කාඩ්එක පාවිච්චි කරන්න මිනිස්සු පුරුදු වෙනවා කියන්නෙ ගණුදෙනුකරුවන් සල්ලි නෝට්ටු අරගන්න ඒටීඑම් වලයි ශාඛා වලයි පෝලිමේ ඉන්න එක අඩු වෙනවා එතකොට බැංකුවට අනෙක් ගණුදෙනුකරුවන් වෙනුවෙන් සේවාව සපයන්න ලේසියි. මොකද සල්ලි අරන් ගිහින් ඇඳුම් ගත්තත් කාඩ් එකෙන් සල්ලි ගෙව්වත් මිනිස්සු ඇඳුම් ගන්නවාමයි. කඩේ අයටත් සල්ලි ගණන් කරන්නයි ඉතුරු සල්ලි දෙන්නයි මහන්සි වෙන්න දෙයක් නෑ.
එතකොට මේ දෙන 20%වට්ටමක් කියන්නෙ මෙයින් සියයට ගාණක් (බොහෝවිට බාගයක්) බැංකුව විසින් අදාල වට්ටම් දුන්න ආයතනයට ගෙවනවා. ඒ කියන්නෙ වට්ටම බැංකුවයි ආයතනයයි එකතු වෙලා දෙන එකක්. කඩේ අය බඩු ගණන් වැඩි කරලා ඊට පස්සෙ වට්ටම් දීලා තිබුනොත් කඩේට ලාබයි . සමහර කඩ වල මෙහෙම කරනවා. එකම ඇඳුම අවුරුදු කාලෙ ගන්නවාට වඩා අඩුවට ජුනි විතර වෙද්දි ගන්න පුලුවනි.