dakunu kariya... (ice sapa neda meh yanne ?)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,870
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැලිගම ප්‍රදේශයේ සංචාරය කරමින් සිට රාත්‍රියේ මහමග ගමන් කරමින් සිටි විදෙස් කාන්තාවකට පහරදී ඇගේ බෑගය උදුරාගෙන පලාගිය කොල්ලකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලීසිය පවසයි. වැලිගම පොලිස් වසමේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකි. කාන්තාව නෙදර්ලන්ත ජාතික 34 හැවිරිදි ගිණුම් ලිපිකාරිණියෙකි. ඇය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ වැලිගම කප්පරතොට ප්‍රදේශයේ සංචාරක නිවස්නයක නැවතී සිට ඇත.


    ඇය සිද්ධිය වූ දින වැලිගම ප්‍රදේශයේ සංචාරය කරමින් සිට රාත්‍රී ආහාරයද ගෙන නිවස්නයට පාගමනින් යමින් සිටියදී මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ කැලෑබද ප්‍රදේශයකදී මෙය සිදුව තිබේ. එම ප්‍රදේශයේ කැලෑවක් තුළින් එක් වරම පැන ඇති කොල්ලකරුවන් ඇගේ කරේ එල්ලාගෙන තිබූ බෑගය උදුරාගන්නට තැත් කර ඇතත් ඇය එයට ඉඩ නොදී ඔවුන් සමග පොරබදා තිබේ.

    ඒ අවස්ථාවේ එක් කොල්ලකරුවකු ඇයට පහරදීමෙන් පසුව බෑගය උදුරාගෙන පලාගොස් ඇත. බෑගය තුළ යූරෝ 1000ක් හෙවත් රුපියල් 300000 ක් වටිනාකම ඇති අයිපෝන් 8 මාදිලියේ ජංගම දුරකථනයක්ද විදේශීය බැංකුවක ක්‍රෙඩිට් කාඩ් පතක් ද තිබී ඇත. වැලිගම මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඒ.පී.ජී නන්දසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම පෙලීසිය පරීක්ෂණ පවත්වයි.

    සුනිල් ධර්මඛන්දු ද සිල්වා
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    අපෝ දකුණේ එවුන් ඔහොම්මයි..

    මං වාකරෙයිපත්තුවේ..