Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..

ණය සහ හර කාඩ්පත් මගින් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ) මෙරට සිට විදේශ රටකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගනුදෙනුකරු අය බද්දකට යටත් කිරීමට රජය තීරණය කර ඇත.මුදල් පනත සංශෝධනය කරමින් රජය විසින් මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මෙරට සිට විදේශ රටවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතින් ගනුදෙනු කරන සෑම කෙනකුගෙන්ම මෙම අය බද්ද අය කෙරේ.
භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත හරහා ශ්‍රී ලංකාවෙන් යවන මුදල මත සියයට 3.5 ක බද්දක් අය කරන බව පනත් කෙටුම්පතේ දැක්වේ. භාණ්ඩ හා සේවාව මිලට ගන්නා මුදල මෙරටින් ප්‍රේෂණය කරන අවස්ථාවේදීම ඊට අදාළ බදු මුදල එම කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් එකතුකර ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලබා දියයුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට නියමිතය.
lanka C news
ළඟදීම ස්ටේජ් එකේදී තප්පුලෑමට නියමිතයි - ඕක අසාදරනයි..ජනතාව හුස්මගන්නේ අමාරුවෙන්. මම ආවම ජනතාවගේ බදු බර අඩු කරනවා.ඕක අහෝසි කරනවා.