුද හමුදාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ.
    එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනටමත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා. එබැවින් එලෙස වෙන් කර ගෙන ගෙන ඇති හෝටල් හිමිකරුවන් හට ද දැඩි වගකීමක් පැවරෙන බවයි යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කලේ.
    මේ අතර, උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් ඉලක්ක කර අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ඊයේ සිට ආරම්භ වුණා.
    අනේ උන් කරනව ලබ්බ. දැන් අහම්බෙන් පාරෙ යන උන් චෙක් කරත් corona ලෙඩ්ඩු හම්බෙනව. බොරුවට ගමකින් ලෙඩ්ඩු ටිකක් හම්බුනාම එතන වගහගන්නව. වහපු තැන්වල උන්ට කන්න බොන්නත් නෑ. කිසිම සංවිධානාත්මක බවක් නෑ.
     
    • Like
    Reactions: skylander

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අනේ උන් කරනව ලබ්බ. දැන් අහම්බෙන් පාරෙ යන උන් චෙක් කරත් corona ලෙඩ්ඩු හම්බෙනව. බොරුවට ගමකින් ලෙඩ්ඩු ටිකක් හම්බුනාම එතන වගහගන්නව. වහපු තැන්වල උන්ට කන්න බොන්නත් නෑ. කිසිම සංවිධානාත්මක බවක් නෑ.
    ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කරන්නැයි දන්වයි.. කන්න දෙන්න සල්ලි නෑ කියා නගරාධිපති බෑ කියයි…
    December 20, 2020 at 12:02 am | lanka C news
    ගාල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම නිලධාරී වසම් 03ක දැඩි සංචරණ සීමා පැනවීමටත් තවත් වසම් 05 සංචරණ සීමා ලිහිල්කර පවත්වාගෙන යාමටත් ඊයේ තීරණය කළ ද ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසන්නේ තමන් එම යෝජනාව ක්‍රියාත්මක නොකළ බවයි.

    ඒ සම්බන්ධව අදහස් දක්වමින් නගරාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය,

    “සෞඛ්‍ය අංශ කියනවා සංචරණ සීමා දාන්න කියලා. නමුත් මට තේරෙනවා දැන් ගාල්ලෙන් කොරෝනා ආසාදියන් වාර්තාවීම අඩුවෙලා. දැන් අවදානමක් නැහැ. අපීට සංචරණ සීමා දාලා ඒ මිනිස්සුන්ට රුපියල් 5000.00 ගෙවන්න හැකියාවක් නැහැ. සංචරණ සීමා දානවා නම් ඒ අයට කන්න බොන්න දෙන්න ඕන, මේකට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. ඉතින් සංචරණ සීමා දාන්න බැහැ. මීට පෙර සංචරණ සීමා දාපු වෙලාවේ ඒ ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය නොකර තියාගත්තේ බොහොම අමාරුවෙන්. අදත් සංචරණ සීමා දානවා කියලා ආරංචි වූ වෙලාවෙත් උද්ඝෝෂණය කරන්න සූදානම් වෙලා අපි මැදිහත් වෙලා නැවැත්තුවා. අපි සංචරණ සීමා දානවානම් කොළඹත් එක්ක කතා කරලා මේ අයට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ ක්‍රමවේදයක් යොදා සංචරණ සීමා යොදන්න වෙනවා. ඒ නිසා මම සංචරණ සීමා පැනවීමේ ලිපි නිකුත් නොකරන්න තීරණය කළා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාටත් මා කීවා සංචරණ සීමා නොදාන බව.”

    මෙලෙස තවදුරටත් සංචරණ සීමා පවත්වාගෙන යාමට තීරණය කළේ (18) ගාල්ල ලබුදූව දක්ෂිණ පායේ දී දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටු රැස්වීමේ දී ය.

    ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 18 වනවිට කොරෝනා ආසාදිතයන් 120කට වඩා වාර්තා වී තිබූ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ මිලිද්දුව පොකුර නමින් හඳුන්වා ඇති එම රෝගීන් සමූහයෙන් තවදුරටත් කොරෝනා පැතිරීමේ සක්‍රීය මට්ටමක පවතින බවයි.

    එබැවින් ඒ වනවිට දැඩි සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් පහක සංචරණ සීමා ලිහිල් කිරීමටත් කටුගොඩ, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසවල දැඩි සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යාමටත් කොවිඩ් කමිටුවේ දී ලැබුණු සෞඛ්‍ය උපදෙස් මත තීරණය කෙරිණි. නගර සභා ආඥා පනතේ ඇති බලතල අනුව මෙම සංචරණ සීමා පැනවීමේ ලිපිය පොලිසිය වෙත නිකුත් කිරීම නගරාධිපතිවරයාට පැවරිණි.

    එසේ වුව ද නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසන්නේ තමන් සංචරණ සීමා පැනවූයේ නැති බවයි. ඒ අනුව මේ වනවිට ගාල්ල මහ නගර සභා බල සීමාවේ කිසිදු ස්ථානයක සංචරණ සීමා නැතැයි ද හෙතෙම කීවේය.