Credit card statement එක තෙරෙන්නේ නෑ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මම ක්‍රෙඩිට් කාඩ් subject එකට අලුත්. ක්‍රෙඩිට් කාඩ් statement එක ගැන අවුල් ගොඩක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවා නම් තෙරුම් කරලා දෙන්න පුලුවන්ද.මුලින් මම හිතාගෙන ඉන්න විදිහයි ඊට පස්සෙ මට වෙලා තියෙන දේයි කියන්නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න.

    මම හිතාගෙන ඉන්නේ මෙහෙමයි:

    කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් විස්තරේ Online banking වලින් චෙක් කලාම ඒකේ Available Balance සහ Current Balance කියලා දෙකක් තියෙනවා. Available Balance කියන්නේ මට දැනට ගන්න පුලුවන් ගාන. Current Balance කියන්නේ මම කාඩ් එකට දාන්න තියෙන ගාන. ඒක හරිද.

    එතකොට Statement එකේ තව දෙකක් තියෙනවා. එකක් Last Statement Balance අනිත් එක Due Date එක .Last Statement Balance කියන්නේ මන් අවසානෙ ගෙවලා තියෙන ගාන හෝ ගෙවලා නැත්තන් ගෙවන්න තියෙන ගාන. Due Date එක කියන්නේ Last Statement Balance එකේ තියෙන ගාන ගෙවන්න තියෙන අවසාන දිනය. ඒකත් හරිනේ.

    දැන් මම කියන්නේ මට වෙච්ච දේ පිළිවෙලට (සිංගර් එකට වාරික විදිහට ගෙවන්න තියෙන්නේ කීල්ස් එකට වාරික විදිහට නෙමේ. මීළ ගනන් ආසන්න ගානක් දාලා තියෙන්නේ)

    මට Singer එකට හැම මාසෙම 26 වෙනිදා වෙද්දි 2467 ක් ගෙවන්න තියෙනවා.

    ජනවාරි 26 වෙනිදා වෙද්දි ගෙවන්න තියෙන 2467 මම ගෙවනවා ජනවාරි 13 වෙද්දි

    ඊට පස්සෙ මම කීල්ස් එකෙන් 15500 ක බඩු ගන්නවා.ආපහු සතියකට පස්සෙ කීල්ස් එකෙන්ම 3200 ක බඩු ගන්නවා. එතකොට මගේ Current Balance එක 18700 කියලා වැටෙනවා. Available Balance එක 20000 ගානක් කියලා තියෙන්නේ. ඒකත් හරි ප්‍රශ්නයක් නෑ.

    හැබැයි ප්‍රශ්නේ එන්නේ ඊට පස්සේ

    මට ඕනේ වෙනවා අර 18700 න් කොටසක් අඩු කරගන්න. මම ඒ වෙනුවෙන් 27 වෙනිදා ගෙවනවා 4500 ක් මම හිතුවේ අර 18700 ක් තිබ්බ එකෙන් ඒ 4500 අඩු වෙලා 14200 ක් වෙලා Available Balance එකත් 24500 ක් වෙයි කියලා.

    Available Balance එක 24500 ක් වෙලා තියෙනවා ඒකත් හරි

    ඒත් අර එකේ 18700 අඩුවෙලා තියෙන්නේ 16600 වෙනකල් විතරයී ඒකට හේතුව ගෙවපු 4500 න් 2467 ක් ආපහු Singer එකේ වාරිකේට කපාගෙන ඒ කියන්නේ 26 වෙනිදා ගෙවන්න තිබ්බ වාරිකේ මන් 13 වෙනිදා ගෙව්වත් ආපහු 28 වෙනිදා වරිකේ කපාගෙන ඉතුරු ගාන තමයි අර 18700 න් අඩුකරලා තියෙන්නේ.

    මේක වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ganna ganna then walin ehema aduwen ne bn, total eken aduwenne, kiyala denna kohenda patan ganne kiyala hithaganna be,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකට පස්සෙ ගෙවන මුල්ම ගෙවීම් යන්නෙ අනුපිලිවෙලකට.
    1. කලින් බිලට දඩ තියෙනව නම් ඒව කපනව.
    2. කලින් බිලට පොලිය තියෙනව නම් ඒක
    3. බැංකුව අයකරන ගාස්තු
    3. වාරික ගෙවීම්
    4. බිල් පතේ අවම ගෙවීම
    5. බිල්පතේ ඉතිරිය

    මේ පිලිවෙල බැංකුවෙ වෙබ්සයිට් එකේ හරි බිලේ පිටිපස්සෙ හරි දාල තියෙනව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ganna ganna then walin ehema aduwen ne bn, total eken aduwenne,
    gaththu eken adu una eka neme ban prashne. me masema singer ekea payment eka 2 parak kapagena keels ekata gevanna thiyena eken kotasai adu vela thiyennea
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එකට පස්සෙ ගෙවන මුල්ම ගෙවීම් යන්නෙ අනුපිලිවෙලකට.
    1. කලින් බිලට දඩ තියෙනව නම් ඒව කපනව.
    2. කලින් බිලට පොලිය තියෙනව නම් ඒක
    3. බැංකුව අයකරන ගාස්තු
    3. වාරික ගෙවීම්
    4. බිල් පතේ අවම ගෙවීම
    5. බිල්පතේ ඉතිරිය

