එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් දශක තුනක් බැට කෑ ජනතාව, තවත් ආකාරයක බේදභින්න කිරීම් තුළින් යළිත් වරක් බැට කන තත්වයට ඇද නොදැමිය යුතු බව හා කවර වූ හෝ බාහිර බලවේගයනට මේ රට තුළ යළි ගිනි ඇවිලීමේ ඉඩ කඩ ආණ්ඩුව විසින් අවහිර කිරීම මේ මොහොතේ ආණ්ඩුවේ අත් නොහැරිය හැකි වගකීමක් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
යළිත් වරක් රට තුළ ජාති හා ආගම් අතර භේද භින්නකාරි තත්වයක් ඇතිවීමේ අවදානම පවතින බවට අනතුරු හගවමින් ඔහු විසින් අද (24) නිකුත්කළ නිවේදනයක එසේ සදහන්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.
යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රි ලංකාව සාමය ල සංහිදියාව හා ජාති ආගම් අතර සහජීවනයෙන් යුතු රාජ්‍යයක් ලෙස ගොඩ නැගෙනු ඇතැයි ජනතාව තුළ වූ බලාපොරොත්තු ඉටුවෙනවා වෙනුවට යළිත් වරක් එකම රටක ජීවත් වන විවිධ ජාතීන් හා විවිධ ආගම් පිලිගන්නවුන් අතර අවිශ්වාසය, සැකය හා ක්‍රෝධය අවුස්සන්නාවූ පසු බිමක් ගොඩ නැගෙමින් පැවතීම කණගාටුවට කරුණකි.
මෙය කිසිසේත්ම පශ්චාත් යුද සමය තුළ මෙරටෙහි බහුතර ජනතාව බලාපොරොත්තු වූ දෙයක් නොවේ.
පසුගිය දා දඹුල්ලේදී උද්ගතවූ සිද්ධිය දෙස මැදිහත්ව බැලීමේදී පැහැදිලි වනුයේ, වත්මන් ආණ්ඩුවට ජනතාව හා විවිධ ආගම් අතර සහජීවනයක් ඇති කිරිම සඳහා උපාය මාර්ගික සැලසුම් හෝ පැහැදිලි දැක්මක් තවමත් නොමැති බවය.
රට පාලනය කිරීම සඳහා විධානය දෙන්නන් ලෙස මෙම අර්බුදකාරි අවස්ථාවේ රජයේ යුතුකම වනුයේ විවිධ ජන කොටස්ල විවිධ ආගම් අතර සහජීවනය පලුදු නොවන සේ නීතිමය ක්රි යා මාර්ග තුළින් විසදුම් සොයා ගැනීමය.
දඹුල්ලේ පසුගියදා ඇතිවූ සිද්ධියේදී යළිත් වරක් ආණ්ඩුව විසින් පැහැදිලි කර ඇත්තේ ආණ්ඩුවට එසේ වූ විධිමත් ක්‍රියාමාර්ගයන් තුළින් ප්‍රශ්නයන් විසදා ගැනීමට වුවමනාවක් නොමැතිබවය.
එසේම, මේ රටේ ජාතීන් හා ආගම් සම්බන්ධව ඇතිවන අර්බුදයකදී ඉල්ලීමක් හා නියෝගයක් අතර වෙනසත්, ඉතාම සංවේදී අවස්ථාවකදී අර්බුදයට මැදිහත්ව සිටින පාර්ශවයන් සටන් බිම රඳවා ගනිමින් කරනු ලබන ඉල්ලීමත්, නියෝගයකට වඩා වටිනා වග වත්මන් ආණ්ඩුව විසින් අවබෝධ කරගෙන නැත.
එවැනි අවාසනාවන්ත තත්වයක් ඇතිවුවහොත් පීඩා විදිනුයේ අන්ත අසරණ තත්වයට පත්ව ඇති අපගේ අහිංසක ජනතාවයි.
කරු ජයසූරිය
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී