Credit card statement එක තෙරෙන්නේ නෑ

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම ක්‍රෙඩිට් කාඩ් subject එකට අලුත්. ක්‍රෙඩිට් කාඩ් statement එක ගැන අවුල් ගොඩක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවා නම් තෙරුම් කරලා දෙන්න පුලුවන්ද.මුලින් මම හිතාගෙන ඉන්න විදිහයි ඊට පස්සෙ මට වෙලා තියෙන දේයි කියන්නම් මට ඒක පැහැදිලි කරලා දෙන්න.

    මම හිතාගෙන ඉන්නේ මෙහෙමයි:

    කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් විස්තරේ Online banking වලින් චෙක් කලාම ඒකේ Available Balance සහ Current Balance කියලා දෙකක් තියෙනවා. Available Balance කියන්නේ මට දැනට ගන්න පුලුවන් ගාන. Current Balance කියන්නේ මම කාඩ් එකට දාන්න තියෙන ගාන. ඒක හරිද.

    එතකොට Statement එකේ තව දෙකක් තියෙනවා. එකක් Last Statement Balance අනිත් එක Due Date එක .Last Statement Balance කියන්නේ මන් අවසානෙ ගෙවලා තියෙන ගාන හෝ ගෙවලා නැත්තන් ගෙවන්න තියෙන ගාන. Due Date එක කියන්නේ Last Statement Balance එකේ තියෙන ගාන ගෙවන්න තියෙන අවසාන දිනය. ඒකත් හරිනේ.

    දැන් මම කියන්නේ මට වෙච්ච දේ පිළිවෙලට (සිංගර් එකට වාරික විදිහට ගෙවන්න තියෙන්නේ කීල්ස් එකට වාරික විදිහට නෙමේ. මීළ ගනන් ආසන්න ගානක් දාලා තියෙන්නේ)

    මට Singer එකට හැම මාසෙම 26 වෙනිදා වෙද්දි 2467 ක් ගෙවන්න තියෙනවා.

    ජනවාරි 26 වෙනිදා වෙද්දි ගෙවන්න තියෙන 2467 මම ගෙවනවා ජනවාරි 13 වෙද්දි

    ඊට පස්සෙ මම කීල්ස් එකෙන් 15500 ක බඩු ගන්නවා.ආපහු සතියකට පස්සෙ කීල්ස් එකෙන්ම 3200 ක බඩු ගන්නවා. එතකොට මගේ Current Balance එක 18700 කියලා වැටෙනවා. Available Balance එක 20000 ගානක් කියලා තියෙන්නේ. ඒකත් හරි ප්‍රශ්නයක් නෑ.

    හැබැයි ප්‍රශ්නේ එන්නේ ඊට පස්සේ

    මට ඕනේ වෙනවා අර 18700 න් කොටසක් අඩු කරගන්න. මම ඒ වෙනුවෙන් 27 වෙනිදා ගෙවනවා 4500 ක් මම හිතුවේ අර 18700 ක් තිබ්බ එකෙන් ඒ 4500 අඩු වෙලා 14200 ක් වෙලා Available Balance එකත් 24500 ක් වෙයි කියලා.

    Available Balance එක 24500 ක් වෙලා තියෙනවා ඒකත් හරි

    ඒත් අර එකේ 18700 අඩුවෙලා තියෙන්නේ 16600 වෙනකල් විතරයී ඒකට හේතුව ගෙවපු 4500 න් 2467 ක් ආපහු Singer එකේ වාරිකේට කපාගෙන ඒ කියන්නේ 26 වෙනිදා ගෙවන්න තිබ්බ වාරිකේ මන් 13 වෙනිදා ගෙව්වත් ආපහු 28 වෙනිදා වරිකේ කපාගෙන ඉතුරු ගාන තමයි අර 18700 න් අඩුකරලා තියෙන්නේ.

    මේක වෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද

    මට Singer එකට හැම මාසෙම 26 වෙනිදා වෙද්දි 2467 ක් ගෙවන්න තියෙනවා. - මෙතන ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. ඔයාගේ statement එක generate වෙන්නේ මාසේ මුල නම්, කලින් statement date එකේ ඉදල, ඒ දවස වෙනකන් transaction විතරයි ඔයාගේ statement එකේ තියෙන්නේ. Installment due එක card එකට debit wenne , 26 වෙනිදා transaction එකක් විදිහට. ඉතින්, හොදම දේ due date එක ආවම, settle කරන එක. එතකොට ඔය confusion එක නෑ .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    ඔව් එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. ඒ කියන්නේ මම ගෙවපු 4500 සම්පුර්ණයෙන්ම මට Y ගෙන් විතරක් අඩු කරගන්න ඕනේ නම් 26 ට කලින් ගෙවන්න තිබ්බ නේද? අනික බිල හැදෙන්නේ 6 වෙනිදානේ බිල හැදෙන්නත් කලින් එහෙම ඊළඟ මාසේ ගෙවන්න තියෙන වාරිකේ කැපෙන්න පුලුවන්ද?

    uba oya 16 wenida gewapu eka 26 wenidata set wena installment eka nemei..

    12/06 idan 01/06 wenakan thibba statement period eke installment eka... 06 wenida statement eka close wela hadena balance eka gewanna ubata 26 wenakan grace period ekak denawa... oka thamai saralawa CC wala wenne..