    මේ පිලිවෙල බැංකුවෙ වෙබ්සයිට් එකේ හරි බිලේ පිටිපස්සෙ හරි දාල තියෙනව.
    menna thiyanawa kepena piliwela
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට පේන විදිහට 2400ක පෙන්ඩින් transaction එකක් තියනවා. තාම අප්ඩේට් වෙලා නෑ. Available Balance එක pending එක include කරලා සහ Current Balance එක පෙන්නන්නෙ pending transaction include කරන්නෙ නැතුව.
     
    • Like
    Reactions: sami_boy

    ඒ කියන්නේ බිල්පතේ ඉතිරියට කලින් වාරිකේ ගෙවිලා තියෙනවා කියන එකනේ. ඒත් මම වාරිකේ ගෙවලානේ තිබ්බේ මේ මාසෙට. 26 (Due date) පහු වෙච්ච ගමන් ඊළග මාසේ වාරිකේ කපා ගන්නවාද. බිල හැදෙනකල් ඉන්නේ නැද්ද. බිල හැදෙන්නේ 6 වෙනිදා

    මට පේන විදිහට 2400ක පෙන්ඩින් transaction එකක් තියනවා. තාම අප්ඩේට් වෙලා නෑ. Available Balance එක pending එක include කරලා සහ Current Balance එක පෙන්නන්නෙ pending transaction include කරන්නෙ නැතුව.

    නෑ වරිකේ 13 ගෙව්වේ ඒක ගෙවිලා තියෙනවා. වෙලා තියෙන්නේ Due date එක පහු උන ගමන් වැඩිපුර දාපු ගානින් ඊළග මාසේ වාරිකෙ කපාගෙන. ඒ කියන්නේ පෙබරවාරි 26 ගෙවන්න තියෙන එක දැන් දාපු එකින් කපාගෙන
    ------ Post added on Jan 29, 2021 at 1:29 PM

    menna thiyanawa kepena piliwela
    ඔව් මේක තමයි වෙලා තියෙන්නේ. අවුල තියෙන්නේ පෙබරවාරි මාසේ බිල හැදෙන්නත් කලින් බිල කපාගෙන
    ------ Post added on Jan 29, 2021 at 1:30 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඔය commercial එක නම් පිස්සුවක්. ඔකේ හරිම balance එක බලාගන්න පුලුවන් උබ ඔකෙන් payment එකක් කරහම එන msg එකෙන් ඒකෙ වැටෙනවා හරියටම ඉතිරි වෙලා තියන balance එක. ඔය statement එක මන් බලන්නේ කියක් ගෙවන්න ඔනේද කියලා විතරයි වෙන ඔකේ තියන මොන මගුලක්වත් පැහැදිලි නෑ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    නෑ වරිකේ 13 ගෙව්වේ ඒක ගෙවිලා තියෙනවා. වෙලා තියෙන්නේ Due date එක පහු උන ගමන් වැඩිපුර දාපු ගානින් ඊළග මාසේ වාරිකෙ කපාගෙන. ඒ කියන්නේ පෙබරවාරි 26 ගෙවන්න තියෙන එක දැන් දාපු එකින් කපාගෙන
    ------ Post added on Jan 29, 2021 at 1:29 PM
    වැඩිපුර දාපු එකෙන් ආපහු කපලා නෙමේ එකම මාසෙ දෙපාරක් වාරිකෙ කපල. උඹ manually එක පාරක් ගෙවලා, වෙනදා කැපෙන විදිහට තව පාරක් ඔටෝ කැපිලා. බැලන්ස් එක අප්ඩේට් වෙලා නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔය commercial එක නම් පිස්සුවක්. ඔකේ හරිම balance එක බලාගන්න පුලුවන් උබ ඔකෙන් payment එකක් කරහම එන msg එකෙන් ඒකෙ වැටෙනවා හරියටම ඉතිරි වෙලා තියන balance එක. ඔය statement එක මන් බලන්නේ කියක් ගෙවන්න ඔනේද කියලා විතරයි වෙන ඔකේ තියන මොන මගුලක්වත් පැහැදිලි නෑ

