CSN, ජාතික රූපවාහිණිය පරදා ඔලිම්පික් අයිතිය &#

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    CSN, ජාතික රූපවාහිණිය පරදා ඔලිම්පික් අයිතිය &#

    එළඹෙන ජූලි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2012 ඔලිම්පික් තරඟාවලිය ලංකාව තුල විකාශණය කිරීමේ නිල අයිතිය ලබාගන තිබුනේ ජාතික රූපවාහිනියයි. ලංකාවට රූපවාහිනිය ලැබුන දා පටන් මෙතෙක් කල් ඔලිම්පික් තරඟ විකාශණය කළේද ජාතික රූපවාහිනියයි.

    එම අයිතිය ලබාගැනීමට CSN නාලිකාවද උත්සාහ කළා. රුපවාහිණිය මුදල් ගෙවා ලබාගත් ඔලිම්පික් තරග විකාශන අයිතිය CSN නාලිකාවට නොමිලේ විකාශනය කිරීමට සහ සම අයිතිය ලබාදෙන ලෙස CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිශාන්ත රණතුංග, රුපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක වෙත ලිඛිතව දැනුම්දී තිබුණා.

    නමුත් ඔවුන් සියල්ලම පරදවා ලන්ඩන් ඔලිම්පික් උළෙල මෙරටදී සජීවීව විකාශය කිරීමේ නිල අයිතිය MTV සහ MBC ආයතන ලබාගන තිබෙනවා. මේ සඳහා ඔවුන් විසින් වැඩි මුදලක් ගෙවා තිබෙ බවයි වාර්තා වෙන්නේ.

    ඔලිම්පික් විකාශන අයිතිය ඔවුන් හට ලැබීමත් සමග නව තේමාවත් යටතේ එහි පුර්ව ප්‍රචාරක පටය ඊයේ දිනයේ දි විකාශනය කරන ලදි. එය චැම්පියන් නෙට්වර්ක්ස් යනුවෙන් නම් කර තිබු අතර MTV සහ MBC නාලිකා 7 ම ඔලිම්පික් උළෙලේ තරග අවස්ථා සජීවීව ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා.