CV එකක් හදන හෑටි...

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    CV එකක් (ජීව දත්ත පත්‍රිකාව) පිළියෙළ කිරීමේදී බැහැර කළ යුතු කරුණු 10ක් පිළිබඳ ඔබට තොරතුරු ලබාදීමට අපි තීරණය කළෙමු.


    රැකියාවකට ඉල්ලුම් පතක් යොමු කිරීමේ දී වඩාත් විස්තරාත්මක ව රැකියා ඉල්ලුම් පත‍්‍රය සකස් කර යැවීම රැකියා අපේක්ෂකයෙක් තමාටම කර ගන්නා හානියකි.


    ඒ හේතුවෙන් ක‍්‍රමාණුකූලව CV එකක් සෑදීමට වගබලාගත යුතු ය. සේවා යෝජකයින්ට අනවශ්‍ය, විස්තරාත්මක ව්‍යාජ තොරතුරු කියවීමට තරම් කාලයක් හෝ ඉවසීමක් නොමැත. හුදෙක් මුලික සහ වැදගත් කරුණු පමණක් ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත් වේ.


    පහත දැක්වෙන්නේ රැකියා ඉල්ලුම් පත‍්‍රයකින් බැහැර කළ යුතු කරුණු සහ හේතු 10කි.


    1. අපැහැදිලි ඡායාරූප


    රැකියාවකට ඉල්ලුම් කිරීමේ දී ඔබගෙන් ඡායාරූපයක් සමග ඉදිරිපත් කරන්නයි ඉල්ලා සිටින අවස්ථාවක පැහැදිලි ජායාරූපයක් සමග ම ඉදිරිපත් කළ යුතු ය. රැකියා අතරින් ඉතාමත් අතලොස්සක් මෙය ඉල්ලා සිටි.


    2. අභිරුචිය සහ විනෝදාංශය



    ඔබ ඉල්ලුම් කරන රැකියාවට ඔබගේ අභිරුචියන් සහ විනෝදාංශ අතර කිසිම සම්බන්ධයක් නොමැති ඒවා අන්තර්ගත කිරීම අවශ්‍ය නොවේ. රැකියා ඉල්ලුම් පත‍්‍රය සමග ඉදිරිපත් කරන ලිපියේ පොදුවේ ඔබ ඉල්ලුම් කරන රැකියාව හා ඔබගේ විනෝදාංශ අතර සම්බන්ධයක් ඇති අයුරින් අන්තර්ගත කරන්න. නොඑසේ නම් සම්මුඛ පරීක්ෂණයේ දී ඔබගෙන් රැකියාවට අමතර ව කුමක් කිරීමට කැමතක් ඇත්දැයි විමසුවොත් ඔබට ඔබගේ විනෝදාංශ පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම ද කළ හැකි ය.


    3. වැරදි අක්ෂර වින්‍යාසය සහ වැරදි ව්‍යාකරණය


    ඔබ විසින් පිළියෙළ කර යවන රැකියා ඉල්ලුම් පත‍්‍රයේ වැරදි ලෙස කරුණු දක්වා සිටීම, වැරදි අක්ෂර වින්‍යාසය වැනි දේවලින් සේවා යෝජකයා එළැඹෙන මතයවන්නේ, ඔබව ඔහුගේ ආයතනයේ සේවා නියුක්ත කිරීමෙන් ද මෙවන් වැරදි ,අඩු සැළකිල්ලෙන් කටයුතු කිරීම් වැනි දෑ එම ආයතනය තුළ ද ඔබ විසින් සිදු විය හැකි ය යන්නයි.
    ඔබගේ අක්ෂර වින්‍යාසය පිළිබඳ සැළකිලිමත්වීමෙන් බොහෝ අඩු පාඩු, වැරදි දැකගත හැකි වේ. එමගින් වැදගත් යමක් මගහැරී යාමට ද හැකිය. ඔබ විසින් රාත‍්‍රි වැඩ මුරය කරන ලද්දේ ද? මෙහි දී ඔබට ”‍මු”‍ සහ ”‍ය ”‍ අතරට ”‍ර”‍ ඇතුළත් කිරීම මගහැරුනොත්? එමනිසා ඔබගේ රැකියා ඉල්ලුම් පත‍්‍රය සේවා යෝජකයාට ඉදිරිපත් කිරීමට ප‍්‍රථම නැවත නැවතත් හොඳින් පරික්ෂා කර බලා එය සේවායෝජකයාට ඉදිරිපත් කළ යුතු ය.


    4. පෞද්ගලික ලක්ෂණ


    රැකියා ඉල්ලුම්පතක් සමග ජායාරූපයක් ඉදිරිපත් කරනවා මෙන් ම, ඔබගේ උස, බර, වයස, ජාතිය හෝ ආගම යනාදී විස්තර සේවා යෝජකට අනවශ්‍ය තොරතුරු වේ. නීති විරෝධී වුව ද මේ තොරතුරු මත පදනම් ව සමහරක් සේවයෝජකයෝ රැකියා ඉල්ලුම් කරුවන්ට වෙනස්කම් ද සිදු කරයි. ඔබගේ රැකියා ඉල්ලුම් පත‍්‍රයේ රැකියාවට අදාල තොරතුරු පමණක් ම ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත් වේ.


    5. සාරාංශගත විස්තර


    කළමනාකරුවක් රැකියාවකට බඳවා ගැනීමේ දී මෙතෙක් ඔහු කළ රැකියාවන්හි සිදු කළ සියළු කාර්යයන් පිළිබඳ විස්තර දැන ගැනීම අවශ්‍ය නොවේ. එය හුදෙක් තොරතුරු ගොණුවක් පමණක්වන අතර ඉන් භාගයක් පමණ තොරතුරු අනවශය වේ. ඔබගේ රැකියා ඉල්ලුම්පත දුටු සැනින්ම ඔබ වැදගත් රැකියා අපේක්ෂකයකු බව සේවා යෝජකයකුට හැඟිය යුතු ය. ඒ හේතුවෙන් ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල කරුණු පමණක් රැකියා ඉල්ලුම් පත‍්‍රයක ඇතුළත් කළ යුතු අතර අනෙකුත් අනවශ්‍ය දීර්ඝ විස්තර බැහැර කළ යුතු ය.


    6. ව්‍යාජ තොරතුරු


    කිසිවෙකුටත් බොරුකාරයකු බඳවා ගැනීමට අවශ්‍යවන්නේ නැත. ඔබට උපාධියක් ඇති තැන විශේෂ උපාධියක් ඇති බවට නොපවසන්න. ඔබව රැකියාවෙන් නෙරපා හැරපු ස්ථානයක තවමත් රැකියාවේ නියැළෙ‍න බවට නොපවසන්න. ඔබ ලැබූ වේතනය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමේ දී ලැබූ වේතනයට වඩා 20% වැඩියෙන් ලැබූ බවට නොපෙන්වන්න. ඔබ පවසන සියළු දේම සේවා යෝජකයාට තහවුරු කරගත හැකි වේ. ඒ හේතුවෙන් ප‍්‍රවේසම්කාරී මෙන් ම අවංක ද විය යුතු ය.


    7. නොගැලපෙන වර්ණ සහ මුද්‍රිත අකුරු වර්ග


    නොගැලපෙන මුද්‍රිත අක්ෂර හා නොයෙකුත් ලක්ෂණ ආදිය ඇතුළත් කර සකස් කරන ලද ප‍්‍රතිදීප්ත රැකියා ඉල්ලූ‍ම් පත‍්‍රයක් දැක බලා ගැනීමට කිසිවෙකුටත් අවශ්‍ය නොවේ. පැහැදිලි සහ කියවීමට පහසු කළු වර්ණයෙන් අක්ෂර වර්ගයක් භාවිතා කරන්න. ඔබගේ රැකියා ඉල්ලුම් පත‍්‍රය කියවීමට අපහසු කරන යම් කිසි දෙයක් ඇත්නම් එය කියවීමෙන් බැහැරවීමට ඇති අවස්ථාව බහුල ය.


    8. පෞද්ගලික තොරතුරු


    ඔබගේ පෞද්ගලික වෙබ් අඩවියට පිවිසීමේ ලිපිනයන්, ඔබගේ ජයාරූප ඇති ජාලයන්වල ලිපිනයන්, හෝ අමුතු ආකාරයට සැකසු විද්‍යුත් තැපැල් ලිපිනයන් ආදිය ඇතුළත් කිරීමෙන් වැළකිය යුතු ය. ඊ-මේල් ලිපිනයක් කැපිටල් අකුරින් සඳහන් නොකරයි. එසේ ම ඊ-මේල් ලිපිනය අතර හිඩැසක්ද නොතබා සඳහන් කළ යුතු ය.


    9. ඍණාත්මකභාවය


    ඔබගේ රැකියා ඉල්ලුම් පත‍්‍රයේ ඍණාත්මක දේවල් ඇතුළත් කිරීමෙන් වළකින්න. සේවය අතහැර යාමේ හේතුන් වැනි දේ ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබ නියැළී සිටි තනතුරෙන් ඔබව නවත්වා හෝ නෙරපාහැර ඇත්නම් ඒ පිබළිඳ විමසුවොත් පමණක් කරුණු දක්වන්න. කිසිවිටකත් පෙර රැකියාවේ සේවා යෝජකයා පිළිබඳ දොස් ඉදිරිපත් කිරීමෙන් වළකින්න. රැකියා ඉල්ලුම් පතක ඇති හිඩැසක් අවුරුදු 10 ක් සිරගත ව සිටියා කියා කිසිවිටකත් පැහැදිලි කිරීමට උත්සහ නොකළ යුතු ය. නිතරම ඔබගේ රැකියා ඉල්ලුම් පත ධනාත්මකව ම සකස් කරන්න.


    10. සරළ යම් දෙයක්


    ඔබ ආයතනයට සුදුසු ගැළපෙන පුද්ගලයකුදැයි නිගමනයකට එළැඹීමට සේවා යෝජකයෝ උත්සාහ කරති. එමනිසා රැකියා ඉල්ලුම් පතේ ඉදිරිපත් කරන සැම කරුණක් ම ඔබේ පළපුරුද්ද විදහාපාන අයුරින් ඉදිරිපත් කළ යුතු ය. "‍මුල්‍ය ආයතනයක පූර්ණ කාලීන තනතුරක් ලබා ගැනීම සඳහා"‍ වැනි සාමාන්‍ය ප‍්‍රකාශනයකට වඩා ඔබ ලබා ඇති සුදුසුකම්වල සාරාංශයක්, ඔබ ලබා ඇති නිපුණත්වයන්, හා ඔබගේ පසුබිම වැනි දෑ කෙරෙහි සේවායෝජකයන් අවධානය යොමු කිරීමට පොළඹවයි.


    උස්සපු එකකි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    5. සාරාංශගත විස්තර


    කළමනාකරුවක් රැකියාවකට බඳවා ගැනීමේ දී මෙතෙක් ඔහු කළ රැකියාවන්හි සිදු කළ සියළු කාර්යයන් පිළිබඳ විස්තර දැන ගැනීම අවශ්‍ය නොවේ. එය හුදෙක් තොරතුරු ගොණුවක් පමණක්වන අතර ඉන් භාගයක් පමණ තොරතුරු අනවශය වේ. ඔබගේ රැකියා ඉල්ලුම්පත දුටු සැනින්ම ඔබ වැදගත් රැකියා අපේක්ෂකයකු බව සේවා යෝජකයකුට හැඟිය යුතු ය. ඒ හේතුවෙන් ඔබ ඉල්ලුම් කරන රැකියාවට අදාල කරුණු පමණක් රැකියා ඉල්ලුම් පත‍්‍රයක ඇතුළත් කළ යුතු අතර අනෙකුත් අනවශ්‍ය දීර්ඝ විස්තර බැහැර කළ යුතු ය.

    me uda tiyena eka ain karana oneda bun

    api kalin job kale koheda ewaye mona mona dewal da cover kale kiyala normally danawane
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හැමෝට වැදගත් වෙන ලිපියක් :)

    ස්තූතී මචෝ