    මටත් මුලින් මුලින් ගොඩක් අපහැදිලි තැන් තිබ්බා විශෙෂයෙන් Available balance කියන Current Balance දෙක. Current Balance කියන එක ගැලපෙන්නේ නෑනේ. දැන්නම් ගොඩක් දේවල් පැහැදිළියි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    වැඩිපුර දාපු එකෙන් ආපහු කපලා නෙමේ එකම මාසෙ දෙපාරක් වාරිකෙ කපල. උඹ manually එක පාරක් ගෙවලා, වෙනදා කැපෙන විදිහට තව පාරක් ඔටෝ කැපිලා. බැලන්ස් එක අප්ඩේට් වෙලා නෑ.
    එහෙම වෙන්න විදිහක් නෑනේ මන් කලින් දාපු ගාන Available එකට එකතු වෙලත් තිබ්බානේ. Pending වුනා නම් එහෙම වෙන්නේ නෑනේ.මට හිතෙන්නේ මම දෙවෙනි Payment එක Due date එක පහු වෙලා කරපු නිස ඊළඟ මාසේ ගෙවන්න තියෙන එක කපාගෙන කියලා

    ooke ati mchan total outstnding kiyala eka anna eka tiyena full balance ekama 26t kalin gewala danna. etakota interset monwata add wenne naha.
    26 gevanna thiyena total ourstanding eka 13 gevva machan. prashnea thiyennea apahu 28 th eaka kapagena. prashne thiyenne eka february bill eken kapagenada naththan januarry ekama deparak aragenada kiyala
    ------ Post added on Jan 29, 2021 at 1:43 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    මෙහෙමනේ ගොඩක් installment වෙන්නේ..
    හිතහන් උබ 100,000 ලිමිට් එකෙන් 70ක් ගන්නවා.. handling fee එකත් එක්ක 80i..(optional) මාස 10 ක් ඇතුලට මාසෙට 8 ගානේ ගෙවන්න..

    උබේ statement date එක 6 නේ.. due date එක 26 නේ.. එතකොට 6 වෙනිදා හැදෙන statement එකට අනිවා අන්තිම entry එක විදිහට අර 8,000 add වෙනවා උබ කලින් ගෙවල් තිබ්බත් නැතත්.. උබ 80 ම එක පාර ගෙව්වත් මාසේ ගානේ මාස 10ක් යනකන් අර 8000 statement එකේ අන්තිමට add වෙනවා.. (early settlement නැත්තම්)

    ඊට පස්සේ පස්සේ උබ statement date එකට කලින් අර 8,000 ගෙවල account එකට වැටිලා තිබ්බොත් උබේ statement balance එක අඩු වෙනවා.. ඒ කියන්නේ ඒ එන statement එකේ උබ ගෙවපු ගාන ගෙවපු එකක් විදිහට වැටිලා ඒ වගේම අර installment amount එක expense එකක් ව්දිහට වැටිලා..
    මේ විදිහේ statement එකක්..

    උබේ ඒ මාසේ කරපු අනික් tnxs - 5,000
    මාසේ මැද ගෙවපු ගාන - (8,000)
    installment 1st ඔෆ් x - 8,000
    statement balance - 5,000
     
    • Like
    Reactions: senewimala1988

    මෙතන Payments දෙකක්නේ මචන් එකක් X කියමුකො අනිත් එක Y. X කියන්නේ වාරිකයක් Y කියන්නේ වාරික විදිහට හදාගත්තු නැති එකක්. මම x නියමිත Due date (26) එකට කලින් ගෙවනවා මට දැන් Y වලින් කොටසක් අඩු කරගන්න ඕනේ. මම ඒකෙනුත් කොටසක් ගෙවනවා (28). ඒත් ඒකෙනුත් x දෙවෙනි පාරටත් කැපිලා ඉතුරු ගාන තමයි Y එකෙන් කැපිලා තියෙන්නේ. ඇයි එකම මාසේ අර X දෙපාරක් කැපුනේ.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    හරි දැනුයි වැඩේ තේරුනේ.. උබ 13 ගෙවල තියෙන්නේ කලින් add වෙච්ච installment එක.. ඊට පස්සේ 26 statement එක එද්දිත් add වෙනවා තව installment එකක්.. එතකොට උබ 27 ගෙවද්දී උබේ balance එකේ ඒ installment එක තියෙනවා.. එකයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    හරි දැනුයි වැඩේ තේරුනේ.. උබ 13 ගෙවල තියෙන්නේ කලින් add වෙච්ච installment එක.. ඊට පස්සේ 26 statement එක එද්දිත් add වෙනවා තව installment එකක්.. එතකොට උබ 27 ගෙවද්දී උබේ balance එකේ ඒ installment එක තියෙනවා.. එකයි

    ඔව් එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ මම ගෙවපු 4500 සම්පුර්ණයෙන්ම මට Y ගෙන් විතරක් අඩු කරගන්න ඕනේ නම් 26 ට කලින් ගෙවන්න තිබ්බ නේද? අනික බිල හැදෙන්නේ 6 වෙනිදානේ බිල හැදෙන්නත් කලින් එහෙම ඊළඟ මාසේ ගෙවන්න තියෙන වාරිකේ කැපෙන්න පුලුවන්ද?