COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් හිමිවිය යුතු මුදලේ පළමු වාරිකය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයක් අනාවරණයවීමෙන් පසු මෙලෙස දකුණු අප්‍රිකානු තරගාවලියේ ද මුදල් පෞද්ගලික ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු අනාවරණ විය.
පියල් නන්දන දිසානායක මහතා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.