cyber ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
cyber ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ?

මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම, අවසරයකින් තොරව ගැහැණු ළමයින් සහ කාන්තාවන්ගේ නුසුදුසු ජායාරුප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීමය. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි හරහා කාන්තාවන් සහ ගැහැණු ළමයින් බිය වැද්දවීමද මෙයට ඇතුලත් ය.



මේ සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද?

ජායාරුප සහ / හෝ පුද්ගලික තොරතුරු හුවමාරු කරගැනීමේදී ආරක්‍ෂිත පියවර අනුගමනය කරන්න. එමෙන්ම එකී තොරතුරු විශ්වාසවන්ත පුද්ගලයින් සමඟ පමණක් හුවමාරු කරගන්නා බවට සහතික කරගන්න.

පරිඝනක යන්ත්‍ර සහ ජංගම දුරකථන වල ඇතුලත් පුද්ගලිකත්වය ආරක්ෂා කරන යෙදුම් භාවිතා කරන්න.

ඔබ සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවකු නම් හෝ එවැනි ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වූවකු පිලිබඳ ඔබ දන්නේ නම්,

* ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

* පැමිණිල්ලේ පිටපත සහ අනු අංකය ලබා ගන්න.

* පොලිස් සයිබර් අපරාධ අංශය වෙත පැමිණිල්ලක් කරන්න.

* කාන්තා පිහිට සංවිධානයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.



source http://thewoman.lk/cyber-sexual-violence-for-girls-childrens-teenagers-in-sri-lanka/