Online Money හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන්… ඒත්…
මේ කියන්න යන කතාව ඕනේම market එකකට අදාළ නිසා අපි Online Money පොඩ්ඩකට අමතක කරලා ලංකාවේ කොටස් වෙළඳපළ ගැන කතා කරමු.
අපි ගනිමු ආයෝජකයෝ දෙන්නෙක්. එක්කෙනෙකුට හොඳට වත තියෙනවා. එයාගේ මුළු ප්රාගග්ධනය රු. මිලියන 10 යි. අනිත් එක්කෙනා තාම පටන් ගත්ත ගමන්. ඒ නිසා බොහොම සකසුරුවම් සහගතව තමයි ආයෝජන කටයුතු කරන්නේ. එයාගේ ප්රාෙග්ධනය රු. 100,000 යි. මේ දෙන්නම දකිනවා ඉස්සරහට Mitsubishi වාහන ගෙන්වන United Motors සමාගමේ කොටස් මිල ඉහළ යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා කියලා. ඒ නිසා දෙන්නම තමන්ගේ මුළු ප්රානග්ධනයෙන් 10%ක් යොදවලා රු. 100 ගානේ කොටස් මිලදී ගන්නවා.
හිතුවා වගේම මාසයක් යන්න කලින් කොටස් මිල රු. 120ට ගියා. දැන් මේ දෙන්නම තම තමන්ගේ කොටස් විකුණලා 20%ක ලාභයක් ලබනවා. මෙච්චර වෙලා අපි කතා කළේ ප්ර්තිශත වලින් නේ. දැන් අපි බලමු මේ දෙන්නා අත්පත් කර ගත් ලාභයේ මුල්යළමය වටිනාකම කොච්චර ද කියලා.
දෙන්නම අවදානමට ලක් කළේ තමන්ගේ ප්ර ග්ධනයෙන් 10%. දෙන්නටම ලැබුණේ 20%ක ප්රටතිලාභයක්. ඒත් මේ කොටස් ගනුදෙනුව සඳහා,
රු. 1,000,000 අවදානමට ලක් කළ ආයෝජකයාට ලැබෙන ශුද්ධ ලාභය = රු. 200,000
(රු. 1,000,000 x 20 / 100 = රු. 200,000)
රු. 10,000 අවදානමට ලක් කළ ආයෝජකයාට ලැබෙන ශුද්ධ ලාභය = රු. 2,000
(රු. 10,000 x 20 / 100 = රු. 2,000)
අපි හිතමු මේ ප්ර1තිලාභ ලැබුවේ දින 30කින් කියලා. එතකොට,
පළවෙනි ආයෝජකයාට වැයවුණු කාලයට සාපේක්ෂ ප්ර තිලාභය (Daily Rate of Return) = රු. 6,667/=
(රු. 200,000 / 30)
දෙවෙනි ආයෝජකයාට වැයවුණු කාලයට සාපේක්ෂ ප්ර තිලාභය (Daily Rate of Return) = රු. 66.67/=
(රු. 2,000 / 30)
එතකොට කවුද ඇත්තටම දිනලා තියෙන්නේ?
පළවෙනි ආයෝජකයා නේද?
Rich Getting Richer කියන්නේ කට කහනවාට නෙවෙයිනේ…
දැන් ඉතින් ඔබ කලබල වෙන්න නරකයි. මට එච්චර සල්ලි නැහැ. ඒ නිසා මට කවදාවත් Online Money වලින් ගොඩ යන්න බැහැ කියලා කොහොමටවත් හිතන්නට හොඳ නැහැ. මෙතැනදී අපි ටිකක් කට්ට වෙන්න ඕනේ!
මේ කතාව ආපහු වතාවක් කියවලා හරි ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි Online Money වලදී කිසිම ලොකු/පොඩි, ඇති හැකි/නැති බැරි භේදයක් නැතුව හැම කෙනෙකුටම එකම ප්ර තිශත වලින් සල්ලි හොයන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියන එක.
Online Money කරන මමත් ගොඩක් පොඩියට පටන් ගත්තේ. පොඩි කෙනෙක් විදිහට ඔය ඉන්න විදිහටම ඉන්නවාද? නැතිනම් අද ඉදලම දියුණු වෙන්න පටන් ගන්නවාද කියන එක තනිකරම රැඳිලා තියෙන්නේ ඔයා අතේ.
“If you born as a poor that’s not your fault.. If you die as a poor that’s your fault.” – Bill Gates