යාළුවනේ මම අන්තර්ජාලයෙන් බුද්ධ ධර්මය ගැන හොයන කොට අහන්බයෙන් තමා මෙම අඩවිය හමු උනේ. මට හිතුනා EK ඒකේ අපේ යාළුවන් එක්කත් බෙදා ගන්න එක හොඳයි කියලා.
මෙම අඩවියේ හැඳින්වීම පහත දක්වා තිබෙනවා.. හොඳ නම් REP දාන්නකෝ
sry if repost
මෙම අඩවියේ හැඳින්වීම පහත දක්වා තිබෙනවා.. හොඳ නම් REP දාන්නකෝ
sry if repost
දහම් සයුර
දහම්පාසල් පළවන ශ්‍රේණියේ සිට දහම්පාසල් අවසාන ශ්‍රේණියේ හා ධර්මාචාර්ය දක්වා නිර්දේශිත දැනුම ඉ - පොත් ලෙස අන්තර්ජාලගත කිරීමත්, එහි අඩංගු ගාථා හා දහම් කවි හඬ පට ලෙස අන්තර්ජාල ගතකිරීමත් මගින් ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය ඔස්සේ මෙම තොරතුරු නැරබීමට මෙන්ම සවන්දීමටද අවස්ථාව උදාකරදීම මගින් දහම් අධ්‍යාපනය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ පළමු අදියර මෙසේ ආරම්භ වූ වගයි.
ඉ - පොත් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කර ගැනීමට පහසුකම් සැළසීමත්, දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොමැති පුද්ගලයන්ට මේ තුළින් දහම්පාසල් අධ්‍යාපනය ලබාගැනීමට පහසුකම් සැලසීම, දහම් පාසල් ගුරුවරුන්ට ඉ අධ්‍යාපනය පිළිබදව අවබෝධයක් ලබාදීම, දහම් පාසල් සිසුනට ස්වයං අධ්‍යයනය සදහා අවස්ථාවක් සැලසීමත් අවසාන වශයෙන් සදාචාරාත්මක සමාජයක් බිහිකිරීමත් දහම් සයුරේ අරමුණු අතර වේ.
මෙමම දහම්සයුර, ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතා දුෂ්කර කණ්ඩියපිටවැව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි කණ්ඩියපිටවැව නැණසල මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.