[Ctrl] + [Alt] + [DELETE] සහ ජීවිතයේ අරමුණු
ජීවිතය තුල බලාපොරොත්තු, සිහින, අරමුණු
විය ගොඩක් විසිරි... අද. හැම තැනම ....
කලක් ගතවුනු විට සමහරක් ඉන් මැකී යනු
ඇත නොදැනීම.... නොකියාම
ඉටුනොවු දේ ගැන කනගාටුවී පලක් නැති මුත්
සිතින් වියැකුනු ඒ සිහින අද මතක් වේ විටින් විට.....
පලක් නැත අද ඉන්....
කාලය ගතව ඇත මටද නොකියාම අද.
පරිඝනකයද අසල හිඳගෙන කල්පනා කරමින්
සිටින විට එයත් නොදැනීම ඇත...නිසොල්මන්ව
Task Manager පිහිට පැතුවෙමි.... නැවත පරිඝනකයට පණ දෙන්න
එහි සැඟව ගිය අරුත වැටහුනා....
කිසිදිනක නොසිතු ලෙසින...
කෙතරම් වැඩ අධික වුද...එය අනලස්ව සිදු කරයි
වැඩ සියල්ලම පිළිවෙලට....
හැම වැඩක් වෙනුවෙන්ම... වටිනාකමක් දී තිබෙයි...
අඩු, වැඩි ලෙසින් සියළු දේ අවසන් කරයි.... ඉක්මනට...
අතපසු නොවේ කිසි දෙයක් ඒ නිසා කිසි දාක.
ජීවිතේ අරමුණු වෙනුවෙන් වටිනාකමක්...
නියම කලේ නම්..... ඒ ලෙසම...
සියළු අරමුණු ජය ගන්ට හැක.....
නොවි පසුතැවිලි...... මතු දාක....
යන්ත්රයක් වුවද, මිනිසෙක්ට තේරුම් කර දුන්
ඒ පාඩමට තුති පුදමි අද මේ ලෙසට....