Cricket Ground Ekak පොළොන්නරුවටත්
වී මිලදී ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා රට පුරා ගබඩා පහසුකම් වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට අද (14) උපදෙස් ලබාදුන්නා. ඒ, පොළොන්නරුව අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.
අවශ්‍යතා හඳුනාගෙන තාවකාලික ගබඩා හෝ ඉදිකරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් පවතින විරෝධතා පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරුණා. ජනාධිපතිවරයා කියා සිටියේ නව වැඩපිළිවෙළට ඇතැම් පිරිස් මෙවැනි විරෝධයක් දක්වන්නේ කරුණු වැරදි ලෙස තේරුම්ගෙන බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට හා හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපොළ නවීකරණය කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
පොළොන්නරුවටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්